අලෙවිකරණ කාර්ය සාධනය ඇගයීම සහ කළමනාකරණය

විකිපීඩියා වෙතින්

අලෙවිකරණ කාර්ය සාධනය ඇගයීම සහ කළමනාකරණය (MPM) යනු අලෙවිකරණ වෘත්තිකයන් විසින් අලෙවිකරණය නිර්වචනය, විශ්ලේෂණය, කාර්යක්ෂමතවය හා සඵලදායිත්වය වැඩිදියුණුකිරීම උදෙසා උපයෝගී කරගනු ලබන සංකල්පයකි. [1]මෙය උදාකරගනු ලබනුයේ අලෙවිකරණ ක්‍රියාකාරකම් ,මුලෝපාය හා ප්‍රමිතික, ක්‍රියකරකම්, මුලෝපාය හා ප්‍රමිතික, ව්‍යාපාර අභිමතාර්ථ ඉල්ලක්ක කරගනිමින් පෙළගැස්වීමෙනි.[2]එහිදී ප්‍රමිතික ආකෘතිය සදා ගනිමින් අලෙවිකරණ කාර්ය සාධනය අධීක්ෂණය හා අලෙවිකරණ කාර්ය සාධන කළමනාකරණය උදෙසා නිසි දර්ශකයක් සකස්කොට භාවිතකිරීමත් සිදු කරයි. [3]මෙම මුලෝපාය IBM, Intel සහ Citrix වැනි සමාගම් කිහිපයකම උපයෝගී කරගනිති.[3][4][5]

කාර්ය සාධන කළමනාකරණය යනු ප්‍රවර්ධන සහ නිෂ්පාදන සංවර්ධන මෙහෙයුම් කටයුතු වලදී සුලභව යොදාගැනෙන එක් ක්‍රියාවලියකි. ප්‍රධන කාර්ය සාධන කළමනාකරණයෙහි ඉල්ලක්ක වනුයේ පුද්ගල , සාමුහික හෝ ආයතනික උපරිම කාර්යක්ෂමතාව හා සඵලදායිත්වය වැඩිදියුණුකිරීම හා ලගාකර ගැනීමය . කෙසේවතුදු අලෙවිකරණය කාර්ය සාධනය ඇගයීම සහ කළමනාකරණය වඩාත් නිශ්චිතය. එය සෘජුව යොමුවන්නේ අලෙවිකරණ කාර්යක්ෂමතාව මැනීම , කළමනාකරණය හා විශ්ලේෂණයට වුවත් එමගින් සඵලතාවය ඉහල දැමීම අපේක්ෂා ක‍රන අතර අලෙවිකරණ ආයෝජන ප්‍රතිලාභ (Return of Investment ) බලාපොරොත්තුවෙයි. [6] අලෙවිකරණ කාර්යක්ෂමතාවය කළමනාකරණය කිරීමට ප්‍රධාන සාධක තුනක් බලපායි. — දත්ත, විශ්ලේෂික හා ප්‍රමිතික වේ.[3]


https://clickmagick.com/go/Dougiearts

දත්ත හා විශ්ලේෂික[සංස්කරණය]

Market-mix models

අලෙවිකරණ කාර්යක්ෂමතාව මැනීමට වන එක් ප්‍රධන ක්‍රමවේදයක් නම් නිසි දත්ත එක්රැස් කිරීමය.[3]අලෙවිකරණ කාර්යක්ෂමතාව මැනීමට අදාල නිසි දත්ත එකතුවත්, එහි නිරවද්‍යතාවයත් අතිශයින්ම වැදගත්ය. නිසි දත්ත එකතුව පිණිස අලෙවිකරණ අංශය සහ ඉහල කළමනාකරීත්වය අතර යහපත් එකගත්වයක් පැවතිය යුතුය. [1][7]

දත්ත එක්රැස් කිරීම සාපේක්ෂව පහසු වුවත්, එක්රැස් කල දත්ත විශ්ලේෂණය කොට ඉන් යම් අදහසක් උකහා ගැනීම තරමක් අපහසුවෙයි. අලෙවිකරණ කාර්ය සාධනය ඇගයීම සහ අලෙවිකරණ සපලත්වය වර්ධනයට එක්රැස් කරනලද දත්ත ගැඹුරින් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව හදුනාගනු ලබන ක්‍රියාමාර්ග වලින් හැකියාව ඇත. නිදසුනක් ලෙස, ආයතනවල විශ්ලේෂිත දත්ත උපයෝගි කරගනිමින් අලෙවිකරණ ආයෝජනයේ ප්‍රතිලාභ (ROI) අත්පත් කරගැනීමට හැකිවන අතර කඩිනම් කළමනාකරණ තීරණ ගැනීමටද හැකි වේ.[5]

විශ්ලේෂික භාවිතයෙන් වන එක පොදු යහපතක් වනුයේ, අලෙවිකරණ වැය වඩාත් සකසුරුවමින් භාවිතය උදෙසා අලෙවිකරණ මිශ්‍රයේ ආකෘතිය(Marketing Mix Models) යොදා ගැනීමයි. අලෙවිකරණ ක්‍රියාවලීන්ගෙ බලපෑම, තරගකාරිත්ව ප්‍රතිවිපාක සහ නිෂ්පාදන විකුණුම් වෙළදපොල වටපිටාව ආදිය මනිනු ලබන දර්ශකයන්ය.පාරිභෝගික ඇසුරුම් ද්‍රව්‍ය(Consumer packaged goods) කර්මාන්තය මෙම ක්‍රමය ඉතා සුලභව යොදාගන්නා අතර වර්තමනයේ මෙය සෙසු කර්මාන්ත සදහා ද යොදා ගන්නා බව පෙනෙයි. විකුණුම් වර්ධනයක් වෙනුවෙන් මෙකී දත්ත උපයෝගී කරගනිමින් විවිධ සාර්ථක ආර්ථික භූගෝලීය විද්‍යත්මක මාර්ග සමග සම්බන්ධතාවක්ගොඩ නැංවි ඇත. මෙකී දර්ශකයේ සංකල්පය හා එහි මෙවලම් වසර 30 කට අධික ඉතිහාසයකට හිමිකම් කියයි. අන්තර්ජාල භාවිතය හා සමාජ ජාල වෙබ් අඩවි ජනප්‍රිය වීම හේතුවෙන්, ජංගම වෙළද ප්‍රචාරණය, කෙටි පණිවිඩ සේවා ආදිය සම්බන්ධව නව මොඩල බිහිවේ. models.[5]

ප්‍රමිතික සහ කළමනාකරණය[සංස්කරණය]

සංඛ්‍යාත ප්‍රස්තාරය ප්‍රතිමික විශ්ලේෂණය සඳහා උපකර වන ආකාරය

ආයතනික වර්ධනය හා නව්‍යකරණය සදහා වැයවන ඉහල ආයෝජන සාධාරණීකරණය කරගැනීමට අලෙවිකරණ වෘත්තිකයන් ඇගයීම සහ ප්‍රමිතික ඉවහල් වේ.එහි ප්‍රතිඵලයක් ලෙස අලෙවිකරුවන්, ඇගයීම සහ ප්‍රමිතික උපයෝගී කරගනිමින් ආයතන අභිවෘද්ධියට අලෙවිකරණයේ දායකත්වය පහදා දෙයි.[1][6]

අලෙවිකරණ විශ්ලේෂණයට ඉතා සුලභව යොදා ගැනෙන ක්‍රියකාරීත්ව පදනම් කරගත් ප්‍රමිතික (Activity based metrics) සංඛ්‍යාත්මක ගණනයකිරීම් හා වාර්තාකරණය සිදුකලයුතු වෙයි. නිදසුනක් ලෙස වෙබ් අඩවියේ බාගත කිරීම් ගණනය කිරිම, වෙබ් අඩවියට පිවිසි සංඛ්‍යාව සෙවීම , යම් අවස්ථාවකට සහභාගීවන ගණන වාර්තාකර ගැනීම ආදිය ක්‍රියකරීත්ව පදනම් කරගත් ප්‍රමිතික(Activity based metrics) ඝනයට අයත්ය. කෙසේ වෙතත්, එය අලෙවිකරණය හා වෙළද ප්‍රතිලාභ සමග බද්ධ වනුයේ කලාතුරකිනි. එනමුදු වෙළදපල කොටස් , පාරිභෝගික අගය, නව නිෂ්පාදන හදුන්වාදීම ආදී සාධක වඩාත් හොඳ සහසම්බන්ධතාවයක් පෙන්වයි. අලෙවිකරණ කාර්ය සාධනය ඇගයීම සහ කළමනාකරණය(MPM)සඳහා වැඩි අවධානයක් යොදවනුයේ ආයතනයේ සමස්ත අලෙවිකරණ කාර්යසාධනය හා ඵලදායකත්වය ගැනය.[4] මෙකි ප්‍රමිතික බොහෝවිට සුලබව පාදක කරගන්නා නිර්ණායක ලෙස අලෙවිකරණය මගින් යම් නිෂ්පාදනයක් සදහා වන සුවිශේෂී අභිරුචියට කරන බලකිරීම, පාරිභෝගිකයා දිනාගත් අනුපාතය, ඇනවුම් දල වටිනාකම, නව නිෂ්පාදන හදුන්වාදීම හා සේවා පුළුල් කිරීම, පාරිභෝගික මිලදීගැනීම් වාරයන්හි වර්ධනය වේගය, ධාරිතා සහ වෙලද පංගුව ඉහළයාම, ලැදී බව හා හිතවත්බව ඉහලයාම, වෙළද තරගකාරිත්වයට සාපේක්ෂව ලගකරගන්නා වූ ප්‍රගතිය, ලාබ අන්තරය, පාරිභෝගික බැඳීම.[4]මෙයට අමතරව අලෙවිකරණ කාර්ය සාධනය ඇගයීම සහ කළමනාකරණය උපයෝගයෙන් එමගින් මෙහෙයුම් කාර්යක්ෂමතාව හා පරිබාහිර සපලතාව මැනීම හා නිරීක්ෂණය කල හැකිය.[1]

මෙහෙයුම් කාර්යක්ෂමතා ප්‍රමිතික යනුවෙන් හඳුන්වනුයේ ආයතන අලෙවිකරණ කාර්යයන් ව්‍යාපාරයක් ලෙස කළමනාකරණය කිරීමයි. අලෙවිකරණ කාර්ය සාධනය ඇගයීම සහ කළමනාකරණය ( MPM) ක්‍රියාවලිය සිදුකෙරීමට අපේක්ෂාකරන ආයතන අලෙවිකරණය මෙහෙයුම් අධ්‍යක්ෂක සහ අලෙවිකරණ මූල්‍ය අධ්‍යක්ෂක වැනි තනතුරු ආයතන තුල පිහිටුවනු ලබයි. වැඩසටහනට ජන සහභාගිත්ව අනුපාතිකය, දැනුවත්භාවයට ඉල්ලුමෙහි අනුපාතිකය, පිරිවැයට එදිරිව සැපයුම් පමාව, පිරිවැයට එදිරිව අලෙවිය හා සම්භාෂණ අනුපාතිකය එක්රැස් කර විශ්ලේෂණය කරන්නාවූ නිශ්චිත දත්ත වේ.මෙහෙයුම් කාර්යක්ෂමතා ප්‍රමිතික (MPM) කෙසේවෙතත් ප්‍රධන වශයෙන් ඉඩ සලසන්නේ අලෙවිකරණ ආයෝජන සහේතුකකරණයට වුවත්,එය ව්‍යාපාර උපායමාර්ග හා ව්‍යාපාර සපලත්වය අතර අන්තර් සම්බධතාවයක් නොපෙන්වයි.

මෙහෙයුම් කාර්යක්ෂමතා ප්‍රතිමික (MPM) දැඩි වශයෙන් ඉලක්ක කරනු ලබන්නේ ව්‍යාපරයේ මානව,භෞතික හා ප්‍රාග්ධන සම්පත් අලෙවිකරුවන්ට නිසි ලෙස උපයෝජනයටය. බාහිර කාර්යසාධන මානක මගින් සොයා බලනුයේ තම ව්‍යාපාර තරගකාරිත්වයට සාපේක්ෂව අයතනයේ තත්ත්වයයි.[4]

උඩු-යටි ප්‍රවේශය(Top-Down approach) යොදාගනිමින් අලෙවිකරුවන් විසින් සදා ගනු ලබන සහ ප්‍රාග්ධන කාර්යසාධන නිර්ණායක(key performance indicators)ගොඩනංවා ගනී.[6] පළමුව ව්‍යාපාර තීරණ මගින් විෂය පථය නිශ්චය කෙරෙයි. ප්‍රාග්ධන කාර්යසාධන නිර්ණායක (KPI) සහ මෙහෙයුම් කාර්යක්ෂමතා ප්‍රමිතික(MPM) නිර්ණය කිරීමට පෙර අලෙවිකරුවන් එක්රැස් කිරීමට අපේක්ෂා කරන වෙනස පිලිබදව බුද්ධි කලම්බන සැසියක් පවත්වයි. දෙවනුව පිළියෙළ කරගන්නා ලද ප්‍රශ්න මාලාවක් මගින් අවධානයට ලක්නොවුනු අංශ පිළිබද අවධානය යොමුකිරීමත් එම ගැටළු වලට පිළියම් ලෙස එක්රැස් කලයුතු දත්ත හදුනාගැනීමත් සිදුවේ. අවශ්‍යම වන දත්ත හදුනාගත් පසු, අලෙවිකරුවනට එම දත්ත සොයාගැනීමට සිදුවන අතර, මෙම දත්ත ගවේෂණය අවසානයේ ගතයුතු ක්‍රියාමාර්ග සහ තීරණ වලට පැමිණිය යුතුය.

උපකරණ පුවරුව(Dash Board)[සංස්කරණය]

අලෙවිකරණ වෘත්තිකයන් උපකරන පුවරුව අලෙවිකරණ කාර්යසධනය මැනීම සඳහා යොදා ගනී

මෙහෙයුම් කාර්යක්ෂමතා ප්‍රමිතික (Mඵ්M) නිර්ණය කිරීමෙහි නිරත වෘත්තිකයන් උපකරණ පුවරුවක් උපයෝගිකරගනිමින් අලෙවිකරණ ප්‍රගතිය පෙන්වයි.[8] උපකරණ පුවරුව යනු ආයතනයට වැදගත්වන සියලු දත්ත හා ප්‍රමිතික එක තැනකට ගෙන, ඉදිරිපත්කිරීමය. අලෙවිකරණ වෘත්තිකයන් මෙකි උපකරණ පුවරු ප්‍රමිතික හා ප්‍රධාන කාර්යසාධන නිර්ණායක (KPI) අශ්‍රිතව නිර්මාණය කරයි. ආයතනයට මෙම තොරතුරු උපයෝගී කරගනිමින් අලෙවිකරණ ක්‍රියාවලිය හැසිරවිය හැකිය. සංශිප්තව ගත්කල, උපකරණ පුවරුව බහුස්ථරික ප්‍රගති කළමනාකරණ මෙවලමක් වන අතරම ඒ මගින් ආයතනයට ව්‍යාපාරයේ මුල්‍යමය හා මුල්‍යමය නොවන ක්‍රියාකාරකම් මැනීමට නිරීක්ෂණයට හා කළමනාකරණයට ඉඩප්‍රස්තා සලසයි. මෙවලම් ව්‍යාපාරයෙ හඳුනාගත් ඉල්ලක්ක හා අභිමතාර්ථ සපුරා ගැනීම පිළිබඳව නිවැරදි විශ්ලේෂණයක් සපයයි.[5]


උපකරණ පුවරුව ස්ථර තුනකින් යුක්තය:[5]

ස්ථරය කෘත්‍ය විස්තරය
විධායක ස්ථරය මුලෝපායික ස්ථරය අලෙවිකරණ අභිමතාර්ථ ජය ගැනීම,ව්‍යාපරික කාර්යසාධනය මැනීම සහ නිරීක්ෂණය.
මෙහෙයුම් ස්ථරය අලෙවිකරණ කළමනාකරණය මූලික අලෙවිකරණ උපායමාර්ග හා ක්‍රියවලිය කාර්ය සාධනය කිරීම
උපක්‍රමික ස්ථරය කෘත්යාත්මක හා පුද්ගල පෙර සඳහන් කෘත්‍ය දෙකට බද්ද වු ව්‍යාපෘති හා ක්‍රියාකාරකම් මට්ටමින් ප්‍රගති සමාලෝචනය

පරිපුර්ණ උපකරණ පුවරුවක අලෙවිකරණ ප්‍රගතිය ප්‍රදර්ශනය කලයුතු අතර එ මගින් වඩාත් ගුණාත්මක කොටස් හදුනාගනු ලබන අතරම තීන්දු තීරණ ගැනීම පහසු කරයි. මෙයට අමතරව, උපකරණ පුවරුව හේතුවෙන් අලෙවිකරණයෙහි අගය පෙන්නුම් කරනු ලබයි. අලෙවිකරණය ව්‍යාපාරය සමග සමපාත කිරීම සදහාද එය වැදගත් වෙයි.[5]

ක්‍රියාවලිය[සංස්කරණය]

දත්ත එක්රැස් කිරීම, කාර්යසාධන නිර්ණායක සකස්කිරීම, ඇගයීම හා වාර්තාකරණය පිණිස මෙහෙයුම් කාර්යක්ෂමතා ප්‍රමිතික (MPM) ගොඩනගන වෘත්තිකයන් සංවෘත්ත-ලුප (closed-loop) ව්‍යාපාර ක්‍රියවලිය ඊට උපයෝගී කර ගැනෙයි.[1][9][5]

මෙම අලෙවිකරණ ක්‍රියාවලිය උදෙසා පියවරෙන්-පියවර ක්‍රියාමාර්ග සටහන් කලයුතු අතර එය අඛණ්ඩව අනුගමනය කලයුතුය. මෙහිදී ක්‍රියාවලි අනුරූපිතය(Process Map) ඉතාම වැදගත් මෙවලමකි. ව්‍යාපාර අභිමතාර්ථ ලගාකරගැනීමට පැහැදිලිව හඳුනාගන්නා ලද ඉලක්ක උපයෝගිකරගැනීමේ ශිල්පීයක්‍රමය ක්‍රියාවලි අනුරූපනය (Process Mapping) ලෙස හදුනා ගනී. එය අලෙවිකරුවන් විසින් ගන්නාලද ක්‍රියාමර්ග හොඳින් පැහැදිලි කරනු ලබයි. එමගින් එකී අනුරූපිතය ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය වන කුසලතාවන් හඳුනාගන්ට ද පුළුවන. එයටද අමතරව ආයතනයට අවශ්‍යවන තාක්ෂණික හා පුහුණු අවශ්‍යතා ක්‍රියාවලි අනුරූපිතය(Process Map) හරහා දැක ගැනීමටද පුළුවන. ISO 9001 තත්ත්ව සහතිකය අපේක්ෂා කරන ආයතන සදහාද ක්‍රියාවලි අනුරූපිතය(Process Map)තත්ත්ව කළමනාකරණයේඅත්‍යවශ්‍ය සාධකයකි.[1]

අලෙවිකරණ ප්‍රමිතික උපායමාර්ගික වර්ගීකරණයට අවශ්‍යවන රාමුව සලසයි.

අලෙවිකරණ ප්‍රමිතික සන්තති මගින් ප්‍රමිතික උපායමාර්ගික වර්ගීකරණයට අවශ්‍යවන රාමුව සලස්වයි. මෙකී ප්‍රමිතික සන්තති, ක්‍රියාකාරිත්ව-පාදකයේ සිට පුරෝකථන ක්‍රමවේදය දක්වා වෙනස් කරවීමෙන්, අලෙවිකරුවන්ට වඩාත් සුගම හා නිරවද්‍ය අලෙවිකරණ ඇගයීමකට ප්‍රවේශ විය හැකිය.[5]

පද්ධති හා මෙවලම්[සංස්කරණය]

අලෙවිකරණ ප්‍රමිතික ක්‍රියාත්මකවීමේදී: කාර්යසාධනය මුලික කරගත් (Performance Driven) අලෙවිකරණ සංවිධානය[5] කාර්යසාධනය මුලික කරගත් සංවිධානය බිහි කිරීම සදහා සාධක දෙකක් අවශ්‍ය වේ: අදාල දත්ත ලබාගැනීමට වුවමනා ප්‍රමිතිය හා එකී දත්ත උපයෝගී කරගෙන කාර්යසාධන ප්‍රමිතික නිර්මාණය කිරීමේ හැකියාවයි.[5]

පද්ධති හා මෙවලම් උපයෝගී කරගෙන කාර්යසාධන ආයෝජන නිශ්චය කිරීමටත් ආයතනයේ සමස්ත ප්‍රගතියට අලෙවිකරණයේ දායකත්වය දැන ගැනීමටත් පුළුවන. පද්ධති හා මෙවලම් උපයෝගී කර නොගෙන,කාර්යසාධනය මුලික කරගත් අලෙවිකරණය පමණක් මගින් ආයතනයක් තුල සාර්ථකත්වය ලගාකරගනීම අපහසුය.[5]

කළමනාකරණය සහ කුසලතා[සංස්කරණය]

A Forrester Research and Heidrick and Struggles සිදුකල The Evolved CMO නම් වූ, අධ්‍යනයක් හෙළිදරව් කරනුයේ ප්‍රධාන හා ජේෂ්ඨ අලෙවිකරුවන් 115 ක ගෙන් 20% පමණ වූ අලවිකරණ ඇගයීම සම්බන්ධව නිසි වැටහීමක් නොමැතිබවත්, පාරිභෝගික සම්බන්ඳතා කළමනාකරණය(CRM) සහ පාරිභෝගික දත්ත විශ්ලේෂණය නොදන්නා බවය.[10] අලෙවිකරණය තුලින් මෙම දැනුම ඔවුන්ට සිය ව්‍යාපාර නව වෙළදපොල කර යොමුකිරීමටත්, නව නිෂ්පාදන වෙලදපොළට හදුන්වා දීමටත් උපකාරී වේ.[11]

ඇගයීම, විශ්ලේෂණය හා දත්ත කළමනාකරණය පිළිබද කුසලත්වය සහිත වෘත්තිකයන් ක්ෂේත්‍රයේ ඉහලම ඉල්ලුමට ලගාවියහැකිය. එම අයට පාරිභෝගික වුවමනා එපාකම් හදුනාගැනීම තුලින් තම ආයතනවල අලෙවිය ප්‍රවර්ධනය කරගත හැකිය. මෙම අලෙවිකරුවනට අලෙවිකරණය මගින් ආයතනයේ වෙළදාමට සිදුවී පවතිනා වෙනස ඇගයීමටත්, එකී ප්‍රමිතික සරල වගු, ප්‍රස්ථාර හා තොරතුරු ලෙසින් ඉදිරිපත් කරන්නටත්, ඒ හරහා ආයතනයේ ඉහල කළමනාකාරිත්වයට (CEOs, CFOs, සහ සෙසු CxOs) සත්‍ය කරුණු අවබෝධ කරදීමටත් පුළුවන.[5]

එක්සත් ජනපදය පාදක කරගත් අධ‍යනයක් සිදුකල කළමනාකරණ උපදේශකයින් වන ඹෙර්සිනන්ඩ් ඇස්සොcඉඅටෙස් හෙළිකරනු ලබන්නේ " අද ඇමෙරිකාවේ සමාගම් අතරින් 40% කට වැඩිය විශ්වාසය තබා සිටින්නේ 'කාර්යසාධනය මුලික කරගත් සංස්කෘතියක්' ගොඩනංවා ගැනීම මුල් පෙල කුසලතා මුලොපායක් ලෙසය”."[12] කණ්ඩායම් හැඟීම ඇතිකරවන, සේවක සංවර්ධනය සලසන වටපිටාව සහ සම්පත් බලගන්වන ආයතන සංස්කෘතිය වඩාත් ගුණාත්මක ප්‍රතිඵල පෙන්වයි. මෙයටම සමරුපී ලෙස සෙසු වර්ධනීය ක්‍රියාවලීන්ට (නිදසුනක් ලෙස Six Sigma තත්ත්ව කළමනාකරණ වැඩසටහන), මෙහෙයුම් කාර්යක්ෂමතා ප්‍රමිතික (MPM) සදහා ආයතනය තුල වගවීමෙ සංස්කෘතියක් ඇතිකළ යුතුය.[2] නිසි විනයානුකුල ප්‍රවේශයකින් තොරව, මෙහෙයුම් කාර්යක්ෂමතා ප්‍රමිතික (MPM) සාර්ථකව හඳුන්වාදුන්නද එයින් නිෂ්පාදන කාර්යසාධනයට යහපත් ප්‍රතිඵල ගෙන නොදෙයි.

පාර්ශවකරුවන්[සංස්කරණය]

මෙහෙයුම් කාර්යක්ෂමතා ප්‍රමිතික (MPM) හදුන්වාදීමේදී ප්‍රධාන පාර්ශවකරුවන් වනුයේ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී Chief Marketing Officer (CMO), ප්‍රධාන මුල්‍ය නිලධාරී Chief Financial Officer (CFO), සහ කළමනාකරණය අලෙවිකරණ අංශයයි.[5]

ආයතනයේ අලෙවිකරණ වගවීම ප්‍රධාන පාර්ශවකරුවන් වනුයේ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී(CMO) වෙත රැදෙයි. ප්‍රධාන අලෙවිකරණ නිලධාරීයා(CMO) මෙහෙයුම් කාර්යක්ෂමතා ප්‍රමිතික(MPM) වෘත්තිකයන් සමග සවිස්තරව විමසමින් අලෙවිකරණ ඉලක්ක බිහිකරමින් අලෙවිකරණය සදහා ආයතනික වැදගත් කමක් ඇතිකරනු ලබයි. අලෙවිකරණ කාර්යක්ෂමතාවය මැනීමටත්, එය වර්ධනය කිරීමටත්, නව ප්‍රමිතික සෑදීමටත් අලෙවිකරණ මෙහෙයුම් සහ විශ්ලේෂණ වෘත්තිකයන් ගේ වගකීම් වේ. එම පිරිස්වල වගකීම වනුයේ අලෙවිකරණය කාර්යක්ෂමත්ව හා කාර්යසාධනය වැඩි දියුණු වන පරිදි විවිධ ක්‍රමවේදයන් සැකසීමය.[6] එයට අමතරව එම අයගේ අභියෝගය වනුයේ අලෙවිකරණ මෙවලම් පුවරුවට අවශ්‍ය වන දත්ත අලෙවිකරණ මෙහෙයුම් මාර්ග අනුරුපිත(Road map) සදහා වන දත්ත එක්රැස් කිරීම හා විශ්ලේෂණයයි. රාජ්‍ය ආයතනයක හෝ ව්‍යාපාරයක ප්‍රධාන මූල්‍ය නිලධාරීවරයා (Chief Financial Officer-CFO) එකී ආයතනයේ මූල්‍ය අවධානම දරන ප්‍රධාන වගකිවයුත්තාය. මෙම නිලධාරියා මූල්‍ය සැලසුම්කරණය,සටහන්කරණය හා ඉහල කළමණාකරනයට වාර්තා කිරීම යන අමතර වගකීමද ඔහු මත වේ. ඕනෑම ආයතනයක තීරණාත්මක කාර්යභාර්යයක් පවරන අලවිකරණය සම්බන්ධවද එහි මූල්‍යමය පැත්ත සම්බන්ධව CFO වැදගත් පාර්ශවකරුවෙකි.[5]


අමතර කියවීම[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 Gerard, Michael (2008-04-07). "The best technology marketers are well versed in MPM". B2B Magazine. සම්ප්‍රවේශය 2008-11-03.
  2. 2.0 2.1 Collins, Kimberly (2007-02-27). "Marketing Performance Management Improves Accountability". Gartner. සම්ප්‍රවේශය 2008-11-03.
  3. 3.0 3.1 3.2 3.3 "Top companies generate actionable insights from social media monitoring and analysis". Aberdeen Group. සම්ප්‍රවේශය 2008-11-03.
  4. 4.0 4.1 4.2 4.3 "Customer Intelligence / Marketing Automation Research" (PDF). AberdeenGroup Educational Series. Aberdeen Group. March 2007. සම්ප්‍රවේශය 2008-11-03.
  5. 5.00 5.01 5.02 5.03 5.04 5.05 5.06 5.07 5.08 5.09 5.10 5.11 5.12 5.13 Marketing Metrics in Action: Creating a Performance-Driven Marketing Organization උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "laura_patterson" defined multiple times with different content
  6. 6.0 6.1 6.2 6.3 Ament, Leslie. "Marketing Performance Management: In Search of Marketing's Elusive ROI". Aberdeen Group. සම්ප්‍රවේශය 2008-11-03.
  7. Elis, Booker (2008-05-05). "Roundtable: Taking measure of which metrics matte". BtoB magazine. සම්ප්‍රවේශය 2008-11-03.
  8. "Timing Right for Kronos to Develop New Marketing Metrics and Dashboard" (PDF). VisionEdge Marketing. සම්ප්‍රවේශය 2008-11-03.
  9. Collins, Kimberly. "Toolkit: How to Create Closed-Loop Processes for Marketing Performance Management". Gartner. සම්ප්‍රවේශය 2008-11-03.
  10. "The Evolved CMO" (PDF). Forrester Research and Heidrick and Struggles. සම්ප්‍රවේශය 2008-11-03. [භින්න වූ සබැඳිය]
  11. Lane, Michel (2006-06-10). "Marketing Performance Management: The Case for Customer Experience Management". Chief Marketer. සම්ප්‍රවේශය 2008-11-03.
  12. "Workforce Performance Management: Now Business Critical". Bersin and Associates. සම්ප්‍රවේශය 2008-11-03.

මූලාශ්‍ර[සංස්කරණය]