අපරිවර්තී ගෝලය

විකිපීඩියා වෙතින්

අපරිවර්තී ගෝලය පෙන්වන වායුගෝල රූපසටහන. ස්තරයන් පරිමාණයට අනුව ඇඳ ඇත: පෘථිවි පෘෂ්ඨයෙහි සිට අපර්වර්තී ගෝලයෙහි මුදුනට ඇති දුර (කිමී 50) පෘථිවි අරයෙන් 1% කට අඩු ප්‍රමාණයකි. (විශාල කර බැලීමට ක්ලික් කරන්න)]] පරිවර්තී ගෝලයට ඉහළින් හා මධ්‍ය ගෝලයට පහතින් පිහිටා ඇති අපවර්තී ගෝලය පෘථිවි වායුගෝලයේ දෙවන ප්‍රධාන ස්ථරයයි. එහි ඉහළ ස්ථර වලදි උෂ්ණත්වය වැඩිවන සේත් පහළ ස්ථර වෙත ‍ගමන් කරද්දි උෂ්ණත්වය අඩුවන සේත් සකස් වි ඇත. ඉහළ ස්ථර වලට යද්දී සිසිල් වන පහළ ස්ථර වලට ගමන් කරන විට උණුසුම් වනසේ සැකසුනු පෘථිවිය ආසන්නයේ පිහිටි පරිවර්තී ගෝලය මෙහි විරුද්ධ ආකාරයයි. වායුගෝල තාපගති විද්‍යාව අනුව මෙම උෂ්ණත්වය විපර්යාසය සමතුලිතතාවයට පත්වන මට්ටම අපවර්තී හා පරිවර්තී ගෝල වෙන්කරන සීමාව ලකුණු කර ඇත. සාමාන්‍ය දේශාංශ ප්‍රදේශ වලදි අපවර්තී ගෝලය මුහුදු ම‍ට්ටමෙන් 10 km (මයිල 6) - 50 km (31 මයිල) ඉහළින් පිහිටන අතර ධ්‍රැවාසන්න ප්‍රදේශ වලදි එය 8 km (5 මයිල ) ඉහළින් ආරම්භ වේ. අපවර්තී ගෝලය උෂ්ණත්වයට අනුව ස්ථර වශයෙන් බෙදී ඇත්තේ සුර්යයාගෙන් නිකුත් වන අධෝරක්ත විකිරණ අවශෝෂණයෙන් එය ඉහළින් රත්වන නිසාය. මුහුදු මට්ටම ඉහළ නැග්ම සමඟම මෙම ස්ථරය තුළ උෂ්ණත්වය ඉහළ නගී. අපවර්තී ගෝලයේ ඉහළම කොටස 270 කෙල්වින් (-30 C හෝ 26 6 0F) පමණ උෂ්ණත්වයකින් යුක්ත වන අතර, එය ජලයේ ඝනීභවන උෂ්ණත්වයට වඩා මදක් අඩු අගයකි. මෙම ඉහළ කොටස අපවර්තී මණ්ඩලය ලෙස හැඳින්වෙන අතර එයට ඉහළ කොටස්වල උෂ්ණත්වය නැවතත් උසත් සමඟ පහළ බැසීම ආරම්භ වේ. උෂ්ණත්වය වැඩි ස්ථර ඉහළත්, උෂ්ණත්වය අඩු ස්ථර පහළත් ලෙස සිරස් අතට ස්ථරවලට වෙන් වීම නිසා අපවර්තී ගෝලය ගතික සමතුලිතාවයේ පවතී. නිරන්තර සංවහනය හෝ ඒ ආශ්‍රීත වායුගෝලයේ කැළඹිලි මෙම ‍කොටසේ දක්නට නොලැබේ. මෙසේ උෂ්ණත්වය ඉහළ යාමට හේතු වන්නේ සුර්යයාගේ පාරජම්බුල විකිරණ උරාගන්නා ඕසෝන් ස්ථරය විසින් අපවර්තී ගෝලයේ ඉහළ කොටස් රත් කිරීමයි. ඉහළින් ඇතිවන තාප සංක්‍රමණය හා පහළින් ඇතිවන තාප සංවහනය (පරිවර්තී ගෝලය හරහා) සමතුලිත වන ස්ථානය අපවර්තී ගෝලයේ පදනමයි. එම හේතුවෙන් ධ්‍රැවාසන්නයේ පොළොවේ ඇති අඩු උෂ්ණත්වය නිසා අපවර්තී ගෝලය අඩු මුහුදු මට්ටමකින් ආරම්භ වේ. වාණිජ ගුවන්සේවා සෞම්‍ය දේශගුණයක් ඇතිදේශාංශ වල සාමාන්‍යයෙන් පියාසර කරන්නේ මුහුදු මට්ටමෙන් 10 km පමණ උසකින් ඇති අපවර්තී ගෝලයේ පහළ සීමාවේය. මෙයට හේතුව පරිවර්තී ගෝලයේ සංවහනය මඟින් ඇතිවන දරුණු කාලගුණික තත්වය මගහැරීමය. අහස්යානා වල පියාසර කාලයේදි ඇතිවන බාධා වලට හේතුව වන්නේ පරිවර්තී ගෝලය මඟින් එල්ල වන සංවහන ධාරාය. බොහෝ කුඩා අහස්යාත්‍රා පොළොවේ අධික තාපයට ලක්ව ඇති ප්‍රදේශ වලට ඉහළින් පරිවර්තී ගෝලය හරහා ඇතිවන තාප නෙරුම් මත පියාසර කරන අතර මෙම නෙරුම අවසාන වන්නේ අපවර්තී ගෝලයේ පහළ සීමාවේ බැවින් මෙම යාත්‍රා වලට ගමන් කලහැකි උපරිම උස සීමාව මෙයවේ. (සමහර කුඩා යාත්‍රා කඳුවැටිවල තනාගත් එසවුම් උපකරණ අධාරයෙන් අපවර්තී ගෝලයට එසවිමට බලය ලබා ගෙන වැඩි උසකින් යාත්‍රා කරයි) අපවර්තී ගෝලය යනු අධික ලෙස අන්න්‍යෝන්‍ය ක්‍රියාකාරී විකිරණ, ගතික හා රසායනික ක්‍රියාවලි සහිත ප්‍රදේශයකි. මෙහිදී වායුමය සංඝටක තිරස් ආකාරයෙන් මිශ්‍රවන වේගය සිරස් ආකාරයෙන් මිශ්‍රවිමට වඩා වැඩිය. අපවර්තී ගෝලයේ සිත් ගන්නා සුළු ලක්ෂණයක් වන්නේ නිවර්තන දේශාංශ වල දක්නට ලැබෙන ක්වාසි - බීන්නියල්(Quasi - Biennial) ‍‍දෝලනයයි. මෙය ඇති වන්නේ පරිවර්තී ගෝලයේ ඇති වන ගුරුත්වජ තරංග හේතුවෙනි. මෙම ක්‍රියාවලිය මඟින් අපවර්තී ගෝලය ගෝලීයව ප්‍රවාහනය කරන ඕසෝන්, ජලවාෂ්ප වැනි ද්‍රව්‍ය සඳහා දෙවන සංසරණයක් ඇති කරයි. ශීත සෘතුවේදී උතුරු අර්ධගෝලයේ අපවර්තී ගෝලය හදිසි උණුසුම් වීම් දැක ගත හැකි අතර මෙයට හේතුව අපවර්තී ගෝලය මඟින් රොස්බි තරංග අවශෝෂණය කර ගැනීමයි.







බලන්න[සංස්කරණය]

තාප ගෝලය

සටහන්[සංස්කරණය]

Stratosphere
"https://si.wikipedia.org/w/index.php?title=අපරිවර්තී_ගෝලය&oldid=472059" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි