ආර්මේනියානු දින දසුන

විකිපීඩියා වෙතින්

ආර්මේනියානු දින දසුන ආර්මේනියාවේ සාම්ප්‍රදායික දින දසුන වෙයි. ක්‍රිස්තියානි ආගම පැමිණීමට පෙර කාල පර්ච්ඡේදයෙහිදී, පැරණි ආර්මේනියාවෙහිදී එය භාවිතා කෙරිණි . පුරාතන ඊජිප්තියානු ආකෘතියෙහි ක්‍රමයම පදනම් කර ගත් සූර්ය දින දසුනක් වන මෙය, අධික අවුරුදු නීතියක් නොමැති, නියත 365-දින වසරක් සහිතය. මෙහි ප්‍රතිඵලයක් ලෙසින්, මෙය සහ ජූලියානු දින දසුන අතර අනුරූපතාවය කාලය සමග සෙමින් වෙනස් වෙයි (ක්‍රිව 1320 ජනවාරි 1 දිනදී වසර 769, ක්‍රිව 1320 දෙසැම්බර් 31 දිනදී වසර 770 සහ, ක්‍රිව 1582 ඔක්තොම්බර් 27 = ග්‍රෙගෝරියානු නොවැම්බර් 6 දිනදී වසර 1032 ආදි වශයෙන්). වසරෙහි පළමු මාසය, නාවසාඩ් අනුරූප වන්නේ උත්තර අර්ධගෝලයෙහි වසන්ත සෘතුව ඇරඹීම හා බවක් සමහරක් මූලාශ්‍ර වෙතින් දක්වන නමුදු, මෙය සත්‍ය වූයේ 9 වන සියවසෙහි සිට 10 වන සිය වස දක්වා පමණි.

"https://si.wikipedia.org/w/index.php?title=ආර්මේනියානු_දින_දසුන&oldid=324661" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි