අරඩියා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
ෆ්‍රන්සොස් බෝචර්ගේ ගේ චිත්‍රයක ඩයානා දේවතාවිය. දේවතාවිය අර්ධ චන්ද්‍ර සංකේතය ඇති නලල් පටක් පැලඳ ඇත.

අරඩියා (Aradia) යනු ඉතාලියානු මායාකර්ම පුරාවෘත්ත වල එන ඉතා විශේෂ දේවතාවියකි (ග්‍රීක බසින් හෙරෝඩියස් Herodias නමින් හැඳින්වෙන්නේ ද ඇයයි). ඇය ඩයානා (චන්ද්‍ර දේවතාවිය) හා ඇගේම සහෝදරයා වන ලුසිෆර් (හිරු දෙවියන්) ට දාව උපන් කුමරියයි. පෘථිවියේ දුක් විඳින මිනිසුන්ට සහ ගැහැනුන්ට මායාකර්ම දැනුම ලබා දීමට ඇගේ මව වන ඩයානා විසින් පොලොවට එවන ලදී.[1]

[සංස්කරණය] උපත

අරඩියා ගේ මව වන්නේ ඩයානා දේවතාවියයි. ඩයානා විසින් ඇගේ ආලෝකවත් අර්ධය වන ලුසිෆර් (හිරු දෙවියන්) තමාගෙන් වෙන් කර ඇගේ සහෝදරයා ලෙස නිර්මාණය කරගත්තේ ය. නමුත් ලුසිෆර් ඩයානාගෙන් වෙන්ව පලා ගියේ ය, ඇගේ ආලෝකය ඇය විසින්ම නැති කරගන්නා ලදී. මින් මහත් සේ දුක් වූ ඩයානා නැවත තමාගේ ආලෝක අර්ධය සමඟ එක් වීමට ඉටා ගත්තේ ය. ඩයානා කළු බැළලියකගේ (ලුසිෆර් ගේ සුරතලා කලු බැළලියකි) වෙස් ගෙන තම සහෝදරයා වන ලුසිෆර් සමඟ යහන් ගත විය. මෙහි ප්‍රථිඵලයක් වශයෙන් ඇගේ කුසේ අරඩියා බිහි විය.

මායාකාරීන්ගේ දේවවාක්‍ය පොතේ පිට කවරය

[සංස්කරණය] මායාකාරීන්ගේ දේවවාක්‍ය (Aradia o il Vangelo della Strega)

Aradia o il Vangelo della Strega (මායාකාරීන්ගේ දේවවාක්‍ය) යනු අරඩියා සම්බන්ධව 1899 දී ලියැවුනු පොතකි. මෙය ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත්තේ චාර්ල්ස් ගොඩ්ෆි‍්‍ර ලේලන්ඩ් විසිනි. ලේලන් ඩ් පවසන පරිදි එම පොත ලියා ඇත්තේ මැඩලේනා නම් තැනැත්තියක් විසින් ඔහුට දෙන ලද අත් පිටපතක් අනුසාරයෙනි. එය, ඉතාලියේ ෆ්ලෝරන්ස් හා ටස්කනි ආශ්‍රිත ප්‍රදේශ වල ජන විශ්වාස හා ඇදහිලි මත පදනම්ව ඇත.

[සංස්කරණය] References

  1. Aradia, the Gospel of the Witches by Charles G. Leland, 1899
"http://si.wikipedia.org/w/index.php?title=අරඩියා&oldid=182811" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්