අලෙවිකරණය - බෙදාහැරීම
| මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල බව යෝජිතව ඇත්තේ මන්ද අලෙවිකරණය_-_බෙදාහැරීම වන මෙම ලිපිය අළෙවිකරණය යන ලිපියේ උප මාතෘකාවක් ලෙස එකතු කර ඇති බැවිනි. නිසාවෙනි. ස්ථීර උපමානයක් සදහා, CSD බලන්න.
එහෙත් මෙම ලිපිය ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල නොවන්නේ නම්, හෝ ඔබ විසින් අදාල කරුණ නිවැරදි කිරීමට අදහස් කරන්නේ නම්, කරුණාකර මෙම නිවේදනය ඉවත් කරන්න, එහෙත් ඔබ විසින් නිර්මාණය කර තිබෙන පිටුවල ඇති නිවේදන ඉවත් නොකරන්න. ඔබ විසින් මෙම පිටුව නිර්මාණය කලේ නම් සහ එහි ඉක්මන් මකාදැමීමක් සදහා ඔබ එකඟ නොවන්නේ නම්, පහත දැක්වෙන බොත්තම එබීමෙන් ඔබ හට පෙර-ආකෘතිකරණය කල ස්ථානයකට යා හැකි වන අතර එහිදී ඔබ හට මෙම ලිපිය මකා නොදැමිය යුත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව පැහැදිළි කලහැක. අවශ්‍යනම් ඔබට මෙහි සාකච්ඡා පිටුවට කෙලින්ම ගොස් පණිවුඩයක් තැබීමට හෝ ඔබ විසින් පෙර තබන ලද පණිවුඩයකට ප්‍රතිචාර ලැබී ඇත්දැයි පරීක්ෂාව කලහැක. මෙම නිවේදනය සමඟ එක්කලපසු, ඉක්මන් මකාදැමීමේ උපමානය සමග අවිවාදයෙන් යෝග්‍ය වී ඇත්නම් හෝ සාකච්ඡා පිටුවෙහි තබා ඇති මකාදැමීම නොකලයුතු ඇති කරුණු ප්‍රමාණවත් නොමැතිනම් හෝ මෙය ඕනෑම වේලාවක මකා දැමීමට ඉඩ ඇත. ඔබ දැනටමත් මෙහි සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තබා ඇතතත් මෙම නිවේදනය දිස්වේනම්, මෙම පිටුවෙහි කෑෂය ශෝධනයකර බලන්න. පරිපාලකයනි: මකා දැමීමට පෙර සැබැඳි, ඉතිහාසය (අන්තිම), සහ ලඝු පරීක්ෂා කරන්න. ගූගල් හී පරීක්ෂාවකට භාජනය කරන්න: ජාල, පුවත්.
|
[සංස්කරණය] විකුණුම් මාර්ග
- විකිණීමේ නිළධාරියාම පත්කිරීම.
- නිෂ්පාදකයාගෙන් කෙළින්ම පාරිභෝගිකයාට (කෙළින්ම)
- නිෂ්පාදකයාගෙන් තොග වෙළෙන්ඳාට ඉන් පසු සිල්ලර වෙළෙන්ඳාට අවසානයේ පාරිභෝගිකයාට (සාම්ප්‍රදායිකව)
- නිෂ්පාදකයාගෙන් නියෝජිතයාට, ඉන්පසු සිල්ලර වෙළෙන්ඳාට, අවසානයේ පාරිභෝගිකයාට (වර්තමානයේ භාවිතා වන ක්‍රමය)
- නිෂ්පාදකයාගෙන් නියෝජිතයාට, ඉන්පසු තොග වෙළෙන්ඳාට, සිල්ලර වෙළෙන්ඳාට අවසානයේ පාරිභෝගිකයාට.
- නිෂ්පාදකයාගෙන් නියෝජිතයාට, අවසානයේ පාරිභෝගිකයාට (උදා: AMWAY)
[සංස්කරණය] නිෂ්පාදකයන්
නිෂ්පාදකයාගෙන් පාරිභෝගිකයන්ට, කෙළින්ම භාණ්ඩ අලෙවි කිරීමට හේතු
- නිෂ්පාදකයාට භාණ්ඩ පාරිභෝගිකයාට ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාව (පාරිභෝගිකයා දැනුවත්ව අලෙවි කිරීම).
- තොග වෙලෙන්ඳන්, සිල්ලර වෙළෙන්ඳන් හා නියෝජිතයන් සක්‍රීය ආකාරයෙන් විකිණීම් නොකිරීම.
- භාණ්ඩ ගබඩා කර තැබීමට තොග වෙළෙන්ඳාට හෝ සිල්ලර වෙළෙන්ඳාට නිෂ්පාදකයා විසින් බලපෑම් කිරීමට නොහැකි වීම.
- තොල වෙළෙන්ඳන් හා සිල්ලර වෙළෙන්ඳන් විසින් අධික ලාභ ප්‍රතිශතයක් භාණ්ඩයට එකතු කිරීම වළක්වා ගැනිම.
- අතරමැදියාට භාණ්ඩ ප්‍රවාහනයට ඇති අපහසුතාවය.
[සංස්කරණය] භාණ්ඩ හා සේවා වක්‍රව විකිණීමට හේතු
- නිෂ්පාදනකරුට භාණ්ඩ බෙදා හැරීම සඳහා මුදල් ප්‍රතිපාදන නොමැති වීම.
- බෙදා හැරීමේ ක්‍රමවේද වෙළඳපොලේ ස්ථාපිත වී තිබීම.
- නිෂ්පාදකයාට භාණ්ඩ කාර්යක්ෂමව බෙදා හැරීම සඳහා දැනුම නොමැති වීම.
- නිෂ්පාදිතයාට බෙදා හැරීමට යවන මුදල් වෙනත් භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා යෙදවීම.
- විශාල ප්‍රදේශයක පාරිභෝගික ප්‍රමාණය වැඩි වීම නිසා ඔවුන් වෙත ලඟා වීමේ අපහසුතාවය.
- කාර්යක්ෂම අලෙවිකරණයක් සඳහා අවශ්‍ය වන විවිධ වර්ගවල භාණ්ඩ නිෂ්පාදකයා සතු නොවීම.
[සංස්කරණය] තොග වෙළෙන්ඳන්
තොග වෙළෙන්ඳන් භාවිතයට හේතු
- සිල්ලර වෙළෙන්ඳාට හෝ පාරිභෝගිකයාට කෙලින්ම භාණ්ඩ අලෙවිකිරීමේ අවදානම දරා ගැනීම.
- භාණ්ඩ ගබඩා කිරීමට ඇති තරම් ඉඩ කඩ නිෂ්පාදකයා සතු නොවීම.
- ප්‍රවාහන පිරිවැය අඩු කිරීම සඳහා.
- සිල්ලර වෙළෙන්ඳන්ට ණය පහසුකම් ලබාදීමට.
- තොග වෙළෙඳුන් නිෂ්පාදකයන්ගේ භාණ්ඩ වෙනුවෙන් පෙනී සිටීම.
- නිෂ්පාදකයාට තොග වෙළෙඳුන්ගෙන් උපදෙස් ලබාගත හැකි වීම.
- නිෂ්පාදකයන් කුඩා තොග වශයෙන් විකිණීමට ඇති හැකියාව.
[සංස්කරණය] තොග වෙළෙන්ඳා මග හැරයාමට හේතු
- සීමිත ගබඩා පහසුකම්.
- සිල්ලර වෙළෙඳුන්ගේ කැමැත්ත.
- තොග වෙළෙඳුන්ට භාණ්ඩ ප්‍රවර්ධන කටයුතු සාර්ථකව කල නොහැකි වීම.
- තොග වෙළඳුන් ඔවුන්ගේ වෙළඳ නාමය ප්‍රචලිත කිරීම.
- වෙළඳපොල සමඟ කිට්ටු සම්බන්ධතා තබා ගැනීමට ඇති කැමැත්ත.
- බලය ස්ථාපිත කිරීම.
- තොග වෙළෙන්ඳන්ගේ සේවා සඳහා වැය වන පිරිවැය.
- මිල ස්ථාවරව පවත්වා ගැනීම.
- කඩිනම් බෙදාහැරීමක අවශ්‍යතාවය.
- වැඩිපුර මුදල් උපයා ගැනීමට.
[සංස්කරණය] තොග වෙළඳුන් මගහැර යාමේ ක්‍රම/ ශාඛා ඇතිකිරීම
- තැපෑලෙන් ඇණවුම් භාරගැනීම.
- කෙලින්ම භාණ්ඩ සිල්ලර වෙළඳුන්ට විකිණීම.
- සංචාරක නියෝජිතයන්.
- කෙලින්ම ඇණවුම් බාර ගැනීම.
[සංස්කරණය] නියෝජිතවරු
- කොමිස් නියෝජිතවරු සේවාව සපයනුයේ කොමිස් මුදලට පමණයි. ඔවුන් භාණ්ඩවල අයිතියක් ලබාගන්නේ නැත. ඔවුන්ගේ සේවාව අවශ්‍ය ඕනෑම කෙනෙකුට එම සේවය සැපයීමයි.
- විකිණීමේ නියෝජිතවරු කොන්ත්‍රාත්ක්‍රමයට, නිෂ්පාදකයාගේ සියලු භාණ්ඩ විකිණීම කරයි. ඔවුන්ට භාණ්ඩයේ මිල හා කොන්දේසි පිළිබඳව සම්පූර්ණ බලය ඇත.
මිලදී ගැනීමේ නියොජිතවරු, නිෂ්පාදකයන් හා සිල්ලර වෙළෙඳුන් වෙනුවෙන් භාණ්ඩ මිලදී ගනියි. මිලදී ගැනීමේ ක්‍රියාවලිය පිලිබඳ විශේෂඥ දැනුම ඔවුන් සතුය.
[සංස්කරණය] තැරැව්කරුවන්
එක් විශේෂ භාණ්ඩයක් විකිණීම පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා ඇත. තැරැව් ගාස්තු අය කරයි.
[සංස්කරණය] කර්මාන්ත ශාලා නියෝජිතවරු
නිෂ්පාදකයන් වැඩි දෙනෙකුගේ නියෝජිතයා වේ. නියමිත නිෂ්පාදන කොටසක් මත ඔවුන්ගේ කාර්යය සිදු කරන අතර එයට අදාල භාණ්ඩ විකිණීම සිදු කරන අතර මිල හා විකිණුම් කොන්දේසි සම්බන්ධයෙන් සීමාසහිත බලයක් පවතී.
[සංස්කරණය] අලෙවිකරණ මිශ්‍රණය
කාර්ය සාධන ක්‍රියාකාරකම් ගණනාවකින් භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමේදී පාරිභෝගික තීරණයට බලපෑම් කරන සමාගම් හාවර්ඩ් බිස්නස් ස්කූල්ස් මහාචාර්ය නීල් මෝර්ඩන් විසින් 1960 මුල් කාලයේ දී හඳුනාගන්නා ලදි. සමාගමේ ක්‍රියාකාරකම් සියල්ල අලෙවිකරණ මිශ්‍රණයක් නියෝජනය කරන බව බෝර්ඩෑන්ඩන් විසින් යෝජනා කරන ලදි. හාවර්ඩ් බිස්නස් ස්කූල් මහාචාර්ය ඊ ජෝරොම් මෑක්කාරින් විසින් 1960 මුල් කාලයේ දී අලෙවිකරණ මිශ්‍රණය මුලිකාංග 4 කින් සමන්විත බව යෝජනා කරන ලදි. එනම් නිෂ්පාදිතය, මිල සහ ස්ථානය සහ ප්‍රවර්ධනය වශයෙනි.
ජනප්‍රිය ව්‍යවහාරය අනුව අලෙවිකරණය යනු නිෂ්පාදිතයක් ප්‍රවර්ධනය කිරීම, විශේෂයෙන්ම ප්‍රචාරය සහ සන්නම් කිරීම වේ. කෙසේ වෙතත් වෘත්තිමය භාවිතයේ දී අලෙවිකරණය යනු ගනුදෙනුකරුවන් කේන්ද්‍රගත ලෙසින් පිළිගනු ලබන පුළුල් අර්ථයක් ලෙස ඇති වචනයකි. නිෂ්පාදිතයන් බොහෝ විට සංවර්ධනය කරනු ලබනුයේ ගනුදෙනුකාර කණ්ඩායමක කැමැත්ත සපුරා ලීම සඳහාය. ඇතැම් අවස්ථාවන්හිදී විශේෂිත කණ්ඩායම් සඳහා ද යොදා ගනී. ඊ. ජෙරම් මැකාර්ති විසින් අලෙවිකරණය පොදු ක්‍රියාකාරකම් කට්ටල හතරකට බෙදන ලදි. ඔහුගේ පද යෙදීම සර්‍වභෞමිකව පිළිගනු ලැබීමත් සමඟ 'පී' හතර ලෙස ව්‍යවහාරයට ඇතුලත් වී ඇත.
නිෂ්පාදිතය, අලෙවිකරණ, නිෂ්පාදිත අගය, සත්‍ය භාණ්ඩ හෝ සේවාවන්හි වැඩි විස්තර සඳහා කටයුතු කරනු ලැබේ. අවසානයේ දි ප්‍රයෝජනයට ගනු ලබන්නාගේ අවශ්‍යතා සහ උවමනාවන්ට සම්බන්ධ ආකාරය, නිෂ්පාදිතයක විෂය පථය, පොරොන්දු පත්‍ර, ඇප සහතික පත් සහ සංගත වීම් වැනි සහාය අංග ද ඇතුලත් වේ. මිල කිරීම, වට්ටම් ද ඇතුලුව නිෂ්පාදිතයක් සඳහා මිලක් නියම කිරීමේ ක්‍රියාවලියට මෙය අදාල වේ. සම්බන්ධක ස්ථානය යනුවෙන් හඳුන්වනු ලබන (උදාහරණ - ඉල්ලූ විට ගැනීමට හැකි සහ සිල්ලර වෙළදාම) මෙයට භූගෝලීය ප්‍රදේශය හෝ කර්මාන්තය සහ කාණ්ඩය (තරුණ වැඩිහිටි පවුල් , ව්‍යාපාරික ප්‍රජාව) ආදිය ඇතුලත් වේ. මෙම අංග හරහා බොහෝ විට හඳුන්වනු ලබන්නේ අලෙවිකරණ මිශ්‍රණයයි. මේ මඟින් අලෙවිකරුවකුට අලෙවිකරණ සැලසුමක් පිළියෙල කර ගැනීමට හැකිය. අඩු අගයක සිට පාරිභෝගික භාණ්ඩ අලෙවි කිරීමේ දී මෙම පී 4 මොඩලය ඉතා ප්‍රයෝජනවත් වේ. කාර්මික නිෂ්පාදකයන්, සේවාවන්, ඉහළ අගයකින් යුත් පාරිභෝගික නිෂ්පාදිතයන් මෙම මොඩලයට ගැලපීම් කර ඇත.
මිල ගණන මුදල් වලින්ම සකස් වීම අවශ්‍ය නොවේ. එය හුදෙක් භාණ්ඩ හෝ සේවා සඳහා හුවමාරු කරගනු ලබන දෙයක් විය හැක. උදාහරණයක් වශයෙන් කාලය, බලශක්තිය, මනෝ විද්‍යාව හෝ අවධාන ප්‍රවර්ධනය, ප්‍රචාරණය, විකිණීම් ප්‍රවර්ධනය, ප්‍රචාරය සහ පුද්ගලික විකිණීම සහ මෙයට ඇතුලත් වෙයි. එමෙන්ම නිෂ්පාදිත සමාගම ප්‍රවර්ධනය කිරීමේ විවිධ ක්‍රම සමඟ සම්බන්ධ වේ. ස්ථානගත කිරීම(හෝ බෙදාහැරීම) සම්බන්ධ වනුයේ ගනුදෙනුකරුවා කරා නිෂ්පාදිතය යන ආකාරය අනුවය. උදාහරණයක් වශයෙන් විකිණීම් ස්ථාන ගත කරනු ලබන ස්ථානය හෝ සිල්ලර වෙළඳාම් කිරීම දැක්විය හැකිය. මෙම හතරවෙනි අංගය වන ස්ථානගත කිරීම, සමහර අවස්ථාවන්හිදි නිෂ්පාදිතය හෝ සේවාව විකුණනු ලබන මාර්ග සේවා අලෙවිකරණය මඟින් සේවාවන්හි විශිෂ්ට ස්වභාවයට වගකිවයුතු වේ. කාර්මික හෝ බී 2 බී අලෙවිකරණය මඟින් සැපයෙන ගනුදෙනුවලදී දැකගත හැකි සුලභ කරුණක් නම් දීර්ඝ කාලීන කොන්ත්‍රාත් ගිවිසුම් සඳහා වගකිව යුතුවීමයි. පුද්ගලික ගනුදෙනුවක් වෙනුවට දීර්ඝ කාලීන සම්බන්ධතා දෘෂ්ටි කෝණයකින් අලෙවිකරණය දෙස බැලීමෙන් මෙය ඉටු කිරීමට සම්බාධක අලෙවිකරණය උත්සාහ දරයි. මෙයට විරුද්ධ මතයන් පලකරන මෝගන් විසින් රයිඩිං ද වේව්ස් ඔෆ් චේන්ජල (ජොසිබාස්, 1988) යෝජනා කර ඇත්තේ පී 4 ප්‍රවේශයෙහි බරපතල සීමාකිරීම වනුයේ ඇතුලත සිට පිටත බැලිම බවයි. (සමාගම තුලින් පිටත බැලිම) නමුත් අලෙවිකරණයේ සාරය අඩංගු විය යුත්තේ පිටත සිට ඇතුලතටය. එතකුදු වුවත් අලෙවිකරණයේ ක්‍රියාකාරකම්වල ප්‍රධාන කාණ්ඩ වලට මතකයට ලඟා කර ගත හැකි හා ක්‍රියාවට නැඟිය හැකි මාර්ගෝපදේශයක් පී 4 පිරිනමයි.
[සංස්කරණය] නව නිෂ්පාදන වැඩි දියුණු කිරීම
[සංස්කරණය] සීමාව
- Breadth - යම් පරාසයක ඇති නිෂ්පාදන විධි ගණන (පළල)
- Depth - එක් නිෂ්පාදන විධියක ඇති නිෂ්පාදන ගණන (ගැඹුර)
[සංස්කරණය] භාණ්ඩ නිර්මාණයේ පියවර
- අදාල භාණ්ඩය පිළිබඳව අදහස් නිර්මාණය කිරීම හා වැඩි දියුණු කිරීම.
- නිෂ්පාදනය ගැන නිවැරදි අදහස් තෝරාගැනීම හා එම අදහස් නිර්මාණය කිරීම.
- භාණ්ඩයට ගැලපෙන සංකල්පය නිර්මාණය කිරීම හා පරීක්ෂා කිරීම.
- නිෂ්පාදන සංකල්පය විශ්ලේෂණය කිරීම.
- පාරිභෝගිකයාගේ සිත් ඇදගන්නා නිර්මාණය හා ඒ ගැන පරීක්ෂා කිරීම.
[සංස්කරණය] ගුණාත්මක ඇසුරුම් ක්‍රම සඳහා අවශ්‍යතා
- භාණ්ඩයේ අන්තර්ගතය ආරක්ෂාවන පරිදි ඇසුරුම් කිරීම.
- බෙදාහැරීමේ පහසුව, විකිණීමේ දී පහසුව, පාරිභෝගිකයාට නැවත භාණ්ඩය විවෘත කිරීමේ දී ඇති පහසුව, කිහිප වතාවක් පාවිච්චි කිරීමේ පහසුව.
- පරිසරයට ඇති හානිය වළක්වා ගැනීම.
- වියදම අවම කර ගැනීම.
- වෙළඳපලට සරිලන පරිදි ඇසුරුම් සැකසීම.
- ඇස් ඇදගන්නා පරිදි ඇසිරීම (විශේෂයෙන්ම සිල්ලර/පාරිභෝගික විකිණීම් සඳහා)
- භාණ්ඩයේ ඇති ලක්ෂණ සන්නිවේදනය කිරීම හා භාණ්ඩ සඳහා සුදුසු ඇසුරුම් අනුමත කිරීම.
- සිල්ලර වෙළෙන්ඳන්ගේ අවශ්‍යතා සමඟ ගැලපීම.
- ව්‍යාපාර ආයතනයේ ප්‍රතිරූපය නැංවීම.
- තරඟකාරි ආයතනවල නිෂ්පනාදනවලින් වෙන්කර හඳුනා ගත හැකි වීම.
- භාණ්ඩ ඇසුරුම්කරණයේ දී ඇති නීති රීතිවලට ගැලපීම.
- සේවා සහ භාණ්ඩ සැපයීම යන අවස්ථාවල වෙනස.
[සංස්කරණය] අංග සම්පූර්ණ නිෂ්පාදන සඳහා අංග සම්පූර්ණ වර්ණ යෙදීම
ඇසුරුම් ක්‍රම
- විශේෂ වූ ඇසුරුම් ක්‍රම : භාණ්ඩයේ ඇති විශේෂ ලක්ෂණ හොඳින් අවධාරණය වන පරිදි ඇසිරිම.
- ඒකාබද්ධ ඇසුරුම් ක්‍රම : නිෂ්පාදිත භාණ්ඩ වර්ග දෙකක් හෝ කීපයක් එකම ඇසුරමක ඇසුරුම් කිරීම.
- බහුරූපේක්ෂ (Kaleidocopic) ඇසුරුම් ක්‍රම : භාණ්ඩ ඇසුරුම් කරන ආකාරය දිගින් දිගටම යම් රටාවකට අනුව වෙනස් කිරීම.
- භාණ්ඩයේ පරිභෝජනය තෙක් ඇසුරුම් කිරීම : සිල්ලර වෙළෙන්ඳාට හෝ තොග වෙළෙන්ඳාට අදාල වන පරිදි සුදුසු ප්‍රමාණ ඇසුරුම් කිරීම.
[සංස්කරණය] නිෂ්පාදන කේන්ද්‍ර කරගත් අලෙවිකරණය
නිෂ්පාදන නව්‍යකරණ ක්‍රියාවලියේ දී ආයතනය නිෂ්පාදන නව්‍යකරණය සොයා යයි. ඒ අනුව නිෂ්පාදනයට වෙළඳපලක් සොයායාමට උත්සාහ දරයි. නිෂ්පාදන නව්‍යකරණය සඳහා අලෙවි සමීක්ෂණ මඟින් ලාභදායි වෙළඳපළ කොටසක් පවතී ද යන්න සොයා බැලිය යුතුය. සාමාන්‍යයෙන් පාරිභෝගිකයන් තමන්ට අනාගතයේදී කුමන තෝරාගැනීම් තිබේ ද යන්න නොදනී. එනිසා අප විසින් පාරිභෝගිකයන්ට අනාගතයේ දී කුමන නිෂ්පාදන මිලදී ගත යුතු ද යන්න කිව යුතු නැත. කෙසේ වෙතත් අලෙවිකරුවන් විසින් නිෂ්පාදන නව්‍යකරණය පසුපස තරඟකාරි ලෙස යාමෙන් කුඩා වෙළඳපල (NICHE) අධික ලෙස වාසියට හරවා ගත හැක. නිෂ්පාදන නව්‍යකරණය පසු පස යාමේ දී අලෙවිකරුවන් විසින් වෙනස්වන හා විවිධ තලවලින් යුතු නිෂ්පාදන නව්‍යකරණ මාර්ග යොදා ගැනීමට වග බලාගත යුතුයි. තෝමස් එඩිසන් අලෙවි සමීක්ෂණයක් මත පදනම් වූයේ නම් කුඩා විදුලි පහන් වෙනුවට විශාල විලක්කු නිපදවීමට ඉඩ තිබුණි. සමීක්ෂණ සහ සංවර්ධන කේන්ද්‍රය කරගත් ආයතන මෙන්ම සමාගම්, නිෂ්පාදන නව්‍යකරණයට සාර්ථකව අවධානය යොමුකර ඇත. (Nintendo වැනි ආයතන නිරතුරුවම වීඩියෝ ක්‍රියාකරන ආකාරය වෙනස් කරයි) පාරිභෝගික සමීක්ෂණයන්හි පශ්චාත් සිද්ධිවල තත්ත්වය නිසා මෙය නියම අලෙවි ආකෘතිය දැයි බොහෝ භාෂාශුද්ධිවාදියන් (Purists) සැක කරයි. සමහරෙක් අලෙවිකරණය යනු මෙය දැයි ප්‍රශ්න කරයි.
- අභ්‍යන්තර අලෙවිකරණය යනු නවතම අධ්‍යයනයන් අත්හදා බලන කේෂ්ත්‍රයකි. පාරිභෝගිකයන් ලබාගැනීම හා රඳවා තබා ගැනීමේ අවශ්‍යතාවය සඳහා වෙළඳ නාම ප්‍රචාරය කිරීම පිණිස සේවකයන් පුහුණු කිරීම හා පාලනය කිරීම.
- නව්‍යකරණය පැතිර වීමත් සමඟ නව භාණ්ඩ හා සේවා සඳහා ජනතාව සකස්වන්නේ කෙසේද ? යන්න සමීක්ෂණ මඟින් අධ්‍යයනය. එලෙස සකස් වන්නේ ඇයි ද? යන්න සොයා බැලීම.
- අන්තර්ජාල අලෙවිකරණය යනු අන්තර්ජාලයේ යොදා ගන්නා අලුත් රටාවක අලෙවිකරණයකි. මෙයට ඊ මාකටින්, ඇෆිලි සේට්මාකටින් (සම්බන්ධීකරණ අලෙවිකරණය) DESK TOP ප්‍රචාරණය හෝ ON LINE මාකටින් ලෙසද හඳුන්වයි. සාම්ප්‍රදායික අලෙවිකරණයේ යොදාගන්නා වෙළඳපල කොටස් කිරීමේ උපක්‍රමය පරිපූර්ණ කිරීමට මේ තුළින් උත්සාහ කරයි. මෙම ක්‍රමයෙන් අදාල පුද්ගල කොටස නියමිතව ඉලක්ක කිරීමට උත්සාහ කරයි. මෙය පෞද්ගලික අලෙවිකරණය හෝ එකට එක අලෙවිකරණය ලෙසද හඳුන්වයි.
- පාරිභෝගිකයන්ගේ ප්‍රචාරණ පණිවිඩවලට තිබෙන කැමැත්ත අඩුවීමත් සමඟ අලෙවිකරුවන් වෙළඳ ලකුණු යොදා ගනිමින්යථාර්ථවාදී අලෙවිකරණය වැනි අනුමත අලෙවිකරණ ක්‍රම දෙස අවධානය යොමු කළහ.
[සංස්කරණය] සමුහ වශයෙන් කරන අලෙවිකරණයේ අවස්ථා
Swarming The Shelves: මිනිසුන්ගේ සමුහ වශයෙන් වැඩ කිරීමේ කැමැත්ත තුළින් සාප්පුවල විකුණුම් වැඩි කර ගන්නේ කෙසේ ද?” යන්න සඳහා සකස් කරන ලද මනුෂ්‍ය චර්යා ආභාෂන විෂය රෝමයේ මෑතක තිබු සමුළුවකදී ආර්ථික විද්‍යා විශේෂඥයන් විසින් වාර්තා කරන ලදි. සමුහ හැඟීම් තුලින් වැඩියෙන් මිලදී ගැනීම" යන සංකල්පය මිලදී ගැනීම් වැඩි කිරීමේ බෙදාගත් ක්‍රමවේදයකි.
මෙහි ප්‍රධාන අදහස වන්නේ ජනතාව වැඩිපුර මිලට ගනු ලබන්නේ ජනප්‍රිය ලෙසට පෙනෙන භාණ්ඩය. ඒවායේ විවිධාකාර ප්‍රතිපෝෂණ ලබාගැනීමේ ක්‍රම සඳහන් කර ඇත.
Smart cart තාක්ෂණය හා ගුවන් විදුලි විස්තාරණ හඳුනා ගැනීමේ තාක්ෂණය යොදා ගැනීම.
Swarm – Moves" මොඩලය Princeton සමීක්ෂණ විසින් හඳුනාවාදෙන ලදි. මෙය සුපිරි වෙළඳසැල් සඳහා යොදා ගනී. මෙයින් “මහජනතාවට වට්ටම් ලබාදීමකින් තොරව විකුණුම් වැඩි කර ගත හැකිය" යන පදනමේ පිහිටා ඇත. විශාල සිල්ලර වෙළඳකරුවන් වන ඇමෙරිකා එක්සත් ජනපදයේ WAL – Mart සහ බ්‍රිතාන්‍යයේ Tesco 2007 Spring සෘතුවේදී මෙම තාක්ෂණය මඟින් විකුණුම් වැඩිකර ගැනීමට උත්සාහ කිරීමට සැලසුම් කර ඇත.
සමාජ බලපෑමේ බලය" පෙන්වන තවත් මෑතකාලීන උදාහරණයක් නම් "පෙර නොදැන සිටි ගීත 1400 ක් පමණ බාගත කරන ලද කෘතීම සංගීත වෙළඳපළයි" (කොළොම්බියා විශ්ව විද්‍යාලය, නිව්යෝර්ක්)
ජපානයේ Chains of Loreienee stores එහි නිෂ්පාදන දෙපාර්තමේන්තු ගබඩාවල විකුණුම් දත්ත හා අලෙවි ආයතනවල විකුණුම් දත්ත මත විකුණුම් වැඩිදියුණු කිරීමට සමාජ ජාල වල දැනුම Massachusetts යොදා ගනී.