ආදිවාසීන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ආදිවාසීන්

ආදිවාසී ජනයා (En=Indigenous peoples) යනු විශාල බටහිර සංස්කෘතිය සමබන්ධවූ ශිෂ්ඨාචාරයට නිරාවරණය වීමට පෙර කිසියම් භූගෝලීය ප්‍රදේශයක විසූ දැනට පවතින හෝ වඳවීගිය ඓතිහාසික සන්තතියකින් යුතු සංස්කෘතිකමය කණ්ඩායමක් හෝ එවැන්නන්ගෙන් පැවතඑන අයයි. මොවුන් එම ප්‍රදේශය බටහිර ජාතීන් විසින් ආකුමණය කිරීමට පෙර සිටිම සිටින අතර බටහිර ජාතීන් විසින් සමූල ඝාතනයට ලක්වී හෝ රාජ්‍ය පාලනයට සම්බන්ධ නොවී හුදෙකලාව ජීවත්විය හැක. එසේම අනෙකුත් ජනවර්ගවලින් වෙනස් වු භාෂාවන්, සංස්කෘතීන් හා සමාජ සංවිධාන තත්ත්වයන් පවත්නා ජන කොටස් ‍වේ.

ලක්‍ෂණ[සංස්කරණය]

ලොව ආදිවාසී ජනසංඛ්‍යාව මිලියන 300 - 350ක් අතර වේ. මුළු ලෝක ජනසංඛ්‍යාවෙන් 6%ක් වන අතර රාජ්‍යයන් 72 වාර්ගික කොට්ඨාස අවම වශයෙන් 5000කින් සැදුම්ලබා ඇත. ප්‍රාථමික ආර්ථික කටයුතු වලින් යුත් ආදිවාසී ජනයා ලොව පුරා රටවල් ගණනාවක ව්‍යාප්ත වී ඇති අතර ඔවුන්ගේ කැපීපෙනෙන පොදු ලක්ෂණ පවතී.


කටුක පරිසරය
  • තාක්ෂණික ක්‍රම, උපකරණ ඉපැරණි වීම.
  • සංස්කෘතික මට්ටම පහත් තත්ත්වයක පැවතීම.
  • ගෝත්‍රික ලෙස හැඩගැසීම .
  • එක් ආර්ථික කටයුත්තකට වි‍‍ශේෂ ප්‍රාගුණ්‍යයක් දැක්වීම.
  • අවට පරිසරයට දැඩිලෙස අවනතවීම.
  • කටුක පරිසරයන්ට සීමාවීම
    ඉපැරණි උපකරණ


අද වනවිට ලෝක ආදිවාසීන්බොහෝ ප්‍රදේශවලින් අඩුවිමට හා වඳවීමට ලක්වී ඇත. ඔවුන් සාම්ප්‍රදායික භූමියෙන් ඉවත්කිරීම, සංක්‍රමණය, නැවත පදිංචිය හා බලෙන් ජනාවාස ගතකිරීම 18වන සියවසෙන් පසු ඇති වූ යුරෝපීය අධිරාජ්‍යය හරහා සහ දේශසීමා, සංස්කෘතිකමය ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස සිදුවිය.


ප්‍රධාන ආදිවාසී ජන කණ්ඩායම්[සංස්කරණය]

  • පිග්මිවරු - කොංගෝ වනාන්තරයේ ද්‍රව්‍ය එක්රැස් කරන්නෝ
  • බුෂ්මන්වරු - අප්‍රිකාවේ කලහාරි කාන්තාරයේ දඩයක්කාරයෝ
  • සැමි ප්‍රජාව - සප්මි දේශයේ ආදිවාසීන්
  • ජරවා ප්‍රජාව - අන්දමන් දූපත් ආදිවාසීන්
  • ඇබරන්ජියානුවන් - ද්‍රව්‍ය එක්කාසු කරන්නන්
  • මසායිවරු - එඩේර ගෝත්‍රිකයෝ
  • යොරුබාවරු - අප්‍රිකාවේ ගිනි වෙරළබඩ සල ගොවිතැන් කරන්නෝ
  • කොචින්වරු - ඉන්දියාවේ මලබාර් වෙරළ ආශ්‍රිතව සියුම් ගොවිතැන් කරන්නෝ
  • බෝරෝ ජාතීන් - ඇමසන් වනාන්තර ආශ්‍රිතව ගොවිතැන් කරන්නෝ
  • හෝපි හා යුමාවරු - කොලරාඩෝ ඩෙල්ටාවේ ස්වභාවික ජලගැල්මෙන් වගා කරන්නෝ
  • එස්කිමෝවරු - උතුරු ආක්ටික් ප්‍රදේශයේ සීල් හා කැරිබු දඩයම් කරන්නෝ

ප්‍රධාන ආදිවාසී ජන කණ්ඩායම් 5ක් පිළිබඳ පහත විස්තර කර ඇත.

පිග්මිවරු (කොංගෝ වනාන්තරයේ ද්‍රව්‍ය එක්රැස් කරන්නෝ )[සංස්කරණය]

මධ්‍යම අප්‍රිකාවේ කොංගෝ වනාන්තරය

"පිග්මිවරු" යනු මධ්‍යම අප්‍රිකාවේ වාසයකරන අඩි 5කට වඩා උසින් අඩු සිරුරකින් යුත් කුරු ජනකොටසකි. මොවුන් මධ්‍යම අප්‍රිකාවේ වැසි වනාන්තරවල ප්‍රථමයෙන් වාසය කර ඇත. දඩයම් සහ ද්‍රව්‍ය එක්රැස් කරන්නන් ලෙස මධ්‍යම අප්‍රිකාවේ වැසි වනාන්තර වන කොංගෝවේ වාසය කරයි. පිග්මිවරු බන්ටු සහ අඩමාවා - උබන්ගි කතාකරන ජනයාගෙන් පැවත එන බව අදහස් කරයි.

පිග්මිවරු

ක්‍රි.පූ.8වන සියවසේ හෝමර්ගේ ලේඛනවලට අනුව පිග්මිවරු ගැන දැනසිටි අතර පුරාණ ඊජිප්තු ජාතිකයන් පිග්මිවරු සමඟ සම්බන්ධතා පැවතිබව පැරණි වාර්තාවලින් හෙළිවේ.


පිග්මි සමාජයේ කාන්තාව ගෝත්‍රික ප්‍රජාවගේ සාමාන්‍ය සුබසාධනයට කටයුතු කරයි. කාන්තාවගේ ප්‍රධාන කාර්යය වූයේ කණ්ඩායමේ පැවැත්මට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය වනාන්තරයෙන් සොයා ගැනීමයි. කැලෑ ගෙඩි වර්ග, ගඩාගෙඩි, බිම්හතු, එළවළු, කෘමීන්, දළඹුවන්, ගොළු බෙල්ලන් ආහාර වූ අතර රැස්කරගන්නා ආහාර ප්‍රජාව අතර සමසේ බෙදා දෙයි. වියළි කාලයේදී කාන්තාවන් ගෝත්‍රිකයන්ගේ ආහාරවේල සඳහා මසුන් අල්ලයි. පිග්මිවරු ජීවත් වූ පැල Mongulus කාන්තාවන් විසින් ගස්වල අතු සහ කොළවලින් තනාගන්නා ලදී .දරුවන් බලාගැනීම දෙමාපියන් මෙන්ම වැඩිහිටි ගෝත්‍රික සාමාජිකයන් සිදුකරයි. දරුවන් තරුණවියට පාතබත්ම දඩයම සහ ද්‍රව්‍ය එක්රැස්කිරීම උගන්වා ගෝත්‍රික කණ්ඩායමට සහ‍යවීමට උගන්වයි.


පිග්මි සමාජයේ පුරුෂයා දඩයම සහ පුදපූජා සහ පිළිවෙත් පැවැත්වීම ප්‍රධානවේ. පැල තැනීමට අවශ්‍ය බිම් ප්‍රදේශය එළිකොට සතුන්ගෙන්ආරක්ෂාව සලසයි. විවිධ සංගීත උපකරණ භාවිතාකර පූජා වත්පිළිවෙත් සඳහා ගායනා පවත්වමින් නැටීම සිදුකරයි.


වර්තමානයේ පිග්මිවරු අප්‍රිකානු ජනසමාජය තුළ කොන්කිරීමට, සෞඛ්‍ය පහසුකම් ඌනතාවට, වැසි වනාන්තර විනාශය නිසා සිදුවන ගැටළුවලට, හිමිකම් උල්ලංඝනය කිරීම් වලට, නූගත්කම සහ හුදෙකලාබවට පත්වී ඇත.

බුෂ්මන්වරු (අප්‍රිකාවේ කලහාරි කාන්තාරයේ දඩයක්කාරයෝ)[සංස්කරණය]

දකුණු අප්‍රිකාවේ කලහාරි කාන්තාරය

මානව ලක්ෂණ නීග්‍රොයිඩ් ලෙස හදුන්වන නීග්‍රෝවරුන්ට සමානය. ශරීරයෙන් නීග්‍රෝවරුන්ට සමානකම් ඇති අතර මුහු‍ණේ නීග්‍රෝ ලක්ෂණ ඇත. නෙරාගිය කට, පෙරළුණු මහත තොල්, පළල් විවෘත ඇස් නොමැත. ස්ත්‍රීන්ගේ නිතඹ ස්ථුලතාවය කැපීපෙනයි.


වැසි අඩු , දේශගුණික වශයෙන් කටුක නිරිතදිග අප්‍රිකාවේ උතුරු දිගින් පිහිටි ප්‍රදේශවල සහ අප්‍රිකානු සංගමයේ වයඹ කොටසේජීවත් වෙති.වර්තමානයේ නැමීබියාව, සිම්බාබ්වේ, දකුණු අප්‍රිකානු කලාපයට අයත්වේ. ඔරේන්ජ් ගංඟාවට උතුරින් කාන්තාර පරිසරයේ වර්ෂාව අගල් 1-8 අතර කටුක පරිසරයේ ජීවත්වේ. ජල ප්‍රශ්නය උග්‍රවන අතර ගං පතුල් සහ වගුරුබිම් ආශ්‍රිතව ‍ජලය රඳාපවතී.

බුෂ්මන්වරයෙක්


බුෂ්මන්වරු දඩයමට විශේ‍ෂ නිපුණතාවක් දක්වන අතර ජිරාෆ්, පැස්බරා, අලි, රයිනෝසිරස්, හිපපොටේමස්, මුව, ගෝන්නු, කොටි, දිවි, සිංහ -සිංහයා, සිවල්, මැඩියෝ, මීමැස්සෝ, පළගැටියෝ දඩයම් කරයි. 20 - 100 අතර කණ්ඩායමක් ලෙස දඩයමේ යෙදෙයි. ආහාර වස්ත්‍ර ඇතුළු මූලික අවශ්‍යතා දඩයමෙන් සපයාගනී. ආහාරද්‍රව්‍ය අඩුවීම මත වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණයවේ. පදිංචිය, කූඩාරම් ආදිය කණ්ඩායමේ වැඩිමහල් තැනැත්තා විසින් තේරීම, තීරණය කිරීම සිදුවේ. කාන්තාවන් කුඩා කණ්ඩායම් ලෙස සුළු දඩයමේ යෙදේ. ඉබ්බන්, තලගොයි, මැඩියව්, කටුස්සන් ඔවුන්ලග් දඩයමට අයත්වේ. පිරිමින් දඩයම් බල්ලන් ගෙනයන අතර ඊතල තුඩට විෂපොවා ඇත. සත්තු එකතුවන ලවන බිම්, ජලාශ වැනි ස්ථානවල දඩයම් කරයි.


ඇඳුම් භාවිතය ඉතාම අඩු අතර පිරිමි ත්‍රිකෝණාකාර අමුඩ රෙද්දක් සහ ස්ත්‍රිය ඉදිරිපස පෙර වැස්මක් වැනි හතරැස් රෙදි කැබැල්ලක් ඉන ළඟින් එල්ලාගනී. ස්ත්‍රියගේ ප්‍රධාන වස්ත්‍රය වන්නේ "කැරස්" නම් සාටකයයි. මෙය ද්‍රව්‍ය ගෙනයාමට භාවිතා කරන අතර දකුණු උරහිස සහ ඉනවටා ගැටගසන මෙහි දරුවා, ජලය, ආහාර වර්ග ගෙනයයි.


බුෂ්මන්වරු භාණ්ඩ හුවමාරුවට සම්බන්ධ අතර ඇතැම්විට බලෙන් වෙනත් ප්‍රදේශවලට ඇතුළුවීම හෝ අන්අය මැරීම නිසා ගෝත්‍රික සටන් ඇතිවේ. දඩයමේ සාර්ථකතාවයට ඇදහිලි, පැරණි විශ්වාස පවත්වති.


සැමි ප්‍රජාව( සප්මි දේශයේ ආදිවාසීන්)[සංස්කරණය]

යුරෝපයේ සැමිවරුන්ගේ ව්‍යාප්තිය

සැමි ප්‍රජාව, සප්මි දේශයේ ආදිවාසී ජනතාව වන අතර උතුරු ස්වීඩනය, නෝර්වේ, පින්ලන්තය, රුසියාවේ කෝලා අර්ධද්වීපය වැනි පුළුල් ප්‍රදේශයක පැතිරසිටියි. සැමි ප්‍රජාව යුරෝපනයේ විශාලම ආදිවාසී ජන කො‍ටසයි. භාෂාව sami වන අතර එය Finno - urgic ලෙස වර්ග කරයි. මුළු ජනසංඛ්‍යාව 8500 පමණවේ. වෙරළබඩ සහ අභ්‍යන්තරයේ මසුන් දඩයම, සත්ව ලෝම සඳහා සතුන් දඩයම, බැටළු පාලනය වැනි ජීවනෝපායන් ඇති අතර පිනිමුවන් රංචු පාලනය ඒ අතරින් ප්‍රධානවේ.



පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ඔනිගා විල සහ ලැඩෝගා විල වටා දකුණු වෙරළේ ක්‍රි.පූ.8000 සිට ජීවත් වූ බව එක් අදහසක් වන අතර සමහරු සැමිවරුන්ගේ ඉතිහාසය වසර 2500 නොඉක්මවන බව දක්වයි. ඓතිහාසික ලේඛනවල සැමිවරු වනාන්තර සැමි, කඳු සැමි, ගංඟා සැමි, නැගෙනහිර සැමි ලෙස වර්ග කර තිබුණි. රැකියාවන් අනුව ඔවුන්ව වර්ග කර ඇත.


සැමි ප්‍රජාව




  • පිනිමුවන් සැමිවරු- 10%ප්‍රමාණයක් මෙම රැකියාවේ යෙදෙයි.
  • මුහුදු සැමිවරු -මසුන් ඇල්ලීම සහ සුළු ප්‍රමාණයෙන් ගොවිතැන් කරයි.
  • පිනිමුවන් රංචු පාලනයේ නොයෙදෙන සැමිවරු - මුහුද ආශ්‍රිතව ජීවත් නොවේ.බහුතරයක් සිටී.

අතීතයේදී සැමිවරුන්ට සැප්මි ප්‍රදේශයට වඩා විශාල ප්‍රදේශයක පිනිමුවන් රංචු පාලනයට, මසුන් මැරීමට, දඩයමට රාජ්‍යයන් ඉඩ දී තිබුණු අතර ස්ථාවර ජනාවාස සහ නිවාස පිහිටුවීමටත්, ආරක්ෂක සහ ආර්ථික කටයුතු නිසාද දේශසීමා සහ මායිම් ගැටළු ඇතිවී තිබේ. ස්වීඩනය හා නෝර්වේ අතර 1751දී දේශසීමා තීරණය වුවත් සැමිවරුන්ගේ සාම්ප්‍රදායික අයිතිය අයිතිය ආරක්ෂා කිරීමට ඔවුන් බැඳීසිටියි.


නූතනයේ මස් සහ සම් ලබාගැනී‍මට පිනිමු‍වන් ඇතිකරයි. සම් ඇසුරින් විවිධ අත්කම් භාණ්ඩ නිෂ්පාදන‍ය කරයි. තාක්ෂණික දියුණුව සමඟ හිමමත යාහැකි ස්කූටර්, සමහරවිට හෙලිකොප්ටර් පිනිමුවන් ඇතිකිරීමට යොදාගනී. යාන්ත්‍රීකරණය වූ වන විද්‍යාව, ජල විදුලි බලාගාර, කැණීම් මධ්‍යස්ථාන සාම්ප්‍රදායික සැමි ජීවනෝපායන් වන පිනිමුවන් රංචු පාලනයට, මසුන් මැරීමට, දඩයමට තර්ජනයකි.


සැමි ප්‍රජාවට වෙන්වූ පාර්ලිමේන්තුවක් නෝර්වේ, ස්වීඩන් වල ඇති අතර භාෂා අයිතිය, විවිධ සංස්කෘතික කටයුතු සඳහා රජයේ අනුග්‍රහය සැමි ප්‍රජාවට හිමි අතර නවින රැකියා සඳහා නගරයට යොමුවන පිරිස වැඩිය.

ජරවා ප්‍රජාව (අන්දමන් දූපත් ආදිවාසීන්)[සංස්කරණය]

අන්දමන් දූපත්වල ජරවා ආදිවාසීන්ගේ ව්‍යාප්තිය

ජරවා (Jarawa) හෙවත් ජර්වා (Jarwa) ආදිවාසීන්යනු බෙංගා‍ල බොක්කට 200 KM පමණ දකුණට වන්නට පිහිටා ඇති අන්දමන් දූපත්වල වාසය කරන්නන්ය. පුද්ගලයින් 350ක් පමණ මෙම ගෝත්‍රයට අයත්ය. ලෝකය සමඟ ගනු‍දෙනු වලින් ඉවත්ව හුදෙකලාව ජීවත්වන අතර සමාජීය සහ සංස්කෘතික දැනුම අඩුය. බාහිර ලෝකය සමඟ අඩු සබඳතා පැවැත්වීම තුළ හුදෙකලාව, එතරම් වෙනස් නොවූ ප්‍රජාවක් ලෙස සලකයි. දඩයම සහ මාළු ඇල්ලීම ජරවා ආදිවාසීන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන අතර මුවන් සහ පක්ෂීන් ඇල්ලීම සිදුනොකරයි. කෙසෙල් ප්‍රධාන ආහාරයකි.


ජරවා පැල ඉතාම කුඩා අතර උණ බම්බු සහ වියළි පොල් අතුවලින් ගොඩනැගූවකි. පැල මධ්‍යයේ සාම්ප්‍රදායික ලෙස මැටි සහ පස් වලින් තැනූ Chulha හෙවත් ලිප තනා ඇති අතර ආහාර සකස්කර ගැනීම ඒමඟින් සිදුවේ. කෙසෙල් කැන් වහලේ තැනින් තැන එල්ලා ඇති අතර වල් ඌරන්ගේ හිස්කබල් වහලේ එල්ලා තිබීම විශේෂ ලක්ෂණයකි. වල් ඌරන් දඩයම මත සමාජ ස්ථරය තුළ ඉහළ ස්ථානයක් ලබාගැනීම එහි අරමුණයි.

ජරවා ආදිවාසීන්


අන්දමන් දූපත් ඉන්දියාව යටතේ පාලනය වන අතර ඉන්දියානු රජය ජරවා ප්‍රජාවට ව. කි.700ක රක්ෂිතයක් වෙන්කර ඇතත් සංවර්න සහ සංක්‍රමණික පදිංචිකරවීම් නිසා වනාන්තර තුළට ජරවා ප්‍රජාව ‍‍යොමුවන ලදී. ඔවුන්ට වෙන්කර දී තිබූ මුල් භූමියද ක්‍රමයෙන් අඩුවිය. ඉන්දියානු රජය නොදියුණු ජරවා ආදිවාසීන්ට සංවර්ධනයක් අවශ්‍ය නැතිබවත්, සංක්‍රමණිකයන් සමඟ ජනාවාසවල පදිංචි වන ලෙසටත් බලකරන ලදී.


‍ජනාවාස ගතකළ ජරවා ගෝත්‍රිකයන් ලෙඩ රෝගවලට නිරාවරණය වූ අතර 1999 පැතිරීගිය සරම්ප රෝගයෙන් 10%ක් ජන සංඛ්‍යාවෙන් විනාශයට පත්විය. අළුත් සංස්කෘතික පරිසරය තුළ තරබාරුකම, මත්පැන් පානය, දියවැඩියාව, මානසික ආතතිය, සෞඛ්‍ය ප්‍රශ්න වැනි ගැටළු වලට මුහුණ දී ඇත. ජරවාවාසීන්ගේ ඉඩම් සංක්‍රමණිකයන් කොටුකර ගැනීම නිසා ජනතාව කම්කරුවන් බවට පත්වීම, සතුන් සොරකම් කිරී‍ම, දුම්කොළ සහ සුරාපානයට පෙළඹවීම, කාන්තාවන් ලිංගික අතවර වලට ලක්කරවීම සිදුවිය. 1970දී ඔවුන්ගේ වාසභූමි හරහා මාර්ගයක් ඉදිකිරී‍ම මෙයට හේතු වූ අතර 1972දී එම මාර්ගය තැනීම අත්හිටවූවත් මාර්ගය තවමත් විවෘතව පවතී.

ඇබරින්ජියානුවන් (ද්‍රව්‍ය එක්කාසු කරන්නන්)[සංස්කරණය]

ඕස්ට්‍රේලියා‍වේ ඇබරින්ජියානු ව්‍යාප්තිය

ඕස්ට්‍රේලියානු ආදිවාසීන් වන ඇබරින්ජියානුවන් පෘථි‍වියේ පැරණිම ජනයා ලෙස සලකයි. ලෝකයේ ඉපැරණිම සංස්‍කෘතිය ඔවුන් සතු වියහැකි අතර සිරිත් විරිත්, ඇදහිලි සහ වත්පිළිවෙත්, විශ්වාස ඔවුන්ගේ ජීවිත හා බැදීපවතී. දඩ‍යම සහ ද්‍රව්‍ය එක් රැස්කිරීම ප්‍රධාන ජී‍වනෝපාය විය.


ගිණිකොණදිග ඕස්ට්‍රේලියාවේ මරේඩාලින් ගංඟා පද්ධතිය ආශ්‍රිතව ඇබරින්ජියානුවන්ගේ විශාලතම වාසභූමිය පැතිර තිබූ අතර ක්‍රමානුකූල‍ව මිහිදන් කළ මිනිස් සිරුරුවලින් යුත් සුසාන භූමි ගණනාවක් ඒ ආශ්‍රිත‍ව සොයාගෙන ඇත. සුසාන භූමි ආශ්‍රිතව ලැබී ඇති සාක්ෂි අනුව සිරුරු ‍දහස් ගණනක් වළලා ඇතැයි විශ්වාස කරයි.

ඇබරින්ජියානුවන්


යුරෝපීයන් ඕස්ට්‍රේලියාවේ මුල්පදිංචිකරුවන් වඳකර දැමූ බ‍ව සඳහන් වේ. ඇබරින්ජියානුවන් ගණන ඕස්ට්‍රේලියාවේ මුළු ජන සංඛ්‍යාවෙන් 1% හෙවත් 200000 පමණ වේ.


