අභ්‍යවකාශ ෂටල

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
"Discovery" අභ්‍යාවකාශ යානාව අභ්‍යාවකාශ ගත කරන අයුරු

නාසා හි අභ්‍යාවකාශ යානාව අභ්‍යාවකාශ ප්‍රවාහන පද්ධතිය (Space Transportation System/STS) ලෙස නිල වශයෙන් හැදින්වෙන අතර මිනිස් අභ්‍යාවකාශ චාරිකා මෙහෙවර සදහා ඇමරිකාව විසින් භාවිතා කරනු ලෑබේ. අභ්‍යාවකාශ ගතකරන විට එය මළකඩ පැහැති බාහිර ටැංකිය(external tank),සුදු පැහැති ඝන රොකට් බුස්ටර දෙකක් (SRB) සහ කක්ෂගාමියෙක් (orbiter) නැතහොත් තටු සහිත අභ්‍යාවකාශ යානාවක් යන කොටස් වලින් සමන්විට වේ.

කක්ෂගාමියා මගින් ගගනගාමීන්, චන්ද්‍රිකා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කොටස් පහළ පෘථිවි කක්ෂයට නැතිනම් පෘථිවියේ ඉහළ වායුගෝලයට රැගෙනයයි. සාමාන්‍යයෙන් මගින් 5 – 7 දක්වා සංඛ්‍යාවකට එහි ගමන් කළ හැකිය. රාත්තල් 50,000 ක (22,700 kg ) භාණ්ඩ තොගයක් රැගෙන යාම් හැකියාව එය සතුය. කක්ෂගාමියාගේ කාර්යභාරය නිම වු පසු එහි ඕබිටල් මැනුවරින් පද්ධතිය ක්‍රියාත්මක කරන අතර එවිට එය නැවතත් පහළ වායුගෝලයට ඇතුළු වේ. ආපසු ගොඩබැසිමේ දී ලිස්සන බෝට්ටුවක් මෙන් ක්‍රියාකරන කක්ෂගාමියා බලශක්තිය භාවිතා නොකරමින් පාථිවිය ගොඩ බසී.

භාවිතා කිරිමට හැකියාව ඇති ලෙස නිර්මාණය වූ ප්‍රථම අභ්‍යාවකාශ යානාව වන්නේ ෂටලයයි. එමගින් පහළ පෘථිවියි කක්ෂයට භාණ්ඩ රැගෙන යාම, අන්තර් ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානට මගින් රැගෙන යාම සහ අලුත්වැඩියා කාර්යයන් කිරිම සිදු කරයි. චන්ද්‍රිකා වැනි භාණ්ඩ පෘථිවි කක්ෂයේ සිට නැවත පෘථිවි වෙත රැගෙන ඒමට එයට හැකි වුවත් ඒ සදහා භාවිතා කරන්නේ ඉතාමත් කලාතුරකිනි. රුසියානු සෝයුස් අභ්‍යාවකාශ යානාවය භාණ්ඩ හුවමාරු කිරීමට ඇති ධාරිතාව සීමිත බැවින් අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට භාණ්ඩ රැගෙන ඒමට බොහෝ විට භාවිතා කරන්නේ ඇමරිකානු ෂටලයයි. සෑම ෂටලයක්ම සියවාරයක් අභ්‍යාවකාශ ගත කිරිමට ‍‍‍‍හෝ වසර 10 ක් ක්‍රියා කිරිමට හැකි අයුරින් නිර්මාණය වී ඇත. STS නිර්මාණයට වග කියු පුද්ගලයා වන්නේ මැක්සිම් ෆැජට් ය. මකරි ජෙමිනි සහ ඇපලෝ අභ්‍යාවකාශ යානා ද ඔහුගේ නිර්මාණ වේ. විශාලතම ඔත්තු බැලීමේ චන්ද්‍රිකා රැගෙන යා හැකි තරම් විශාල තත්ත්වයක් හා එහි හැඩයක් STS සතු විම අත්‍යවශ්‍ය විය. නැවත භාවිතා කළ හැකි ඝන රොකට් සහ විශාල කළ හැකි ඉන්ධන ටැංකි මේ සදහා ඇතුලත් කළේ චන්ද්‍රිකා ප්‍රවාහනය සදහා වැඩි ධාරිතාවකින් යුත් යානාවක් පෙන්ටනයට අවශ්‍ය වීම නිසාත් නැවත භාවිතා කළ හැකි කොටසක් සහිතව නිපදවීමෙන් අභ්‍යාවකාශ චාරිකා සදහා වැය වන මුදල් අවම කර ගැනීමට පරිපාලකයිනට අවශ්‍ය වීමත් නිසාය.

ෂටල හයක් නිර්මාණ වී ඇති අතර ප්‍රථම ෂටලය වන එන්ටප්‍රයිස් නිර්මාණය වුයේ අභ්‍යාවකාශ චාරිකා සදහා නොව පරීක්ෂණ අරමුණු සදහාය. කොලොම්බියා, චැලේන්ජර් , ඩිස්කවරි. ඇට්ලාන්ට්ස් හා එන්ඩිවර් නම් යානා පහ අභ්‍යාවකාශ චාරිකා සදහා නිර්මාණය වුනි. චැලෙන්ජර් යානාව 1986 දි අභ්‍යාවකාශ ගත කිරීමේ දී අනතුරට ලක් වූ අතර එන්ඩීවර්යානාව ගොඩ නැගැවේ එය ප්‍රතිස්ථාපනය කිරීමටය.

නැවත ගොඩ බසින විට කොලොම්බියා යානාව 2003 වර්ෂයේ දී විනාශයට පත් විය.

1981 දී මුල්වරට අභ්‍යාවකාශ ෂටලයක් ගුවන් ගත කරන විට, 2010 වසර වන විට ෂටල වලට විශ්‍රාම ලබා දෙන බව නාසා ආයතන විසින් නි‍වේදනය කරන ලදි. 2014 දී එය ඔරියන් නමැති තව යානාවක් ප්‍රතිස්ථාපනය කරනු ඇත. එය නිර්මාණය වී ඇතතේ ඒරිස් 1 හා V රොකට් සමග මිනිසුන් හදට සහ ඉන් එපිටට රැගෙන යාමට හැකි වන පරිදිය. කෙසේ නමුත් ඔරියන් යානාව මගී ප්‍රවාහනයට නිර්මාණය වූවක් බැවින් අභ්‍යවකාශ මධ්‍යස්ථාන වෙත භාණ්ඩ රැගෙන යාම සදහා 7667 kg ධාරිතාවක් ඇත යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සියේ ස්වයංක්‍රීය හුවමාරු යානය භාවිතා කළ හැකි බවට යෝජනා වී තිබේ.

සෑම අභ්‍යාවකාශ යානාවක් ම නැවත භාවිතා කළ හැකි ප්‍රධාන කොටස් තුනකින් සමන්විත ය. එනම් කක්ෂ යානය, විශාල කල හැකි බාහිර ටැංකිය සහ අර්ධ වශයෙන් නැවත භිවිතා කළ හැකි ඝන රොකට් බුස්ටර වේ. ටැංකිය හා බූස්ටර අභ්‍යාවකාශයේ ඉහළට යන විට නිදහස් කෙරෙන අතර කක්ෂිය වෙතට යන්නේ කක්ෂ යානය පමණි. රොකට්ටු මෙන් සිරස් අතට ගුවන් ගත වන මෙම යානා තිරස් අතට ලිස්සා යමින් ගොඩ බසි.

ඇතැම් වි කක්ෂ යානයට ද අභ්‍යාවකාශ ෂටලය යනු නම භාවිතා කළත් තාක්ෂණික වශයෙන් එය දෝෂ සහගතය.

"http://si.wikipedia.org/w/index.php?title=අභ්‍යවකාශ_ෂටල&oldid=250346" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි