අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ටෝනි මැරිසන්

අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යයේ අන්තර්ගතය සකස් කරන ලද්දේ අප්‍රිකානු ඇමරිකානු පෙලපතේ රචකයින් විසිනි. මුලාර්ම්භයේ ප්‍රභේදයන් අනුසාරයෙන් 18 වැනි ශතවර්ෂයේ අග භාගයේදී රචකයින් වන 'ෆිලිස් විටලි' සහ 'ඔලියුඩා ඉක්අහෝ' වහල් ජනතාවයේ කතන්දර සහ පුනරුදයන් තුලින් ඉහල ලකුණු ප්‍රමාණයක් ලබා ගනිමින් අදත් 'ටොන් මොරිසන්' ‍'මයා ඇන්‍ඩලෝ' සහ ‍'වෝල්‍ටර් මොස්ලි' වැනි කතුවරයන් ඇමරිකාවේ ප්‍රධාන ලේඛකියින් අතර ශ්‍රේනිගත වි සිටි. ප්‍රවෘත්තින් සහ වාද පද අතරින් විශාල වශයෙන් ඇමරිකානු සමාජය තුල, අප්‍රිකානු ඇමරිකානුවන්ගේ කාර්යභාරය, සංස්කෘතිය, වර්ගවාදය, වහල් බව සහ සමානාත්මතාවය අප්‍රිකානු ඇමෙරිකාවනු සාහිත්‍යය ත්‍රලින් ගවේෂණය විය. අධයාත්මික දේශනා, ශුභාරංචි සංගිතය, බ්ලු සංගිතය සහ රැප් වැනි වාචික ආකාරයෙන්, අප්‍රිකානු ඇමරිකානු රචක නිතිගත කිරීමට මහගු ලෙස උපකාර විය.

ඇමරිකානු සමාජය තුල අප්‍රිකානු ඇමරිකානුවනට හිමි ස්ථානය අවුරුදු ගණනාවක් තුල වෙනසකට භාජනය වී ඇති අතර අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යයේ කේන්ද්‍රය වී ඇත. 'සබ්ජර්න් ඔෆ් ස්ලේව් නැරටෙම්වස්' හි සදහන් කර ඇති ආකාරයට ඇමරිකානු සිවිල් යුද්ධයට පෙර අප්‍රිකානු ඇමරි‍කානු සාහිත්‍යය මුලික වශයෙන් ඉලක්ක ගිත වුයේ වහල් ජනතාවයග් ප්‍රශ්න පිළිබදවය. 20 වැනි හතවර්ෂ‍යත් සමගම ඩබ්ලිව්. ඊ.බී ඩ්‍රබොයිස් සහ බ්‍රකර් ටී වොශින්ග්ටන් වැනි ලේඛකයින්ගේ ග්‍රන්ථ මගින් ඇමරිකන් ජනපදයේ වර්ගවාදය පිළිබිද හැගීම් අභියෝග කරනවාද හෝ සතුටු කරනවාද ය්න්න පිළිබද තර්ක ඉදිරිපත් කළේය. ඇමරිකන් සිවිල් ව්‍යාපාර තුළින් රිචඩ් රයිට් සහ ග්වෙන්ඩොලින් බ්‍රාක්ස් වැනි කතුවරැන් ජාතිවාද වෙන් කිරිම් පිළිබිදව හා කථා දේශානුරාගය පිළිබද රචනා කළේය. ඉතා ඉහළ අලෙවියක් සහ සම්මානය දිනු අලෙක්ස් හාලි විසින් රචිත 'ද සාග ඔෆ් ඇමරිකන් ෆැමිලි' ඇලිස් වෝකර් විසින් රචිත ද කලර් පර්ෂල් බ්ලවස් විසින් රචිත 'ටෝනි මැරිසන් ' යන ග්‍රන්ථ මගින්, වර්තමානයේ අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යය, ඇමරිකානු සාහිත්‍යයේ වැදගත් කොටසක් බවට පිළිගෙන තිබේ.

පශ්චාත් වහල් යුගය[සංස්කරණය]

වහල් සේවය අවසාන කිරීමෙන් පසු සහ ඇමෙරිකානු සිවිල් යුද්ධයෙන් පසු අප්‍රිකානු ඇමෙරිකන් ලේඛකයින් විසින් අප්‍රිකානු ඇමෙරිකානුවන්ගේ තත්වය ගැන ප්‍රබන්ධයන් නොවන කෘතින් ලීවිම ආරම්භ කළහ.

මෙම ලේඛකයින් අතරින් W.E.B බොයිස් (1868 - 1963) නම් NAACP යෙහි මුල්ම ආරම්භකයා ප්‍රමුඛත්වය ගත්තේය. ශතවර්ෂය අවසාන වන විට බොයිස් ඔහුගේ ‘ද සවුල්ස් ඔෆ් බ්ලැක් ෆෝල්ක්’ නැමැති රචනා එකතුවක් ප්‍රසිද්ධියට පත් කළේය. වර්ගවාදය ගැන කරුණු අඩංගු වූ එම ග්‍රන්ථයෙහි අප්‍රිකානු ඇමෙරිකානුන්, ඇමෙරිකානු සමාජය තුළ ජීවත්වූයේ කෙසේද යන්න පිළිබඳ ඩුබොයිස්ගේ පෞද්ගලික අත්දැකීම් ඇතුළත් විය. මෙම ග්‍රන්ථයෙහි ඩුබොයිස්ගේ ප්‍රසිද්ධ කියමනක් වූ “විසිවෙනි ශත වර්ෂයේ අර්බුදය නම් වර්ණහේදය පිළිබඳ අර්බුදයයි” යන්න අඩංගු වේ. අගතියට හා අසමානත්වයට එරෙහි සටන් කිරීමට අප්‍රිකානු ඇමෙරිකානුවන් එක්ව වැඩ කළ යුතුය යන්න ඔහුගේ විශ්වාසය විය.

මෙම යුගයේ සිටි තවත් ග්‍රන්ථ කතුවරයෙකු වූයේ බුකර්.ටී.වොෂින්ටන්ය (1856-1915). ඔහු කිහිප ආකාරයකින් ඩු බොයිස්ගේ අදහස් වලට ප්‍රතිවිරුද්ධ අදහස් නියෝජනය කළේය. වොෂින්ටන් අධ්‍යාපනඥයෙකු වූ අතර ඇලබාමා හි කලු ජාතික විද්‍යාලයක් වූ ටස්කෙජි (Tuskegy) හි ආරම්භකයාද වූයේය. ප්‍රසිද්ධියට පත් වූ ඔහුගේ කෘතින් වලින් කිහිපයක් නම් අප් ෆ්‍රොම් ස්ලේවරි (1901) ද ෆ්‍යුචර් ඔෆ් ද ඇමෙරිකන් නීග්‍රෝ (1899) ටස්කෙජි ඇන්ඩ් ඉට්ස් පීපල් (1905) සහ මයි ලාජර් එඩියුකේෂන් (1911) ය. ඇමෙරිකාව තුළ වර්ණභේදය තුරන් කිරීම සඳහා සටන්කාමී ආකල්ප දැරූ ඩු බොයිස් මෙන් නොව වොෂින්ටන් දැරුවේ ප්‍රතිවිරුද්ධ අදහසකි. වර්ණභේද වාදය තුරන් කිරීමට පළමුව කලු ජාතීන් සුදු ජාතීන්ගේ මට්ටමට දියුණු විය යුතු බව ඔහුගේ අදහස විය. එම යුගයේදි වොෂින්ටන්ගේ මෙම අදහස කලු ජාතිකයින් අතර (සුදු ජාතිකයින් අතලොස්සක් අතරද) ජනප්‍රිය වූ අතර ඔහුගේ දේශපාලන දර්ශනය පසු කලෙක යල් පිනු තත්වයට පත් විය.

මෙම කාලය තුල ජනතා අවධානයට ලක් වූ තුන්වැනි ලේඛකයා ජැමෙයිකානු ජාතික චර්කූස් ශාවේ (1887-1940) නැමැත්තාය. එක්සත් ජනපද පුරවැසියෙකු නොවු ඔහු පුවත්පත් ප්‍රකාශකයෙක්, පත්‍ර කලාවේදියෙක් සහ ඔහුගේ සංවිධානයක් වූ UNIA හරහා ඇමෙරිකන් අප්‍රිකානු වාදය සඳහා සටන් කළ අයෙකු ද විය. තමන්ගේ පාරම්පරික මව්බිම කෙරෙහි සුබවාදීව බැලීම සඳහා අප්‍රිකානු සම්භවයක් සහිත ජනතාව ධෛර්යමත් කළේය. ඔහු න්‍රීග්‍රෝ වර්ල්ඩ් නම් පුවත්පතට මෙම කරුණු මුල් කර ගනිමින් කතු වැකි ලීවේය. ඔහුගේ ප්‍රබන්ධයන් විධියට නොගැනෙන කෘතින් හා දේශපාලන වල අඩංගු වූ කරුණු ඔහුගේ දෙවැනි බිරිඳ වූ ඇම්. ජැකුවේ ගාර්වේ විසින් Philosopphy abd Opinion of Marcus Garvey නැතහොත් Africa for the Africans (1924) සහ More Philosophy and Opinions of Marcus Garvey (1977) යන නම් වලින් සංග්‍රහ කොට ප්‍රසිද්ධියට පත් කළාය.

සමකාලීන ග්‍රාමීය කලු භාෂා ශෛලියෙන් බොහෝ විට ලියු පෝල් ලෝරන්ස් ඩන්බාර් ජාතික වශයෙන් ප්‍රසිද්ධියට පත් පළමු අප්‍රිකානු ඇමෙරිකන් කවියාය. ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහය Oak and lvy 1983 වර්ෂයේ පල විය. ඔහුගේ When malindy sings (1906) වැනි ඩන්බාර්ගේ බොහෝ කෘතින් වලට හැම්ප්ස්ටන් ඉන්ස්ටිටියුට් කැමරා ක්ලබ් සහ ජොගින් ආර්ලෝන්ග් විසින් ගන්නා ලද ඡායාරූප ඇතුලත් විය. මෙම ඡායාරූප වලින් එම යුගයේ අප්‍රිකානු - ඇමෙරිකන් ගැමි ජිවිතය පිළිබිඹු කෙරුනි. තරුණ කාලයේදීම ඔහු මිය ගිය නමුත් ඔහු අති සාර්ථක කවියෙකු රචකයෙකු, නවකථාකරුවෙකු මෙන්ම කෙටි කථාකරුවෙකුද විය. (ඔහුගේ නවකථා අතරට The Uncalled, 1898 සහ The fanatics 1901ද ගැනේ)

ඩු බොයිස්, වොෂින්ටන් සහ ගාර්වේ යන තිදෙනා ප්‍රධාන පෙලේ අප්‍රිකානු ඇමෙරිකානු බුද්ධිමතුන් මෙන්ම එම යුගයේ ග්‍රන්ථ කතුවරුන් වූවත් ඒ අතර ප්‍රසිද්ධියට පත් වූ වෙනත් අප්‍රිකානු ඇමෙරිකානු ලේඛකයින්ද වූහ. මොවුන් අතර චාර්ලිස් ඩබ්ලිව්.චෙස්නට් නම් ලේඛකයාද එක් අයෙකි.


හාලෙම් පුනරුදය[සංස්කරණය]

හාලෙම් පුනරුදය ක්‍රි.ව 1920 සිට 1940 දක්වා අප්‍රිකානු ඇමෙරිකානු සාහිත්‍යය කෙරෙහි නව අවධානයක් ඇති කරලීය. හාලෙම් පුනරුදයට පාදක වුයේ අති විශාල සංස්කෘතිකමය හා සමාජීය වර්ධනයක් සහිත නිව්යෝර්ක් හි හාලෙම් හි ජන සමාජයයයි. මෙයට නොයෙක් කළු ජාතික ‍කළාකරුවෝ, සංගීතඥයෝ සහ තවත් සම්භාව්‍ය කළාකෘති (ජෑස් හා වේදිකාව ඇතුලත්ව) අයත් විය. මෙම පුනරුදය වඩාත්ම ප්‍රචලිත වූයේ එයින් බිහි වූ සාහිත්‍යය නිසා යැයි සැලකේ.

ලැන්ස්ටන් හියුස් (ඡායාරූපය කාල් වැන් ‍වෙචන් මගිනි 1936)

මේ සමයේ වඩාත්ම ප්‍රචලිත ලේඛකයන් අතර ලැන්ස්ටන් හියුස් ද ‍අයත් වේ. හියුස් මුලින්ම සමාජ අවධානයට ලක් වූයේ 1922 එළිදැක්වූ The book of American Negro poetry මගිනි. මෙම ජෙම්ස් වෙල්ඩන් ජොන්සන් මගින් සකසන ලදුව එම කතුවරයා එම අවධියේ වඩාත්ම කුසලතාවෙන් හෙබි කිවිදා ලෙස නම් කරන ලදී. Home the Horlem, Banjo හා Bannana Bottom වශයෙන් නවකථා තුනක් පළකරන ලද Claud Mckay තවත් කුසලතාවෙන් හෙබි රචකයෙකු ලෙස සැලකේ.

ක්‍රි.ව 1930 දී හියුස් විසින් The Weary Blues නමින් කවි එකතුවක් හා Not Without laugnter නමින් නවකථාවක්ද පළ කරන ලදී. ඔහුගේ වඩාත්ම ප්‍රචලිත කවිය වනුයේ ඔහු නව යෞවනයෙකු සමයේ ලියූ The Negra speaks of River යන්නයි. වැඩි දෙනෙකු ඔහුගේ නිර්මාණ අතරින් හදුනාගත් චරිතය වන්නේ ජීස් ය.

සරල, කථා විලාශයකින් හා සත්‍යවාදී බවින් යුක්ත වූ Herlemite ගේ විනෝදජනක නිරික්ෂණයන් හියුස්ගේ Chicago defender හා New York Post හි ලිපිවල පළවිය. 1950 දී රචිත Simple speaks his mind ඔහු විසින් පළ කළ හොඳම සරල කථා ඇතුලත් ග්‍රන්ථය ලෙස නම් කළ හැක. 1967 දී අභාවප්ප්‍රාප්ත වන තුරුම හියුස් විසින් කවි එකතු 9 ක්, කෙටි කතා පොත් අටක්, නවකථා දෙකක් හා කලාකෘති, ළමා පොත් හා පරිවර්තන ද තෙලි තුඩට නගන ලදී.

මෙම පුනරුද සමයේ තවත් ප්‍රසිද්ධ ලේඛිකාවක් වන්නේ Zora Neale Horstan ය. ඇය විසින් Their eyes were watching god යන සම්භාව්‍ය ග්‍රන්ථය ලියන ලදී. ඇය විසින් රචනා කර ඇති ග්‍රන්ථ සංඛ්‍යාව 14 කි.එම කෘති අතර සමාජ විද්‍යා කෘති,කෙටි කථා මෙන්ම නවකථාද ඇතුලත් විය. ඇය කාන්තාවක් වීම හා ඇගේ කෘති සමාජීය හෝ දේශපාලනමය වශයෙන් වැදගත් නොවීම හේතුවෙන් ඒවා දශක කිහිපයක් යන තුරුත් එළි නොදැක්විය. හර්ස්ටන්ගේ කෘති ක්‍රි.ව.1970 දී ඇලිස් වෝකර් විසින් රචිත ප්‍රසිද්ධ රචනාවක මාර්ගයෙන් නැවත අවධානයට ලක් වුනු අතර, හර්ස්ටන් කළු ජාතික ලේඛිකාවකන් හට මහඟු ආදර්ශයක් ලෙස සළකන ලදී.

පුනරුදයෙන් මහත් අවධානයට ලක් වූ ලේඛකයන් දෙදෙනෙකු ලෙස හියුස් හා හවුස්ටන්ව නම් කළ හැකිය. ඔවුන්ට අමතරව තවත් ලේඛකයන් ද මේ සමයේ ප්‍රසිද්ධියට පත් විය. ඒ අතරට cane ලියූ ජින් ටූමර් හා The living in Easy විසින් ලියූ Dorothy west ද එක්වෙයි. තවත් ප්‍රසිද්ධ ලේඛකයෙකු වූයේ කවුන්ට් කාලන්ය. ඔහු විසින් එදිනෙදා කළු ජාතිකයන්ගේ ජීවිතය විස්තර කරන ලදී. ක'ලන්ගේ කෘති අතරට කවි එකතුවක් වන Color(1925), Copper sun (1927) සහ The Ballad of the Brown girl අයත් වේ. ෆ්‍රෑන්ක් මාෂල් ඩේව්ස්ගේ කවි එකතුවක් වන Black Man's Verse (1935) හා I'am the American Negro (1937) කෘති Black cat press නම් වූ මුද්‍රණාලයේ මුද්‍රණය කිරීමෙන් පසුව මහත්සේ විචාරයට ලක් විය. Willace Thurman ගේ The Blacker the Berry A Novel of Negro Life (1929) කෘතිය ජාතින් අතර පවතින සුදු කළු භේදය විදහා දැක්විය.

හාලෙම් පුනරුදය අප්‍රිකානු ඇමෙරිකානු සාහිත්‍යයේ සන්ධිස්ථානයක් විය. පුනරුදයට පෙර කළු ජාතිකයන් විසින් ලියන ලද කෘතින් කියවන ලද්දේ තවත් කළු ජාතිකයන් විසින් පමණි. මෙම පුනරුදය හරහා අප්‍රිකානු ඇමෙරිකානු සාහිත්‍යය හා අප්‍රිකානු කලා කෘති ඇමෙරිකානු සංස්කෘතියට එක්වීම ඇරඹිණි.

පුරාතන අප්‍රිකානු ඇමරිකානු සාහත්‍යය[සංස්කරණය]

tiny globe‎
පිලිස් වීට්ලි (Phillis Wheatley)

අප්‍රිකානු ඇමෙරිකානු සාහත්‍යය ද එහි ඉතිහාසය මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය බිහිවීමට පෙර සිටම පැවතිණි.

1746 ලුසී ටෙරී (Lucy Terry) විසින් රචිත Bars Fight නම් කාව්‍ය අප්‍රිකානු ඇමෙරිකානු සාහිත්‍යයේ පළමු කාව්‍ය නිර්මාණය ලෙස හැළකේ. බ්‍රිටන් හැමන් (Briton Hammon) සහ ෆීලිස් පිට්ලි (Phills Wheatly) යනු පුරාතන අප්‍රිකානු ඇමෙරිකානු සාහිත්‍යයේ තවත් සුප්‍රසිද්ධ කාව්‍ය නිර්මාණකරුවන් දෙදෙනෙකු වුහ.

ජුපිටර් හැමන් (Jupiter Hammon)යනු අප්‍රිකානු ඇ‍මෙරිකානු සාහිත්‍යයේ තවත් එක් ප්‍රධාන චරිකයකි. ඔහු විසින් රචනය කළ An evening Though : Suluation by Christ සහ with penitential cries ode to phillis whitely ඉතා ප්‍රසිද්ධියට පත්විය. වයස අවරැදු 76 දී ඔහු විසින් රචනා කළ Address to the Negroes of state of New York නම් කථාව ජීවිත කාලවක් වහලෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු පිලිබද කියැවෙන කතාවක් වේ. මෙහි "If We should ever get to heaven we shall find nobody to reparachs us for being blck or for being slaves (අපහට කෙදිනක හෝ ස්වර්ගයට යාමට අවස්ථාව උදාවුවහොත්, එදිනට අප කළු හෝ වහලුන් ලෙස නින්දාවට පත් නොකරනු ඇත.) යන වාක්‍යය පසු කාලීනව වහල් සේවය විරැද්ධව නැගි සිටි බෝ‍හෝ පිරිස් විසින් නිදහස ලබා ගැනීම සදහා භාවිතා කරනඇත.

Le milatre (The Mulatto) නවකතාව රචනය කළ Victor sejour සහ Elotel or the presidnet's daughter කෘතිය නිර්මාණය කළ විලියම් වෙල්සි බ්‍රවුන් (William wells Brown) අප්‍රිකානු ඇමෙරිකානු සාහිත්‍යයේ ප්‍රථම කෘති නිර්මාණකරුවන් විය.



අප්‍රිකානු ඇමරිකානු විචාරය[සංස්කරණය]

අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍ය, එක්සත් ජනපදයේ පිළිගත් සාහිත්‍යයකි.එහි වැදගත්කම පිළිබඳව හා සම්ප්‍රදාය හා සිද්ධාන්ත පිළිබඳව බොහෝ අදහස් උදහස් පළ වී ඇත. මෙම අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යය නඟා සිටුවීම සඳහා එක්සත් ජනපදයේ වාසය කරන කළු ජාතිකයන‍්ගේ අත්දැකීම් මහත් පිටුවහලක් විය. විශේෂයෙන්ම එල්ලවූ විවේචන‍ හා ඓතිහාසික වර්ගවාදය හේතු කොට ගෙන ප්‍රධාන සංස්කෘතියේ බලය හා සාහිත්‍යය නිෂ්ප්‍රභා කිරිමට ගත් උත්සාහයෙන් ලැබුණු අත්දැකිම් මහත් එහි වර්ධනයට මහත් පිටුවහලක් විය. ඒ සමඟම ඇමරිකානු සාහිත්‍යය තුළ හා පිටත පවතින සාහිත්‍යයන් රට වැසියන්ගෙන් සාක්ෂරතාවයට නව ජීවයක් ලබා දේ. අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යය යනු, ඇමරිකානු සාහිත්‍යය කොටස් වලට කැඩිමේ ප්‍රතිඵලයක් ලෙස ලැබුණක් බව විචාරකයන් පවසයි. එමෙන්ම තම සාහිත්‍යය තුලින් කළු ජාතින් පිළිබිඹු කිරිම පිළිබඳව අප්‍රසාදය පළ කරන සමහර පුද්ගලයන් ද ඇමරිකානු ජනතාව අතර සිටි.


වසර ගණනාවක් පුරා අප්‍රිකානු ඇමරිකානුවන්ගේ සාහිත්‍යය පිළිබඳව විවේචනයන් එල්ල වී ඇත්තේ අප්‍රිකානු ඇමරිකානුවන්ගේ සමාජ තුළිනි. කළු ජාතිකයන්ගේ ධනාත්මක බව කළු ජාතිකයන්ගේ සාහිත්‍යයෙන් නිරූපණය නොවන බවට ඇතැමුන් විවේචනය කරනු ලබයි.


මෙම සෞන්දර්යය ක්ෂේත්‍රයේ ඝට්ටනය සහ ජාතිවාදී දේශපාලනයේ පටන් ගැන්ම පිළිබඳ අර්ථ කථනයක් ඩබ්ලිව්. ඊ.ඩී. ඩ්‍රබොයිස්ගේ එන්. ඒ. ඒ. සී. පී. ප්‍රකාශනයේ ඇතුලත් වේ. ‘ ද ක්‍රයිසිස්’ විසින් 1921 දී “අප විසින් පවසන හොඳම සහ උසස් සැම දෙයක්ම අපට කිව යුතු චිත්‍ර කලාව සහ ප්‍රතිචාරක කටයුතු ස්ථාවර එකක් බව’ සඳහන් කළේය. 1996 දී ‘භාෂා ශුද්ධ වාදිනියකගේ විලාපය නොසලකා කලාව ප්‍රමාණාත්මක විය යුතු බව’’ පවසමින් මෙයට තවත් යමක් එක්කළේය. සාහිත්‍යය අප්‍රිකානු ඇමරිකානුවන්ගේ දේශපාලන නිදහස් අරගලයේ ආයුධයක් වූ බව ඩ්‍රබොයිස් සහ ‘ද කුයිසිස්’ හි කතෘ නිත්‍ය වශයෙන්ම පවසා තිබේ.

ෆෙඩ්රික් ඩග්ලස්

‘ඩු බොයිස්‍’ ගේ කලාවේ ප්‍රචාරාත්මක හරය පිළිබඳ ඇදැහීම හොඳින්ම පිළිබිඹු වූයේ 1928 දී ඔහු අප්‍රිකානු ඇමරිකානු කතෘ ‘ ක්ලොරස් මැක්ගේ’ ඉතා හොඳින් අලෙවි වූ ‘හෝම් ටු හාර්ලම්’ නවකතාවට විරුද්ධ වීමෙනි. ‘ඩු බොයිස්’ ට නවකතා ඍජුව ලිංගිකත්වය සහ ‘හාර්ලම්ං හි සඳහන් රාත්‍රි ජීවිතය පිලිබඳ වචන දක්වමින් ‘පියුරියන්ට් ඩිමාන්ඩ්’ හි සුදු ජාති ක පාඨකයින්ට සහ ප්‍රකාශයකින් වන ‘ලයිසන්ශස්නස්’ නිරුපණය වන කළු ජාතිකයන්‍ආයාසන කරනු ලැබුවේය. තවද ‘ඩ්‍රයිබොස්’ මෙසේ ප්‍රකාශ කළේය. ‘හෝම් ටු හාලන්’ හි බොහෝ කොටස් මට පිලිකුල ඇති කළේය. තවද අපවිත්‍ර දේ පිළිබඳ මට හැගෙන්නේ. ස්නානයෙන් ඉවත් කළ යුතු දේ වශයෙනි. 1929 දී ද 'බ්ලැකර් ද බෙරි ' කෘතිය වොල්ස් තර්මන් ප්‍රකාශයට පත් කල පසු නැවතත් මෙම දොස් පැවරීම අනෙක් කළු ජාතික සමාජයට ඉදිරිපත් කලේය. ඩර්ටි ලොන්ඩ්‍රි’ සංස්කෘතිය ප්‍රකට කිරීමට අකමැති වූවන් උමතුවට පත් කරමින් ලා පැහැති සහ කළු ජාතික සම අතර පුර්ව මතයන්, මෙම නවකතාවේ කේන්ද්‍රගත වී තිබුණි.


ස්වභාවයෙන්ම අප්‍රිකානු ඇමරිකානු ලේඛකයින් සෑම කළු ජාතිකයන්ගේම සාහිත්‍ය නිර්මාණ ප්‍රචාරණය වීම පිළිබඳ එකග නොවූ අතර ඒ වෙනුවට සාහිත්‍ය තුළින් මිනිස් ජිවිතය පිළිබඳ සත්‍ය ප්‍රකාශ විය යුතු බව සඳහන් කළේය. ‘ලැන්ග්ස්ටන් හියුජැසං 1926 ද නිරෝ ආටිස්ට් ඇන්‍ඩ් රේශල් මවූන්ටන්' රචනා කරමින් මෙම ප්‍රකාශනය සඳහන් කළේය. කළු ජාතික කලාකරුවන්, කළු හෝ සුදු ජාතික ප්‍රජාව කුමක් සිතුවත්, ඔවූන් පිලිබඳව නිදහසේ ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වූ බව පැවසිය.

ඇලිස් වෝකර් විසින් රචනා කල ද 'කලර් පර්පල්' නවකථාවේ අසාධාරණ ලෙස කළු ජාතිකයන් වෙත දොස් පැවරීම මගින්, කළු ජාතිකයින් ඔවුන් වෙතම දොස් පවරා ගැනිමේ සංසිද්ධියක් මෑතකදී ඇති විය. මීට අමතරව අප්‍රිකානු ඇමරිකානු කතෘ චර්ල්ස් ආර් ජෝන්සන්ගේ ’ ඔක්ස්හර්ඩින් ටේල් නවකතාව හඳුන්වා දුන් අවස්ථාවේ වෝකර්ගේ නවකතාවේ අප්‍රිකානු ඇමරිකානු පිරිමින් පිලිබඳ ඍණාන්විත නිරූපණය කිරීමට විවේචන එල්ල විය. එසේ විවේචනය කරනු ලැබුවේ විශ්වාසයෙන් මුසාවාදය හා දර්ශනය හමුවන ස්ථානය ප්‍රකාශ වී ඇත්තේ කුමන ග්‍රන්ථයෙන් ද යන්න තීරණය කිරීමට මග පාඨකයින්ට ඉඩ හරිමි යන්න ප්‍රකාශ කිරීමෙනි. පසු කාලිනව ග්‍රන්ථයේ වියදම් නිෂ්ප්‍රභා කළේය.

ඇලිස් වෝකර්' විසින් රචිත 'ද කලර් පර්පල්'[සංස්කරණය]

අප්‍රිකානු ඇමෙරිකානු සාහිත්‍යයේ අන්තර්ගතය සකස් කරන ලද්දේ අප්‍රිකානු ඇමෙරිකානු පෙලපතේ රචකයින් විසිනි. එම සාහිත්‍යයේ 18 වැනි ශතවර්ෂයේ අග භාගය නියෝජනය කළ රචකයින් විසින් නව නිර්මාණයන්ගේ වස්තු විෂය සදහා වහල් ජනතාවගේ කතන්දර සහ පුනරුදයන් යොදාගත් නිසා ඔවුන් සමාජයේ ඉහළ පිළිගැනීමකට ලක්විය. එවැනි වස්තු විෂයන් යොදාගත් 'ටොන් මොරිසන්' ‍'මයා ඇන්‍ඩලෝ' සහ ‍'වෝල්‍ටර් මොස්ලි' වැනි කතුවරයන් අදටත් ඇමෙරිකාවේ ප්‍රධාන ලේඛකයින් අතර ඉහළස්ථානයක් හිමිකරගෙන සිටී. එම අවධියේ එසේ සමාජ් පිළිගැනීමට ලක්වූවන් අතර ෆිලිස් විටලි සහ ඔලියුඩා ඉක් අහෝ වැනි රචකයින් තැනක් ගනු ලබයි. ඇමෙරිකානු සමාජය තුළ, අප්‍රිකානු ඇමෙරිකානුවන්ගේ කාර්යභාරය, සංස්කෘතිය, වර්ගවාදය, වහල් බව සහ සමානාත්මතාවය ආදී අංශ පිළිබඳව ගවේෂණය කර ඇත්තේ අප්‍රිකානු ඇමෙරිකානු සාහිත්‍යය තුළිනි. අධ්‍යාත්මික දේශනා, ශුභාරංචි සංගිතය, බ්ලු සංගිතය සහ රැප් සංගීතය වැනි වාචික අංග, අප්‍රිකානු ඇමෙරිකානු රචනා නීතිගත කිරීමට මහඟු දායකත්වයක් සපයා ඇත.

ඇමෙරිකානු සමාජය තුළ අප්‍රිකානු ඇමෙරිකානුවන්ට එතෙක් හිමිව තිබූ ස්ථානය වෙනසකට භාජනය වූයේ එරට සාහිත්‍යයේ කේන්ද්‍රය බවට අප්‍රිකානු ඇමෙරිකානු සාහිත්‍යය පත්වීමයි. 'සබ්ජර්න් ඔෆ් ස්ලේව් නැරටෙම්වස්' හි සඳහන් කර ඇති ආකාරයට ඇමෙරිකානු සිවිල් යුද්ධයට පෙර අප්‍රිකානු ඇමෙරිකානු සාහිත්‍යයේ මුලික ඉලක්ක ගීතවල වූයේ වහල් ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව කතා කිරීමය. 20 වැනි ශතවර්ෂයත් සමඟම ඩබ්ලිව්. ඊ.බී ඩ්‍රබොයිස් සහ බ්‍රකර් ටී වොශින්ග්ටන් වැනි ලේඛකයින්ගේ ග්‍රන්ථ මගින් ඇමෙරිකන් ජනපදයේ වර්ගවාදය පිළිබඳ හැගීම් අභියෝගයට ලක් කරනවාද එසේ නැත්නම් සතුටු කරනවාද යන්න පිළිබඳ තර්ක ඉදිරිපත් කළේය. ඇමෙරිකන් සිවිල් ව්‍යාපාර තුළින් රිචඩ් රයිට් සහ ග්වෙන්ඩොලින් බ්‍රාක්ස් වැනි කතුවරුන් ජාතිවාදය විනාශකිරීමත්,දේශානුරාගයත් මුල්කරගෙන රචනා ඉදිරිපත් කළේය. ඉතා ඉහළ අලෙවියක් සහ සම්මාන දිනු ඇලෙක්ස් හාලි විසින් රචිත 'ද සාග ඔෆ් ඇමෙරිකන් ෆැමිලි' ඇලිස් වෝකර් විසින් රචිත ද "කලර් පර්පල් " බ්ලවස් විසින් රචිත 'ටෝනි මැරිසන් ' යන ග්‍රන්ථ මගින්, වර්තමානයේ අප්‍රිකානු ඇමෙරිකානු සාහිත්‍යය, ඇමෙරිකානු සාහිත්‍යයේ වැදගත් කොටසක් බවට පිළිගෙන තිබේ.

සටහන්[සංස්කරණය]

African American literature African American criticism