ඇබරින්ජියානුවන් දඩයම සහ ද්‍රව්‍ය රැස්කරන්නන් අතර සිටි බුද්ධිමතුන් බව අදහස් පළවී ඇත්තේ භූමි පරිහරණය සහ කළමනාකරණය පිළිබඳ දියුණු අදහස් පැවති නිසයි. ඇබරින්ජියානුවන්ගේ සමාජ සංවිධානය ඉතා සරල අතර ඔවුන්ගේ වත්කම් ඉතාම සුළුය.ගමන් බිමන් පා ගමනින් වන අතර පිරිමි හෙල්ලයද කාන්තාවන් පොළව හාරන ලීයක්ද, ආහාර රැස්කරන මල්ලක්ද සහිතව සිටී. පිරිමි දඩයම්කරුවන් වන අතර කාන්තාවන් ද්‍රව්‍ය රැස්කරන්නන් වේ. ජනාවාස ජල උල්පත් ආශ්‍රිතව විසිරී ඇත.

"මියා මියා" නිවාස


ජනාවාස මායිම් ලෙස ගංඟා, ඇළ දොළ, කඳුවැටි පවතී. වෙනත් ග්‍රෝත්‍රික ප්‍රදේශයකට අවසර නැතිව ඇතුළුවීම වරදකි. යහපත් කාළගුණික තත්ත්වය තුළ එළිමහනේ ජීවත්වූ අතර ශීත හෝ වැසි කාළගුණික තත්ත්වයන් වල "මියා මියා" නම් ගුහා වැනි නිවාස තනාගනී.

යුරෝපීය ආක්‍රමණ


යුරෝපීය ආක්‍රමණ මඟින් ඇබරින්ජියානුවන් සමූල ඝාතනයවීමත් සමඟ අනෙක‍් පිරිස් රට අභ්‍යන්තරයට සහ උස්බිම්වලට පැනයන ලදී. මේ නිසා ඔවුන්ගේ සංස්කෘතියේ බොහෝ ලක්ෂණ විනාශවිය.






මූලාශ්‍රය[සංස්කරණය]

ධනපාල එච්.ඒ.,2007,"මානුෂ ආර්ථික කටයුතු",සරසවි ප්‍රකාශකයෝ,නුගේගොඩ.

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

ලංකාව[සංස්කරණය]

ලංකාවේ සමෘද්ධිමත්ම යුගය ලෙස ඉන්දියානු වංශ කතාවල පවා සඳහන් රාවණා බලි තාරක යුගයන් ඇරඹෙන්නේ මීට වසර පන් දහසකට පමණ පෙරාතුවය. බලංගොඩ මානවයා අපට කියන ඉතිහාසය නම් වසර තිස් දහසකට වඩා පැරණිය. මීට වසර 2500කට පෙර විජය කුමරු පැමිණෙන විටත් මෙරට දියුණු සංස්කෘතියක් තිබුණු බව කුවේණි කුමරිය කපු කටිමින් සිටීමෙන් පැහැදිලි වේ. සිරිවස්තු මෙන්ම කැළණිය ද එවකට මෙරට තිබු ප්රකධාන නගරය. විවිධ ගෝත්රිලකයින්ගෙන් සැදුම්ලත් මෙරට වැසියන් පොදුවේ හැඳින්වුයේ හෙළයින් යන නමිනි. කුවේණි හෙළ කුමරියගේ පිහිටෙන් මෙරට රාජ්යයත්වය ලබාගත් ආර්යයෙකු වු විජය කුමරු හෙළයින් දුටුවේ ආක්ර මණිකයෙකු ලෙසය. එබැවින් කුවේණිය ජාතිද්රෝතහියක වුවාය. සිය ඥාතීන්ගේ වෛරයෙන් බේරීම සඳහා කුවේණියගේ දරුවන්ට කැලෑ වැදීමට සිදුවිය. ඒ නුතන වැදි පරපුරේ ආරම්භයයි. මෙය හුදෙක් මහවංශයේ කතාව පමණක් නොව වැදි ජනප්රකවාදයන් හිද ඇති කතාවයි. එමෙන්ම මානව විද්යාෙඥයෝ ද සිංහලයින් සහ වැද්දන් අතර ඇති ඥතිත්වය පිළිගනිති.

විජයාගමනයෙන් ඇරඹි හෙළ-ආර්ය ගැටුම අවසන් වී ආර්යයන් හෙළයින් සමග මුසු වන්නේ පණ්ඩුකාභය රජ සමයේ දී ය. මහවංශයට අනුව පණ්ඩුකාභය රජුගේ මවු වුයේ පඬුවස්දෙව් රජුගේ එකම දියණිය වු උන්මාද චිත්‍රා දේවියයි. ඔහුගේ පියා වුයේ දීඝගාමිණී ය. ඔහු පඬුවස්දෙව් රජුගේ බිසව වු භද්දකච්චනාගේ සොයුරෙකු වු දිඝායුගේ පුත්ය. නමුත් වෙනත් මුලාශ්රඝයන්ට අනුව නම් දීඝ ගාමිණි හෙළයකි . එබැවින් පණ්ඩුකාභය කුමරුගේ මව ආර්යයෙක් වන විට පියා හෙළයකි. එබැවින් ඔහු හෙළයන් ට හෙළයෙක් ද ආර්යයන් ට ආර්යයෙක් ද විය. මේ නිසාම ආර්යය ආධිපත්ය යට එරෙහිව හෙළයින් පණ්ඩුකාභය වටා රොක් වන විට ආර්යයන් ද ඔහුගේ නායකත්වය පිළිගත්තේය. ඉන් පසු ආර්යයෝ හෙළයින් සමග මුසු වුහ.

ඉන් පසුව විවිධ යුගයන් හි ඉන්දියාවේ විවිධ පළාත් සිට පැමිණි ආර්යයෝ මෙන්ම ද්රගවිඩයෝ ද සිංහල ජාතියට මුසු වුහ. එසේ මුසු වු වන් අතර අරාබි , චීන සහ මැලේ ජාතිකයෝ ද වුහ. මෙම මුසු වීම බටහිර ජාතීන් මෙරටට පැමිණීම තෙක් ම අඛණ්ඩව සිදුවිය. සිංහල ජාතිය සංක්රටමණිකයින්ගෙන් පෝෂණය වුණු අයුරින්ම කැලයේ සිටි වැදි ජනතාවද විවිධ කැලෑ වැදීම් තුළින් පෝෂණය විය. සිංහලයේ කිරුළ පතා කෙරුණු අභ්යකන්තර අරගලයන් හි පරාජයට පත් පිරිස් වසර දහස් ගණනාවක් පුරා සිදු කළේ එක්කෝ ඉන්දියාවට පලා යෑමයි. නැතහොත් කැලෑ වැදී වැදි ජනතාවට එක් වීමයි. අවසන් වරට එසේ වැදි ජනතාව සමඟ මුසු වුයේ 1848 නිදහස් අරගලයට එක් වි සුදු ආක්රමමණිකයාගේ උදහසට ලක් වු වෙල්ලස්ස ජනතාවයි. මේ අනුව පෙනි යන්නේ සිංහල ජනතාව මෙරට වසර දස දහස් ගණනාවක් ජීවත් වු බවත් පසු ගිය වසර දෙදහස් පන්සිය තුළ වරින් වර සිංහලයන්ගෙන් වෙන්වී කැලෑ වැදුණු පිරිසගෙන් වැදි ජනතාව බිහිවු බවත්ය. එබැවින් වැදි ජනතාව ආදිවාසීන් ලෙස හැදින්වීම ඔවුන්ට වඩා දිගු ඉතිහාසයක් ලක් පොලවේ ඇති සිංහලයින්ට කරන අවමානයකි. එපමණක් නොව සිංහලයන්ට ලක් පොලවට ඇති අද්විතීය අයිතිය අභියෝගයට ලක් කිරීමකි. සිංහලයා මෙරය අනන්ය වු ජන කොටසක් පමණක් නොව මෙරට ආදිවාසීහුය. එබැවින් සිංහලයාගේ ආදිවාසිකම සොරාගෙන වැදි ජනයාට පැලැන්දීමෙන් සිංහලයා තවත් එක් සංක්රවමණික ජන කොටසක් බවට පත්වේ.

මේ අඩවිත් බලන්න[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=ආදිවාසීන්&oldid=318470" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි