අර්ධ කෝෂය

විකිපීඩියා වෙතින්

අර්ධ-කෝෂයක් යනු, ස්වභාවිකව පවත්නා හෙල්මෝල්ට්ස් ද්වික ස්තරයකින් වෙන්වූ. සන්නායක ඉලෙක්ට්‍රෝඩයකින් සහ එය වටා වූ සන්නායක විද්‍යුත් විච්ඡේද්‍යයකින් සමන්විතවූ ව්‍යුහයකි. මෙම ස්තරය තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියා විසින් ඉලෙක්ට්‍රෝඩය සහ විද්‍යුත් විච්ඡේද්‍යය අතර විද්‍යුත් ආරෝපණ ක්ෂණික ලෙසින් පොම්ප කරන අතර, ඒ නිසා ඉලෙක්ට්‍රෝඩය සහ විද්‍යුත් විච්ඡේද්‍යය අතර විභව අන්තරයක් ඇති වෙයි. සාමාන්‍ය ඇනෝඩ ප්‍රතික්‍රියාවක් සමන්වික වන්නේ ඉලෙක්ට්‍රෝඩයේ ලෝහ පරමාණුවක් ද්‍රාව්‍ය වීම සහ ද්වික ස්තරය හරහා ධන අයනයක් ප්‍රවාහනය වීම වන අතර, මේ නිසා විද්‍යුත් විච්ඡේද්‍යය විසින් ශුද්ධ ධන ආරෝපණයක් අත්පත් කර ගන්නා අතර ඉලෙක්ට්‍රෝඩය විසින් ශුද්ධ සෘණ ආරෝපණයක් අත්පත් කර ගනියි. විභව අන්තරය වැඩෙත්ම, එය විසින් ද්වික ස්තරය තුල තීව්‍ර විද්‍යුත් ක්ෂේත්‍රයක් නිමවන අතර, ක්ෂේත්‍රය විසින් ශුද්ධ ආරෝපණ-පොම්ප කිරීමේ ප්‍රතික්‍රියා නවතන තුරු විභවයේ අගය ඉහළ යයි. එකලී අර්ධ-කෝෂ වලදී මෙම ස්වයං-සීමාකාරී ක්‍රියාව ක්ෂණයකින් පාහේ සිදුවෙයි; භාවිතයේදී අසමරූපී අර්ධ -කෝෂ දෙකක් සුදුසු පරිදී සම්බන්ධ කිරීමෙන් ගැල්වානි කෝෂයක් තනනු ලැබේ.

විද්‍යුත් රසායනික විද්‍යාවෙහි භාවිතා වන සම්මත අර්ධ-කෝෂයක් සමන්විත වන්නේ, 298 කෙල්වින් (25 °C) හී පවතින ලෝහයේ ලවණයෙහි 1 මවුල (1 mol/L) ජලීය ද්‍රාවණයක පවතින ලෝහ ඉලෙක්ට්‍රෝඩයක් වෙතිනි.[1] සම්මත ඔක්සිහරණ විභවයන්ගෙන් සමන්විත වන සහ සක්‍රීයතා ශ්‍රේණියට කිට්ටු බන්ධුතාවයක් දක්වන විද්‍යුත් රසායනික ශ්‍රේණිය ජනනනය කර ඇත්තේ, ලුණු සේතුවකින් සම්බන්ධ කෙරුණු ලෝහ අර්ධ-කෝෂය සහ සම්මත හයිඩ්‍රජන් අර්ධ-කෝෂයක් අතර විභව අන්තරය මැනීමෙනි.

සම්මත හයිඩ්‍රජන් අර්ධ -කෝෂය:

2H+(aq) + 2e- → H2(g)

ඩැනියෙල් කෝෂයක අර්ෂ-කෝෂ:

මුල් සමීකරණය
Zn + Cu2+ → Zn2+ + Cu
Zn අර්ධ-කෝෂය (ඇනෝඩය)
Zn → Zn2+ + 2e
Cu අර්ධ-කෝෂය (කැතෝඩය)
Cu2+ + 2e → Cu

ආශ්‍රිත[සංස්කරණය]

  1. ඇන්ඩෲස්, ඩොනල්ඩ් එච්. (1962). "ඉලෙක්ට්‍රොකෙමිස්ට්‍රි". ෆන්ඩමෙන්ටල් කෙමිස්ට්‍රි. නිව්යෝර්ක්: ජෝන් විලි හා පුත්‍රයෝ, ඉන්කෝ. p. 482. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
"https://si.wikipedia.org/w/index.php?title=අර්ධ_කෝෂය&oldid=304093" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි