අයි.පී. ලිපිනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සන්නිවේදනය සදහා අන්තර්ජාල කෙටුම්පත (ප්‍රටෝකෝලය) (Internet Protocol) භාවිතා වන පරිගණක ජාලකරණයේදී (computer network)පාවිච්චි කරන එක් එක් උපාංග (උදා. පරිගණකය, මුද්‍රණ යන්ත්‍රය) සඳහා යොදන සංඛ්‍යාත්මක ලේබලය අන්තර්ජාල කෙටුම්පත් ලිපිනය (අයි පී ලිපිනය) යනුවෙන් හැඳින්වේ. [1] අන්තර්ජාල කෙටුම්පතේ ප්‍රධාන කාර්යයන් දෙකකි. සේවය සපයන්නා හෝ ජාල යාකරනය හඳුනා ගැනීම සහ අවශ්‍ය ස්ථානයට යොමුකිරීමයි. ඒ කාර්යභාරය පහත පරිදි හඳුනාගනිමු. "නමක් අප සොයන දෙය දක්වයි. ලිපිනයක් ස්ථානය කොතනදැයි දක්වයි. මාර්ගයක් එතැනට කෙසේ ළඟා විය යුතුදැයි දක්වයි. [2]

අන්තර්ජාල කෙටුම්පතෙන් අර්ථදක්වා ඇති පරිදි අන්තර්ජාල කෙටුම්පත් ලිපිනය බිටු (bits) 32ක සංඛ්‍යාවක් වන අතර තවමත් භාවිතා වන මේ ක්‍රමය අන්තර්ජාල කෙටුම්පත 4වන සංස්කරණය (IPv4) ලෙස හැඳින්වේ. කෙසේ වුවත් අන්තර්ජාලයේ අතිමහත් වර්ධනය සහ භාවිතා කළ හැකි ලිපිනයන් ප්‍රමාණය ක්‍ෂයවීම හේතුවෙන් ලිපිනය සඳහා බිටු 128 කින් යුත් අන්තර්ජාල කෙටුම්පතේ නව සංස්කරණයක් (IPv6) 1995 දී එළිදක්වන ලදි. 1998 දී මෙම IPv6, RFC 2460 ලෙස සම්මත කරගන්නා ලද අතර එය වර්ෂ 2000 මැද භාගයේ සිට සාර්ථකව භාවිත වේ.

අන්තර්ජාල කෙටුම්පත් ලිපිනය ද්විමය (binary) සංඛ්‍යාවක් වනමුත් ඒවා ගබඩාකර තබාගන්නේ අක්‍ෂර ගොනු (Text files) තුල වන අතර මනුෂ්‍යයන්ට කියවා ගත හැකි ආකාරයෙන් විදහා දක්වයි. උදා. 4වන සංස්කරණය (IPv4) සඳහා 172.16.254.1 ලෙසින්ද, 6වන සංස්කරණය (IPv6) සඳහා 2001:db8:0:1234:0:567:8:1 ලෙසිනි.

අන්තර්ජාල නොම්මර වෙන්කිරීමේ අධිකාරිය (IANA) විසින් ලෝකය පුරා අන්තර්ජාල කෙටුම්පත් ලිපිනය වෙන්කිරීමේ කාර්යය පාලනය කරන අතර ප්‍රාදේශීය අන්තර්ජාල පාලනාධිකාරීන් (regional Internet registries) පහකට ප්‍රාදේශීය අන්තර්ජාල රෙජිස්ටාර් කාර්යාල (local Internet registries) (අන්තර්ජාල සේවා සපයන ආයතන (Internet service providers) වලට අන්තර්ජාල කෙටුම්පත් ලිපින කාණ්ඩයන් වෙන්කිරීමේ කාර්යය පවරා ඇත.

අයිපී සංස්කරණ[සංස්කරණය]

අන්තර්ජාල කෙටුම්පත් සංස්කරණයන් දෙකක් භාවිතයේ පවතියි. ඒවා නම් IP 4වන සංස්කරණය සහ IP 6වන සංස්කරණය වේ. (See IP version history for details.) එක් එක් සංස්කරණයේ දී IP ලිපිනය වෙනස් ආකාරයන්ට නියම කර ඇත. සාමාන්‍යයෙන් IP ලිපිනයයි තවමත් සැලකෙන්නේ 4වන සංස්කරණය IPv4 බව එහි පැතිරීම සැලකූවිට පෙනීයයි. මෙම සංස්කරණ අනුපිළිවෙල සැලකූවිට අතර මැද හිදැස වන 5වන සංස්කරණය 1979දී පර්යේෂණය කළ නොකැඩී ගලන අන්තර්ජාල කෙටුම්පත (Internet Stream Protocol) වුවත් එය කිසිදිනක එලෙස (IPv5 ලෙස) හඳුන්වා නොමැත.

අයිපී 4 වෙනි සංස්කරණයේ ලිපින[සංස්කරණය]

Decomposition of an IPv4 address from dot-decimal notation to its binary value.

ලිපිනයයන්address space 4294967296 (232)ක් තරම් ආවේනික ඉඩකඩක් ඇති බීටු 32bitකින් යුත් ලිපිනයක් IPv4 හිදී භාවිත වේ. විශේෂ අවශ‍්‍යතාවන් සඳහා ලිපිනයයන් සමහරක් IPv4 හිදී වෙන්කර ඇත. උදා. පුද්ගලික ජාලයන් (private network) සඳහා ආසන්න වශයෙන් මිලියන 18 ලිපිනයන් ප්‍රමාණයක්, බහුවිකාශ (multicast address) සඳහා ආසන්න වශයෙන් මිලියන 270 ලිපිනයන් ප්‍රමාණයක්. සම්මතයක් වශයෙන් IPv4හි ලිපිනයක් තිත් දශක අංකනයක් (dot-decimal notation) ආකාරයට දැක්වේ. එහි 0 සිට 255 දක්වා වූ, තිතකින්වෙන්වූ දශක සංඛ්‍යාවන් හතරකින් සමන්විත වේ. උදා., 172.16.254.1 ලිපිනයේ එක් එක් කොටසක් බීටු 8 කින් යුත් අෂ්ටකයක් (octet) ලෙස දක්වයි. සමහර තාක්‍ෂණික ලියවිලිවල IPv4 ලිපිනය ද්‍විමය, (binary) අෂ්ටම (octal) හෝ ෂඩ්මය (hexadecimal) සංඛ්‍යාවක් ලෙස විවිධාකාරයෙන් දැක්විය හැක.

IPv4 අනුජාලකරණය (subnetting)[සංස්කරණය]

අන්තර්ජාල කෙටුම්පත සාදන මුල්පියවර වලදී IP ලිපිනය, ජාල කලාපය සහ සත්කාරක කලාපය යයි කොටස් දෙකක් ලෙස ජාල පාලකයන් [1]විසින් අර්ථ දක්වනු ලැබීය. ලිපිනයේ ඉහළම අෂ්ටකය (වැඩිම වටින බිටු 8) ජාල කලාපය ලෙසද, ඉතිරිය ශේෂ කලාපය හෝ සත්කාරක හඳුන්වන්නා ලෙසද නිර්මාණය කරන ලද අතර ජාලයක සත්කාරකයන් නම් කිරීමට භාවිත කරන ලදි.

මෙම මුල්ම ක්‍රමය දැනටමත් ජාල නොම්මරයක් හිමිව තිබූ තවත් අමතර ජාල වර්ධනයකට ඉඩක් නොමැති බව ඉක්මනින් වැටහීගිය කරුණක් වුණා. 1981දී අන්තර්ජාල ලිපිනගත කිරීමේ පිවිතරයන් වලට කාණ්ඩ ජාලකරණ (classful network) ව්‍යුහය හඳුන්වා සංශෝධනයකට ලක්කළා [2].

කාණ්ඩ ජාලකරණය නිසා වෙන්වූ ජාලයන් විශාල ගණනකට සහ ඉතා කුඩා අනුජාලයන් (subnetwork) නිර්මාණයට ඉඩසලසන ලදි. IP ලිපිනයේ ඉහළම අෂ්ටකයේ මුල් බිටු තුන ලිපිනය කාණ්ඩ කිරීමට යොදන ලදි. මෙම කාණ්ඩ තුන (A, B සහ C) පොදු ඒක විකාශ (unicast) ලිපිනගත කිරීම ලෙස සම්මත කෙරුණි.ජාලය හඳුනාගැනීම කාණ්ඩය නිගමනය කිරීම අනුව, මුළු ලිපිනයේ අෂ්ටක කොටසේ සීමාව තීරණය වේ. මෙසේ ඉහළ කාණ්ඩ වලදී (B සහ C) සත්කාරකයන් ගණන අඩුකර ගනිමින්, ජාලය හඳුනාගැනීමේ කොටසේ පිළිවෙළින් ඇති අනෙක් අෂ්ටක එක් එක් කාණ්ඩ භාවිත කරයි.

යල් පිනූ මේ ක්‍රමය පිළිබඳ විග්‍රහයක් පහත වගුවේ දැක්වේ.

පැරණි කාණ්ඩ ජාලකරණ ව්‍යුහය
කාණ්ඩය ලිපිනයේ
මුල් බිටු
(ද්‍විමය)
පළමු අෂ්ටකයේ
පරතරය (දශකමය)
ජාලය
හැඳිනීමේ
ස්වරූපය
සත්කාරක
හැඳිනීමේ
ස්වරූපය
ජාල ගණන ජාලයකට
ලිපින ගණන
A 0 0 - 127 a b.c.d 27 = 128 224 = 16777216
B 10 128 - 191 a.b c.d 214 = 16384 216 = 65536
C 110 192 - 223 a.b.c d 221 = 2097152 28 = 256

අන්තර්ජාලය පටන්ගැන්මේදී කාණ්ඩ ජාලකරණ නිර්මාණයේ අරමුණෙන් ඉටුකර ගැනීමට හැකි වුවත් 1990දී ජාලයේ හදිසි වර්ධනයට මුහුණ දීමට අපහසු විය. 1993දී මෙම කාණ්ඩ ක්‍රමය කාණ්ඩ රහිත අන්තර් වසම් මෙහෙයීම (Classless Inter-Domain Routing) (CIDR) නම් ක්‍රමයෙන් ආදේශ කරන ලදි. වෙනස්වන දිගින් යුත් අනුජාල ආවරණයකිරීම (VLSM) මත පදනම් වූ CIDR ක්‍රමය අවිනිශ්චිත දිගින් යුත් උපසර්ග (මුල් කොටස) අනුව වෙන්කිරීම සහ මෙහෙයවීම සඳහා ඉඩලබාදෙයි.

දැනට ඉතිරිව ඇති කාණ්ඩ ජාලකරණය අදහස ඉතා සීමාහිතව භාවිතා වේ. සමහර මෘදුකාංග සහ දෘඩකාංග වල ආවේනික අකෘතියෙ පරාමිතියනුත්, ජාල පරිපාලකයන්ගේ සාකච්ඡාත් මෙයට උදාහරණයන්වේ.

IPv4 පුද්ගලික ලිපින[සංස්කරණය]

ලෝකයේ කෙරවල් යාකරන අන්තර්ජාලයේ සෑම සත්කාරකයෙකු සමග හුවමාරු කරගැනීම් සඳහා දීප්තිමත් අනාගත දැකීමෙන්, පරිගණක හෝ උපකරණයන් සඳහා එවාටම ආවේනික IP ලිපිනයක් මුල් කාලයේ ජාල නිර්මාණ වලින් අපේක්‍ෂා කළා. කෙසේවුවත්, පුද්ගලික ජාලprivate network වලදී මෙන් ආවේනික IP ලිපිනයක් හැම විටම අවශ්‍ය නොවන බවත් පොදු ලිපින ඉඩකඩ ආරක්‍ෂා කිරීමේ අවශ්‍යතාවයත් වටහා ගත්තා. කර්මාන්තශාලා යන්ත්‍ර සූත්‍ර වැනි TCP/IP මගින් ඔවුනොවුන් අතර පමණක් තොරතුරු හුවමාරු කරගන්නා අන්තර්ජාලයට සම්බන්ධ නොවූ පරිගණක සඳහා ලොවටම පොදු වූ එයටම අනන්‍ය වූ IP ලිපිනයක් අවශ්‍ය නොවේ. එනිසා RFC 1918 රෙගුලාසිය මගින් IPv4හි ලිපින පරාස තුනක් පුද්ගලික ජාල සඳහා වෙන්කරන ලදි. මෙම ලිපිනයන් අන්තර්ජාලයේ මෙහෙයවීම් නොකරන අතර ඒවා භාවිතයේදි IP ලිපින රෙජිස්ටර සමග සමයෝජනය වීම අවශ්‍ය නොවේ. දැනට එවැනි පුද්ගලික ජාල අවශ්‍යතාවයක් වුවහොත් ජාල ලිපින පරිවර්තකය (network address translation) (NAT) හරහා අන්තර්ජාලයට සම්බන්ධ වේ.

IANA- වෙන්කළ පුද්ගලික IPv4 ජාල ලිපින පරාසයන්
ආරම්භය අවසානය ලිපින ගණන
24-බිටු කොටස (/8 උපසර්ගය, 1 × A) 10.0.0.0 10.255.255.255 16777216
20-බිටු කොටස (/12 උපසර්ගය, 16 × B) 172.16.0.0 172.31.255.255 1048576
16-බිටු කොටස (/16 උපසර්ගය, 256 × C) 192.168.0.0 192.168.255.255 65536

ඕනෑම කෙනෙකුට ඕනෑම වෙන්කළ කොටස් භාවිතයට ගත හැක. සාමාන්‍යයෙන් ජාල පාලකයන් මෙම කොටසක් අනුජාලයන් (subnets) වලට බෙදනු ලබයි. උදාහරණයක් වශයෙන් බොහෝ ගෘහස්ථ මෙහෙයවීම් පද්ධති (home routers) එහි ආවේනික ලිපින පරාසය වන 192.168.0.0 සිට 192.168.0.255 දක්වා (192.168.0.0/24) ස්වයංක්‍රීයව භාවිත කරයි.

IPv4 ලිපින අවසන්වීම[සංස්කරණය]

IPv4 (Internet Protocol Version 4) ලිපින අවසන්වීම යනු අන්තර්ජාල නොම්මර වෙන්කිරීමේ අධිකාරිය ( Internet Assigned Numbers Authority) (IANA) සහ ප්‍රාදේශීය අන්තර්ජාල පාලනාධිකාරීන් (regional Internet registries) (RIR) විසින් පාරිභෝගිකයන්ට සහ අන්තර්ජාල සේවා සපයන ආයතන (Internet service providers) වැනි ප්‍රාදේශීය අන්තර්ජාල රෙජිස්ටාර් කාර්යාල (local Internet registries) වෙත සැපයනන වෙන්නොකර පවතින ලිපින අඩුවීමයි. IANA ට අයත් මූලික ලිපින සමූහය 2011 පෙබරවාරි 3වන දින අවසන් විය. අන්තිම කොටස් පහ RIR පහට [3][4] නිකුත් කරන විට, සීමිතව නිකුත්කිරීමට පරිශ්‍රමයක් දැරුවත්, IPv6 වලට මාරුවීම සඳහා වෙන්කළ ඉතා සුළු ලිපින ප්‍රමාණය හැරෙන්නට APNIC ආයතනය ඔවුන්ගේ ප්‍රාදේශීය ලිපින සංචිතය (2011 අප්‍රියෙල් 15) අවසන්වූ පළමුවැන්නා වුණා.[5]

IPv6 ලිපින[සංස්කරණය]

Decomposition of an IPv6 address from hexadecimal representation to its binary value.

IPv4 ලිපින ප්‍රමාණය හදිසි අවසන්වීම, අරපිරිමැසුම් ක්‍රම නොසලකා හැරීම විසින් අන්තර්ජාල ලිපින ධාරිතාව වර්ධනයට නව තාක්‍ෂනික ක්‍රමවේදයක් සොයාගැනීමට අන්තර්ජාල ඉන්ජිනේරු කාර්ය සාධකය (Internet Engineering Task Force) (IETF) පොළඹවන ලදි. අන්තර්ජාල කෙටුම්පත ප්‍රතිනිර්මාණයේදී ස්ථිර විසදුමක් සඳහා සැලකිල්ල යොමුකරන ලදි. මෙම ඊළඟ පරම්පරාවේ අන්තර්ජාල කෙටුම්පත, අන්තර්ජාල IPv4 ආදේශකය අන්තර්ජාල කෙටුම්පත 6 වන සංස්කරණය (Internet Protocol Version 6) (IPv6) ලෙස 1995 දී තීරණය කර තිබුණි.[6][7] ලිපිනයක ප්‍රමාණය වූ බිටු 32ක, බිටු128 (bits) දක්වා හෙවත් අෂ්ටක 16 (octets) දක්වා ඉහළ දමන ලදි. වෙන්කිරීම් පිරුණු ජාල කොටස් වලට ඉතා ඈත අනාගතයක් සැලකීමේදී වුවත් මෙය සෑහෙන බව හඟියි. ප්‍රමාණාත්මකව අනන්‍ය වු නව ලිපින ප්‍රමාණය උපරිම 2128 හෙවත් ආසන්න වශයෙන් 3.403×1038 වේ.

නව සැලැස්ම එයින් ජනිතවන ලිපින ප්‍රමාණය සැපයීමට වඩා අනුජාල මෙහෙයවීමේ උපසර්ගයන් සමූහය මෙහෙයුම් පද්ධති වලදී කාර්යක්‍ෂමව හැසිරීමට ඉඩසලසාදීම සඳහායි. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙහෙවීම් වගුවල ප්‍රමාණය කුඩා වූ අතර හැකි කුඩාම තනි පැවරීම වන්නේ සත්කාරකයන් 264 (මුළු IPv4 අන්තර්ජාල ප්‍රමාණයේ වර්ගය තරම්) ප්‍රමාණයක් හිමි අනුජාලයකි. මෙවැනි අවස්ථාවලදී, ඕනෑම IPv6 ජාල ඛණ්ඩයක් ප්‍රයෝජනයට ගන්නා අනුපාතිකය කුඩා විය හැක. නව සැලැස්ම මගින් ජාල ඛණ්ඩයක ඇමතීමේ ව්‍යුහය වෙන්කිරීමට (එය ඛණ්ඩවල පවතින ඉඩකඩ තමන්ම පරිපාලනය කරගැනීමකි.) අවස්ථාව සැලසීමද, ඇමතීමේ උපසර්ගයෙන් ජාලයක බාහිර හැසිරවීම් මෙහෙවීමට යොදාගනියි. සමස්ත ජාලයන්හි ඇමතීමේ උපසර්ගය ස්වයංක්‍රීයව වෙනස්කිරීමට IPv6හි පහසුකම් ඇත. අභ්‍යන්තර වෙනස්කිරීමකින් හෝ නැවත අංකනය කිරීමකින් තොරව ලෝක ව්‍යාප්ත සම්බන්ධතා හෝ මෙහෙයවීම් ප්‍රතිපත්තිය වෙනස්කිරීමට හැකිවීම තවත් පහසුකමකි.

IPv6හි ඇති අතිවිශාල ලිපින ප්‍රමාණය නිසා විශේෂ කාර්යයන් සඳහා විශාල කොටස් පැවරීමට සහ අවශ්‍යතාවය අනුව එකතු කිරීමට ඉඩ ලබා දෙයි. CIDR (Classless Inter-Domain Routing) ක්‍රමයේ මෙන් සංකීර්ණ ලිපින සුරැකීමේ ක්‍රමවේදයක් මෙහිදී අවශ්‍ය නොවේ. බොහෝ නවීන පරිගණක සහ ව්‍යාපාරික සේවා මෙහෙයුම් පද්ධතිවල IPv6 කෙටුම්පතට අනුග්‍රහය නිසඟයෙන්ම ඇතුළත් කර ඇතිමුත් අනෙකුත් උපකරණ වලට තවමත් එය පුළුල් වශයෙන් යොදාගෙන නැත. ගෘහස්ථ ජාල මෙහෙයුම්වල, IP භාවිත හඬ විකාශයේදී (voice over IP) (VoIP), බහු මාධ්‍යවලදී, ජාලකරණයේදී භාවිත උපකරණ මෙයට උදාහරණ වේ.

IPv6 පුද්ගලික ලිපින[සංස්කරණය]

පුද්ගලික හෝ අභ්‍යන්තර ජාල සඳහා IPv4හි ලිපින වෙන් කෙරූ ලෙස IPv6හි ද ලිපින කොටස්, පුද්ගලික ලිපින සඳහා වෙන්කර ඇත. මෙම ලිපින කොටස් අනන්‍ය අසල පෙදෙස් ලිපින (unique local address) (ULA) ලෙස හැඳින්වේ. වෙනත් ප්‍රතිපත්ති අදහස සමගින්, අෂ්ටක (/8) කොටස් දෙකකට බෙදූ, ලිපින කොටස සඳහා RFC 4193 රෙගුලාසියෙන් fc00::/7 දරණ මෙහෙයුම් උපසර්ගය වෙන්කර ඇත. ලිපිනයන්, ජාල එකතුකිරීමෙන් හෝ පැකැට්ටු වැරදි මෙහෙයවීමෙන් හෝ සිදුවන ලිපින ගැටීමේ අවදානම අවමකරන බිටු40 ක ව්‍යාජ අහඹු නොම්මරයක් ඇතුලත් කරයි. පෙර නිර්මාණ වලදී,මේ සඳහා තම ජාල ලිපින ලෙස හැඳින්වෙන වෙනත් කොටසක් (fec0::) භාවිතා කළහ. කෙසේවුවත්, කෙටුම්පත්කළ මෙම අර්ථදැක්වීම ස්ථානය අපැහැදිලිව පැවතුණු අතර දුර්වලව අර්ථදැක්වූ ඇමතීමේ ප්‍රතිපත්තිය මෙහෙයවීම් ව්‍යාකූල කළේය. මෙම ලිපින පරාසය සඳහන් ලක්‍ෂණය ඉවත්කරන ලද අතර නව පද්ධති සඳහා භාවිත නොකළ යුතුය. ස්ථානීය සම්බන්ධක (link-local) ලිපිනයන් ලෙස හඳුන්වන fe80: පටන්ගන්නා ලිපින සම්බන්ධකයේ සන්නිවේදනයට භාවිතාවන අන්තර්සම්බන්ධක සඳහා පමණක් වෙන්කර ඇත. එක් එක් ජාල අන්තර්සම්බන්ධක වල ලිපින මෙහෙයුම් පද්ධතිය විසින් ස්වයංක්‍රීයව උපදවනු ලබයි. මෙ මගින් ස්වයංක්‍රීයව මෙන්ම ක්‍ෂණිකව ඕනෑම IPv6 සත්කාරක වල ජාල සම්බන්ධය සලසයි. විවිධ සත්කාරකයන් පොදු හබ්එකකට හෝ පොදු හුවමාරුවකට හෝ සම්බන්ධ කළ හොත් ඒවායේ ස්ථානීය සම්බන්ධක IPv6 ලිපිනය සහිත සන්නිවේදන මාර්ගයක් ඇතැයි ඉන් අදහස්වේ. මෙම විශේෂාංගය IPv6 ජාල පරිපාලනයේ පහළ ස්ථර වලදී භාවිත වේ (උදා. Neighbor Discovery Protocol). කිසිම පුද්ගලික ලිපින උපසර්ගයක් ප්‍රසිද්ධ අන්තර්ජාල වලට මුදා නොහැරිය යුතුයි.

IP අනුජාල[සංස්කරණය]

IPv4 සහ IPv6 භාවිත IP ජාල දෙවර්ගයම අනුජාල වලට (subnetwork) බෙදිය හැකිවේ. මේ අරමුණ හේතුවෙන්, IP ලිපිනයක් කොටස් දෙකකින් සමන්විත බව තර්කානුකූලව පිළිගැනේ. ජාල උපසර්ගය සහ සත්කාරක අඳුන්වන කොටස හෙවත් අන්තර්සම්බන්ධකය අඳුන්වන කොටස (IPv6) යනුවෙන් ඒවා හඳුන්වයි. අනුජාල ආවරණය (subnet mask) හෙවත් CIDR උපසර්ගය, IP ලිපිනයෙන් ජාල සහ සත්කාරක කොටස් කෙසේ වෙන්විය යුතුදැයි තීරණය කරයි. අනුජාල අවරණය යන පදය IPv4 තුළදී පමණක් භාවිතා වේ. කෙසේ වුවත් CIDR (Classless Inter-Domain Routing) සංකල්පය සහ අංකනය, සංස්කරණ දෙකෙහිම භාවිතාකරයි. මෙහිදී, IP ලිපිනයට පසුව ඇලඉරකින් (/) හා මෙහෙයුම් උපසර්ගය ලෙසිනුත් හඳුන්වන ජාල කොටස සඳහා භාවිත බිටු ගණන දශකමය සංඛ්‍යාවකින් IP ලිපිනය දක්වයි. නිදසුනක් වශයෙන් IP ලිපිනයක් සහ එහි අනුජාල ආවරණය පිළිවෙලින් 192.0.2.1 සහ 255.255.255.0 ලෙස දැක්විය හැක. CIDR අංකනය භාවිතාකර එම IP ලිපිනය සහ එහි අනුජාල ආවරණය 192.0.2.1/24 ලෙස දක්වයි. එසේ වන්නේ IP ලිපිනයේ පළමු බිටු 24 ජාලය හා අනුජාලය දක්වන බැවිනි.

IP ලිපිනය ලබාදීම[සංස්කරණය]

අන්තර්ජාල කෙටුම්පත් ලිපිනයන් සත්කාරකයන්ට ලබාදීම නැවත පණගැන්වෙන අවස්ථාවේ අලුතෙන්ම හෝ දෘඩකාංග මෘදුකාංග වල නියත වින්‍යාසය මගින් ස්ථිරවම හෝ සිදුකරනු ලබයි. නියත වින්‍යාසය යනු ඔබ දන්නා ලෙස ස්ථිතික IP ලිපිනය (static IP address) භාවිතයේදී වේ. අනෙක් අතට පරිගණකයක එක් එක් අවස්ථාවේදී අලුතෙන් IP ලිපින ලබාදෙන්නේ ඔබ දන්නා පරිදි ගතික IP ලිපිනය (dynamic IP address) භාවිතයේදී වේ.

ක්‍රමවේදයන්[සංස්කරණය]

පරිගණකයකට ස්ථිතික IP ලිපිනය පරිපාලකයා විසින් අතින් ලබාදෙයි. එහි නියම ක්‍රමය මෙහෙයුම් පද්ධතිය අනුව වෙනස් වේ. මෙයින් වෙනස් වූ ගතික IP ලිපින, පරිගණක අන්තර්සම්බන්ධක හෝ සත්කාරක මෘදුකාංගය (Zeroconf) මගින් නැතහොත් ගතික සත්කාරක වින්‍යාස කෙටුම්පත (Dynamic Host Configuration Protocol) (DHCP) භාවිතාකර සේවාසලසනයක් (server) මගින් හෝ ලබාදෙයි. මෙසේ ලැබෙන ලිපිනය දිගු කාලයක් වෙනස් නොවී තිබුණත් සාමාන්‍යයෙන් ඒවා වෙනස් වේ. සමහර අවස්ථාවලදී, ජාල පරිපාලකයන් විසින් ස්ථිතික IP ලිපින ගතිකව ලබාදෙනු ලබයි. මේ අවස්ථාවේදී, DHCP සේවය සලස්වනයක් භාවිතා කරයි. නමුත් එම පරිගණකයට එකම IP ලිපිනය ලබාදීමට සේවය සලස්වනයේ වින්‍යාසය විශේෂයෙන් සකසා ඇත. මෙමගින්, ජාලයට සම්බන්ධිත එක් එක් පරිගණකයේ වින්‍යාසය විශේෂයෙන් අතින් සකස් නොකොට IP ලිපින මධ්‍යගතව ලබාදීමට ඉඩ ලැබේ. DHCP ලිපින ලබාදීමේ ක්‍රමවේදය නොමැති වුවහොත් හෝ ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවහොත් වෙනත් Zeroconf වැනි ස්වයංක්‍රීය වින්‍යාසකරණයක් භාවිතයෙන් මෙහෙයුම් පද්ධතිය මගින් ජාල අන්ර්සම්බන්ධක වලට IP ලිපින ලබාදෙයි.

ගතික ලිපින ලිවීමේ ප්‍රයෝජන[සංස්කරණය]

නිතරම (Dynamic Host Configuration Protocol) DHCP සේවාසලසනයක් මගින් ස්වජාල (LAN) සහ පුළුල් කලාප (broadband) ජාල වල ගතික IP ලිපින ලබාදෙයි. ජාලයක එක් එක් උපකරණවලට විශේෂිත ස්ථිතික ලිපින ලබාදීමේදී ඇතිවන පරිපාලන ගැටලු මගහැරෙන බැවින් ඒවා භාවිතයට ගනියි. සියල්ල එකවර මාර්ගස්ථ නොවන්නේ නම් ජාලයේ බොහෝ උපකරණ ප්‍රමාණයකට සීමිත ලිපින ප්‍රමාණය හවුලේ භුක්තිවිඳීමට ඉඩසලසා දෙයි. අද භාවිත බොහෝ පරිගණක මෙහෙයුම් පද්ධති නිතැතින්ම ගතික IP වින්‍යාසය බලගන්වා ඇති අතර එනිසා භාවිතාකරන්නන්ට DHCP සේවය සලස්වනයක් මගින් ජාලයට සම්බන්ධකිරීම සඳහා වින්‍යාසය අතින් සකස්කිරීමට අවශ්‍ය නොවේ. ගතික IP ලිපින ලබාදීමට භාවිතා කරන්නේ DHCP තාක්‍ෂණය පමණක් නොවේ. ඒ සඳහා අක්වට සම්බන්ධකය (Dialup) හා සමහර පුළුල් කලාප (broadband) ජාල, ස්ථාන සම්බන්ධක කෙටුම්පතෙහි (Point-to-Point Protocol) ගතික ලිපින විශේෂාංගය භාවිතා කරයි.

ඇලවෙන ගතික IP ලිපිනය[සංස්කරණය]

ඇලවෙන ගතික IP ලිපිනය යනු රැහැන් භාවිත සහ DSL අන්තර්ජාල පරිශීලක ග්‍රාහකයන්ට කලාතුරකින් වෙනස්වන IP ලිපිනය ගතිකව ලබාදීම විස්තරකිරීමට යොදාගත් අනියම් භාෂිතයකි. සාමාන්‍යයෙන් ලිපින DHCPයකින් ලබාදෙයි. මොඩමයක් ඉතා දිර්ඝ කාලයක් භාවිතා කරන බැවින්, බදුගත් ලිපිනය දිර්ඝ කාලයක් භාවිතා කිරීමට සලස්වා ඇති අතර පහසුවෙන් අලුත්කළ හැකිවේ. බදුගත් ලිපිනය කල්ඉකුත්වීමට අවශ්‍ය වෙලාව පැමිණි විටත් එම ලිපිනය මොඩමය මගින් ක්‍රියාකාරී ලෙස තබාගෙන ඇත්නම් නැවත වතාවක් අලුත් ලිපිනයක් ලබා නොදී පෙර ලිපිනයම ලබා දේ.

ස්වයංක්‍රීයව ලිපින ලබාදීම[සංස්කරණය]

RFC 3330 රෙගුලාසිය මගින් IPv4 ජාල වල ස්වජාල සම්බන්ධක ලිපින ලබාදීමේ ( link-local addressing) විශේෂ අවශ්‍යතා සඳහා 169.254.0.0/16 දරණ ලිපින කොටස වෙන්කර ඇත. IPv6 හි ලිපින ලබාදීම ස්ථිතික වුවත් ගතික වුවත් ඒ සෑම අන්තර් සම්බන්ධකයක fe80::/10 කොටසින් ස්වයංක්‍රීයව සම්බන්ධක ස්ව ලිපින ලබාගනියි. මෙම ලිපින වලංගුවන්නේ සත්කාරක සම්බන්ධ කළ, ස්වජාල ඡේද හෝ ස්ථාන සම්බන්ධ කිරීම වැනි සම්බන්ධක වලට පමණි. මෙම ලිපින වලට මෙහෙයුම් කළ නොහැකි අතර පුද්ගලික ලිපින මෙන් ගමනාරම්භ හෝ ගමනාන්ත පැකට්ටු අන්තර්ජාලය හරහා ගමන්කළ නොහැක. සම්බන්ධක ස්වජාල ලිපින IPv4හි ලිපින කොටසේ වෙන්කළත්, ස්වයංක්‍රීයව ලිපින ලබාදීමේ යාන්ත්‍රනයක් සම්මතයේ නොමැත. මෙය වලක්වා ගැනීමට මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් ස්වයංක්‍රීය පුද්ගලික IP ලිපින ලබාදීම (Automatic Private IP Addressing) (APIPA) නිදවන ලදි. ඔවුන්ගේ වෙළඳපල බලවත්බාවය හේතුවෙන් යන්ත්‍ර මිලියන ගණනක APIPA ස්ථාපිත කරන ලදි. මෙසේ මෙය තිබූ ආකාරයෙන් ලොවේ සම්මතයක්බවටපත්විය. අවුරුදු කිහිපයකට පසු RFC 3927 ලෙසIETF ආයතනය විසින් විධිමත් ලෙස අර්ථ දක්වා IPv4 ජාල වල ස්වජාල සම්බන්ධක ලිපින වල ගතික පැරාමිතික සැකසුම (Dynamic Configuration of IPv4 Link-Local Addresses) ලෙස නම්කරන ලදි.

ස්ථිතික ලිපින ලබාදීමේ අවස්ථා[සංස්කරණය]

සමහර ව්‍යුහාත්මක අවස්ථාවලදී, ස්ථිතික ලිපින ලබාදෙයි. නාමකරණ පද්ධතියක (Domain Name System) (DNS) පිහිටි සත්කාරකයෙකු සොයන විට, ස්වකීයනාමය IP ලිපිනයකට පරිවර්තනය කිරීම උදහරණයක් වශයෙන් ගතහැක. ව්‍යාපාරයක් තුල පිහිටි සේවාසලසන්නෙක් (server) සොයන විට, අත්‍යවශ්‍ය නොවූවත් ස්ථිතික ලිපින දීම පහසුය. DNS සේවාසලසන්නෙකුගෙන් ලබාගත් එක්තරා ආයුකාලයක්(time to live) හෝ සක්‍රිය කාලයක් (caching time) සහිතව පැමිණි ලිපිනයක් පසුව එය තහවුරු කරගැනීමට බැලීමේදී, ලිපිනය වෙනස් නොකරයි. ජාල පරිපාලන (RFC 2072) තීන්දු අනුව ස්ථිතික IP ලිපින පවා වෙනස් වෙයි.

පොදු ලිපින[සංස්කරණය]

පොදු IP ලිපින ගෝලීයව මෙහෙයවිය හැකි ඒකවිකාශ IP ලිපින (Globally routable unicast IP address) ලෙස සාමාන්‍ය විවහාරයේ පවතී. IPv4 සහ IPv6 යන සම්මතයන් දෙකෙහිම පුද්ගලික ජාල (private network) සහ ස්වජාල සම්බන්ධක ලිපිනවලට (link-local address) වෙන්කෙරුන ලිපින පරාසයක් ඇත. එම ලිපින පරාසය හැර අනෙක්වා පොදු IP ලිපින ලෙස භාවිතාවෙයි.

IP ලිපින ඇමතීමේ සංශෝධන[සංස්කරණය]

IP බාධක සහ ජාල බාධක (firewalls)[සංස්කරණය]

ජාල බාධක (Firewall) අන්තර්ජාල කෙටුම්පත් බාධකය (Internet Protocol blocking) භාවිතාකර ජාල වල අනවසර ප්‍රවේශයන් වලක්වා ගැනීමට කටයුතු කරයි. එය වර්තමාන අන්තර්ජාල භාවිතයේ සාමාන්‍ය කරුණකි. එයින් IP ලිපින භාවිත සේවාලාභී පරිගණක ජාල වල ප්‍රවේශයන් පාලනය කරයි. සුදුසු ලැයිස්තු (whitelist) හෝ නුසුදුසු ලැයිස්තු (blacklist) භාවිතාකර IP ලිපිනය අවහිරකරයි. එය සේවාලාභියාගේ දැකිය හැකි IP ලිපිනයයි.එනම් සේවාලාභියා පාලක සේවාසලසනයක් (proxy server) හෝ ජාල ලිපින පරිවර්තකයක් (network address translation) භාවිතාකරයි නම් එක ලිපිනයක් අවහිරකිරීම යනු තනි පරිගණක රාශියක්අවහිරකිරීමකි.

IP ලිපින පරිවර්තනය[සංස්කරණය]

සේවාලාභී උපකරණ රැසක් IP ලිපින හවුලේ භාවිතා කරනු දක්නට ලැබෙයි. හවුලේ භාවිත සත්කාරක ජාල සේවාසලසනයක (shared hosting web server) කොටසක් නිසා හෝ IPv4 ජාල ලිපින පරිවර්තකයක් (network address translator) (NAT) හෝ තම පාරිභෝගිකයන් වෙනුවෙන් පෙනීසිටින පාලක සේවාසලසනයක් (proxy server) නිසා හෝ යන කුමන අවස්ථාවකදී වුවත්, නියම මූලික ලිපිනය ඉල්ලීමක් ලැබුණු සේවාසලසනයෙන් සඟවාතබයි. සාමාන්‍යයෙන් පුද්ගලික ජාලයක (private network) ලිපින විශාල ප්‍රමාණයක් ජාල ලිපින පරිවර්තකයක් මගින් සඟවා තබා ගනියි. ජාල ලිපින පරිවර්තකයට පිටතින් පිහිටි අන්තර්සම්බන්ධක වලට පමණයි අන්තර්ජාල මෙහෙයවිය හැකි ලිපින අවශ්‍යවන්නේ.

[8]

සුලභව ජාල ලිපින පරිවර්තකයේ උපකරණය අනුගතකරන්නේ අභ්‍යන්තර තනි පුද්ගලික ලිපිනයන්ට පිටතින් පිහිටි TCP හෝ UDP දොරටු අංකයයි (port number). එය දුරකතන අංකයක දිගුවක් වැනියි. දොරටු අංකය IP ලිපිනයක ස්ථානයට විශේෂිත දිගුවකි.

ගෘහස්ථ කුඩා ජාලයක දී ජාල ලිපින පරිවර්තකයේ කාර්යය මෙහෙයනයක් (router) ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන ගෘහස්ථ පිවිසුමක් (residential gateway) ඉටුකරයි. මෙවැනි අවස්ථාවකදී, මෙහෙයනයට සම්බන්ධිත පරිගණකවලට පුද්ගලික IP ලිපින ඇති අතර මෙහෙයනයට අන්තර්ජාලය සමග සංනිවේදනය සඳහා පොදු ලිපිනයක් ඇත. මෙවැනි මෙහෙයනයක් පරිගණක කිහිපයකට එකම IP ලිපිනයක් හවුලේ භාවිතා කර අන්තර්ජාලය සමග සම්බන්ධ වීමට ඉඩසලසා ඇත.

වැරදි සෙවීමේ මෙවලම්[සංස්කරණය]

පරිගණක මෙහෙයුම් පද්ධති මගින් ඒවායේ ජාල අන්තර්සම්බන්ධක හා ලිපින වින්‍යාසය සැකසීම විශ්ලේෂණයට විවිධාකාර වැරදි සෙවීමේ මෙවලම් සපයයි. වින්ඩොස් ( Windows) විසින් විධාන අතුරුමුහුණත් මෙවලමේ (command-line interface) ඇති ipconfig and සහ netsh යන විධාන මගින් සපයන අතර යුනික්ස් වැනි (Unix-like) පද්ධතිවල ifconfig, netstat, route, lanstat, ifstat, හෝ iproute2 උපයෝග භාවිත කරයි.

See also[සංස්කරණය]

References[සංස්කරණය]

  1. 1.0 1.1 RFC 760
  2. 2.0 2.1 RFC 791, Internet Protocol - DARPA Internet Program Protocol Specification (සැප්තැමිබර් 1981)
  3. Smith, Lucie; Lipner, Ian (3 February 2011). "Free Pool of IPv4 Address Space Depleted". Number Resource Organization. http://www.nro.net/news/ipv4-free-pool-depleted. සම්ප්‍රවේශය කෙරුණු දිනය 3 February 2011. 
  4. ICANN,nanog mailing list. "Five /8s allocated to RIRs - no unallocated IPv4 unicast /8s remain". http://mailman.nanog.org/pipermail/nanog/2011-February/032107.html. 
  5. Huston, Geoff. "IPv4 Address Report, daily generated". http://www.potaroo.net/tools/ipv4/index.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2011-03-19. 
  6. උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; rfc1883 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  7. උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; rfc2460 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  8. Comer, Douglas (2000). Internetworking with TCP/IP:Principles, Protocols, and Architectures -- 4th ed.. Upper Saddle River, NJ: Prentice Hall. p. 394. ISBN 0-13-018380-6. http://www.cs.purdue.edu/homes/dec/netbooks.html. 

External links[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=අයි.පී._ලිපිනය&oldid=284531" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි