අධිවේගී මාර්ග ඉංජිනේරු විද්‍යාව

විකිපීඩියා වෙතින්

අධිවේගී මාර්ග ඉංජිනේරු විද්‍යාව යනු කාර්යක්ෂම සහ ආරක්ෂාකාරී අධිවේගී මාර්ග පද්ධතියක් ගොඩනැංවීමේ ක්‍රමවේදයකි. 20 වැනි සියවසේ දී එය කැපී පෙනෙන වර්ධනයක් අත් කරගෙන ඇති අතර එය සිවිල් ඉංජිනේරු විද්‍යාව තුළ වෙනම ඒකකයක් ලෙස ද ගොඩනැංවී ඇත. අධිවේගී මාර්ග ඉංජිනේරු විද්‍යාවේ ගුණාත්මක භාවයන් නිරන්තරයෙන් වර්ධනය වේ. මාර්ගවල තත්වය, මතුපිට ස්පර්ශයේ ස්වභාවය දර්ශනපත පරාසය, සමතලා වංගුවල අරය සහ වේගය නිර්ණය කරනු ලබන විචලනාත්මක බෑවුම් , අභ්‍යන්තර වෙනස්වීම් යන මේ සියලුම සංකල්පයන් අධිවේගී මාර්ග ඉංජිනේරු විද්‍යාවේ වැදගත් වේ. බොහෝ සංවර්ධිත රටවල පැතිරුණු අධිවේගී මාර්ග ජාලයක් පවතී.

එකසත් ජනපදය තුළ මාර්ග ගොඩනැංවීමේ රීති තත්ව තීරණය වනුයේ “අධිවේගී මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය පිළිබදව වන ඇමරිකානු සංගමයේ” ප්‍රකාශනවලින් සහ මෙම ක්ෂේත්‍රය පිළිබඳ පරීක්ෂණ පවත්වන “ප්‍රවාහන පරීක්ෂණ මණ්ඩලය” “ප්‍රවාහන ඉංජිනේරු ආයතනය” “ඒකාබද්ධ අධිවේගී මාර්ග පාලන මණ්ඩලය” සහ “ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ” නියමයන් පරිදිය.