ආර්ථික විද්‍යඥයා

විකිපීඩියා වෙතින්

ආර්ථික විද්‍යාඥයා යනු, සමාජ විද්‍යාවක් වන ආර්ථික විද්‍යාවේ විශේසඥයෙකි. මොහු ආර්ථික විද්‍යාවේ න්‍යායන් සහ සංකල්ප අධ්‍යනය කිරීම, ගොඩනැගීම හා යෙදවීමත් ආර්ථික ප්‍රතිපත්තිය ගැන රචනා කිරීමක් සිදු කරයි. මෙම ක්ෂේත්‍රය තුළ අනු ක්ෂේත්‍ර රාශියක් ඇත. මේවා දාර්ශනික න්‍යායන්ගේ සිට වෙළඳපොල, සාර්ව ආර්ථික විශ්ලේෂණය, සූක්ෂම ආර්ථික විශ්ලේෂණය හෝ මූල්‍යමය විශ්ලේෂණය වැනි ඉලක්ක ගත අධ්‍යනයන් දක්වා විහිදේ. ආර්ථික මිතිකය, සංඛ්‍යානය, ආර්ථික ගණනය කිරීමේ ආකෘති, මූල්‍ය ආර්ථික විද්‍යාව සහ සංඛ්‍යානය, ආර්ථික ගණනය කිරීමේ ආකෘති, මූල්‍ය ආර්ථික විද්‍යාව සහ ගණිතමය ආර්ථික විද්‍යාව වැනි ක්‍රම සහ මෙවලම් මෙහිදී යොදාගනී.


ශාස්ත්‍රානුකූලව[සංස්කරණය]

ශාස්ත්‍රානුකූලව දක්වා ඇති ආර්ථික විද්‍යවේ වෘත්තීයකරණය 1900 වකවානුවේ සිට ආර්ථික විද්‍යාවේ ඇතිවූ ප්‍රධාන වෙනස ලෙස පැහැදිලි කර තිබේ. බොහෝ ප්‍රධාන විශ්ව විද්‍යාල තුළ ආර්ථික විද්‍යාව සඳහා ශ්‍රාස්ත්‍රීය උපාධි ප්‍රධානය කරන ආර්ථික විද්‍යා පීඨ, පාසල් හෝ දෙපාර්තමේන්තු පිහිටුවා තිබේ. කෙසේ නමුත් බොහෝ ප්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥයන් බිහිවී තිබෙන්නේ ගණිතය, ඉංජිනේරු විද්‍යාව, ව්‍යාපාර, නීතිය, සමාජ විද්‍යාව හෝ ඉතිහාසය යන ක්ෂේත්‍ර තුළිනි.

සෑම වසරකම ආර්ථික විද්‍යා ක්ෂේත්‍රය සඳහා කැපී පෙනෙන බුද්ධිමත් මෙහෙවරක් සිදු කරන්නන් වෙනුවෙන්, 1968දී ස්වෙරිජ්ස් රික්ස්බෑන්ක් (Sveriges Riksbank) විසින් පිහිටුවන ලද නොබෙල් අනුස්මරණ ත්‍යාගය පිරිනමනු ලබයි. සෑම වසරකම ඔක්තෝබර් මාසයේදී සම්මානලාභීන් ප්‍රකාශයට පත්කරනු ලබයි. ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ මරණය අනුස්මරණය කරන දෙසැම්බර් 10 වෙනිදා මොවුන්ට තමන්ට හිමි ත්‍යාගය (මුදල් ප්‍රමාණය, රත්‍රං පදක්කම හා ඩිප්ලෝමාව) ප්‍රධානය කරයි.


වෘත්තීන්[සංස්කරණය]

ආර්ථික විද්‍යාඥයන් ශාස්ත්‍රීය, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වැනි බොහෝ ක්ෂේත්‍ර වල නියැලී සිටි. ඔවුන් ආර්ථික ක්‍රියාකාරකම් වල උපනතීන්, ආර්ථික විශ්‍රම්භ මට්ටම් සහ පාරිභෝගික ආකල්ප සොයා ගැනීම සඳහා දත්ත සහ සංඛ්‍යාද අධ්‍යයනය කරනු ලබයි. මෙම තොරතුරු තක්සේරු කිරීම සඳහා ඔවුන් සංඛ්‍යානමය විශලේෂණයෝ උසස් ක්‍රමයන්, ගණිතය, පරිගනක වැඩසටහන් නිර්මාණය යොදා ගැනීම සහ පද්ධතියක කාර්යක්ෂමතාව වැඩි කිරීමේ ක්‍රම යෝජනා කිරීම හෝ උපනතීන් ඇතිවීමත් සමඟම ඉන් වාසි ලබාගන්නා ආකාරය දක්වයි.

වෛද්‍ය, නීතිය හෝ ඉංජිනේරු වැනි විධිමත් වෘත්තීන් නිර්වචනය කිරීමට වඩා ආර්ථික විද්‍යාඥයා යන වෘත්තීය ප්‍රභේදය නිර්වචනය කිරීම අපහසු වේ. උදාහරණයක් ලෙස නීති උපාධියක් සහ රාජ්‍ය වලංගු පත්‍රයක් හිමි නීතිය ප්‍රගුණකල පුද්ගලයෙකු නීතීඥයෙකු ලෙස නිර්වචනය කල හැකිය. නමුත් ආර්ථික විද්‍යාඥයෙකු සඳහා එසේ නීතියෙන් නියම කරනු ලබන අධ්‍යාපන සුදුසුකමක් හෝ බලපත්‍රයක් නොමැත. සමහර රැකියා මට්ටම් වලදී ආර්ථික විද්‍යාව සඳහා ප්‍රථම උපාධියකට හෝ පශ්චාත් උපාධියකට හිමිකම් කීම ආර්ථික විද්‍යාඥයෙකු වීම සඳහා අවම විස්වාසනීයත්වය ලෙස සැලකේ. කෙසේනමුත් එක්සත් ජනපදයේ ඇතැම් රාජ්‍ය ප්‍රදේශ වල ආර්ථික විද්‍යාව සඳහා විශ්ව විද්‍යාල පාඨමාලා 4ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් හදාරා ඇති පමණින් එම පුද්ගලයා ආර්ථික විද්‍යාඥයෙකු ලෙස සැලකේ. ක්‍රීඩා න්‍යාය, ගණිතමය මූලය වැනි ව්‍යවහාරික ගණිත ක්‍රමයන් හෝ සංඛ්‍යානය වැනි අදාල පුහුණුවක් ලබා ඇති පුද්ගලයෙකුට වෘත්තිය ආර්ථික විද්‍යාඥයෙකු වීම සඳහා අවශ්‍ය කුසලතා ලබාගත හැකිය.

ආර්ථික විද්‍යාවේ ඇති බොහෝ ක්ෂේත්‍ර අතරින් එක් ක්ෂේත්‍රයක වැඩකරන වෘත්තිකයෙකු හෝ මෙම විෂයට අදාලව ශාස්ත්‍රීය උපාධියක් ලබා ඇති පුද්ගලයෙකු බොහෝ විට ආර්ථික විද්‍යාඥයෙකු ලෙස සලකනු ලබයි. එසේම මෙම ඕනෑම ක්ෂේත්‍රයක වැඩකරන පුද්ගලයෙකුට ආර්ථික විද්‍යාඥයෙකු වීම සඳහා හිමිකම් කිවහැක. ලාභ අරමුණු කර නොගත් ආයතන හෝ ලාභ උපයන්නේ නොමැති ආයතන, ව්‍යාපාර පරිපාලනය, අලෙවිකරණය, සභාකක්ෂ මන්ත්‍රණය, වාණිජ්‍ය, ගණකාධිකරණය, මූලය හෝ බැංකු යන ඒවායේ ආර්ථික විද්‍යාඥයන් කටයුතු කරයි.

ප්‍රතිපත්තියක් නීතිගත කිරීමට ප්‍රථමයෙන් බොහෝවිට දේශපාලඥයන් ආර්ථික විද්‍යාඥයන්ගේ උපදෙස් ලබාගනී. එසේම බොහෝ විකුණුම්කරුවන්ට ආර්ථික විද්‍යාව සම්බන්ධව උපාධියක් ඇත. (ආර්ථික පුහුණුවක් ඇති දේශපාලඥයින්ගේ ලයිස්තුව බලන්න)

"https://si.wikipedia.org/w/index.php?title=ආර්ථික_විද්‍යඥයා&oldid=250285" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි