ආන්තර එන්ජිම
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
විලියම් ගිබ්සන් සහ බෲස් ස්ටර්ලින් විසින් රචිත නවකථාව සඳහා, ද ඩිෆරන්ස් එන්ජින් බලන්න.
|
|
මෙම ලිපියෙහි මුඛ්‍ය කොටස විසින් ප්‍රමාණවත් අයුරින් එහි අන්තර්ගතය සාරාංශකරණය කර නොමැති විය හැක. ලිපියෙහි ප්‍රධාන කරුණු පිළිබඳ ගම්‍යමාන සමාලෝචනයක් ලබා දෙන පරිදී මුඛ්‍ය කොටස විහිදුවාලීමට කාරුණික වන්න. (පෙබරවාරි 2011) |
ලන්ඩන විද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර ඇති හා බැබේජ්ගේ සැලසුම අනුව තනා ඇති ආන්තර එන්ජිම. මෙම සැලසුමෙහිදී සියළු ස්තම්භයන් සඳහා එකම තථ්‍යතාව ලබා දී ඇතත්, බහුපද ගණනය කිරීමේදී ඉහළ-ගණයේ ස්තම්භ වල තථ්‍යතාව අඩු අගයක පැවතිය හැක. මෙම එන්ජිම අනුරුවක් නොවේ (බැබේජ්ගේ ජීවිත කාලය තුලදී එය තැනුනේම නැත); එබැවින් මෙය පළමුවැන්නම වෙයි - එනම් මුල් නිර්මාණය.
ආන්තර එන්ජිමක් යනු බහුපද ශ්‍රිතයන් වගු ගත කිරීම සඳහා සැලසුම් කල ස්වයංක්‍රිය, යාන්ත්‍රික ගණකයකි. බහුපද සංගුණක කුඩා කුලකයක් භාවිතා කොට ශ්‍රිතයන් අන්කර් නිවේශනය හෝ වගු ගත කිරීම හෝ සිදු කිරීමේ ක්‍රමයක් වන භාත අන්තර ක්‍රමය අනුසාරයෙන් මෙම නම ව්‍යුත්පන්න වී ඇත. යාත්‍රිකයන් හා විද්‍යාඥයින් යන දෙකොටසම විසින් සාමාන්‍යයෙන් භාවිතා කෙරෙන ශ්‍රිතයන් වන, ලඝුගණක සහ ත්‍රිකෝණමිතික ශ්‍රිත යන දෙවර්ගයම, බහුපද අනුසාරයෙන් සන්නිකර්ෂණය කල හැකි බැවින්, ආන්තර එන්ජිමක් විසින් බොහෝ ප්‍රයෝජනවත් සංඛ්‍යා කුලක ගණනය කල හැකිය.
ගණිතඥයින් හා මිනිස් "පරිගණක" විසින් සමන්විත කණ්ඩායම් විසින් දෝෂ විරහිත වගු නිපැයීමේ ඓතිහාසික දුෂ්කරතාවය නිසා එම ක්‍රියාවලිය ස්වයංක්‍රිය කරලීමේ අභිලාෂයක් වෙත චාල්ස් බැබේජ් පෙලඹවිණි.