ආට් ඩෙකෝ

විකිපීඩියා වෙතින්


ආට් ඩෙකෝ යනු 1925 සිට 1939 දක්වා කාළය තුල පැවැති ජාත්‍යන්තර නිර්මාණ ව්‍යාපාරයකි. එය ගෘහ නිර්මාණ ශිල්පය, අභ්‍යන්තර අලංකරණය, කාර්මික සැලසුම් ඇඳිම වැනි අලංකාරක කලාවන්ට මෙන්ම මෝස්තර, සිතුවම්කිරීම, ග‍්‍රැෆික් කලාව සහ චිත‍්‍රපට ආදී ලලිත කලාවන් කෙරෙහිද බලපෑම් ඇතිකරන ලදී. මෙය 20 වන සියවසේ මුල් භාගයේ පැවැති සාම්ප‍්‍රදායිකවාදය, ඝනිකවාදය, නූතනවාදය, බවුහවුස් ගුරුකුලය, ආට් නුවෝ සහ අනාගතවාදය ආදීවූ විවිධ ව්‍යාපාරයන්හි සංකලනයක් විය. 1920 ගණන්වලදී යුරෝපය තුල එහි ජනපි‍්‍රයත්වය උපරිම වූ අතර 1930 දශකය තුද එය එක්සත් ජනපදයේ බලවත්ව පැවතන. බොහෝ අලංකාරික ව්‍යාපාරයන්ට දේශපාලනික හෝ දාර්ශනික මූලයන් හෝ අරමුණු පැවතියද ආට් ඩෙකෝ හුදු සරසිල්ලක් පමණක් විය. එකල මෙම ශෛලිය දර්ශනීය, කෘත්‍යාත්මක හා නූතන ලෙස සැලකින.

"https://si.wikipedia.org/w/index.php?title=ආට්_ඩෙකෝ&oldid=99230" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි