අණුක ක්ෂුද්‍රජීව විද්‍යාව

විකිපීඩියා වෙතින්

අණුක ක්ෂුද්‍රජීව විද්‍යාව - බැක්ටීරියා[සංස්කරණය]

බැක්ටීරියාවන්ගේ ඇති සාපේක්ෂ සරල බවද , හසුරුවා ගැනීමේ පහසුව හා කෘත්‍රීම මාධ්‍යයක රෝපණය කර ගැනීමේ හැකියාව, ඖෂධ සඳහා ඇති වැදගත්කම ද සලකා බැක්ටීරියා අණුක ක්ෂුද්‍රජීව විද්‍යාව සංවර්ධනයෙහි ලා උපයෝගී කර ගෙන ඇත.

ඉතා විශාල බැක්ටීරියා විශේෂ සංඛ්‍යාවක සම්පූර්ණ ජාන අණු පිළිවෙල දැන් සොයා ගෙන ඇත. එසේම ජාන අණුපිළිවෙල සනාථ කරන ලද සූන්‍යෂ්ටිකයින් ලැයිස්තුවක් ද ඇත. නූතන අණුක ක්ෂුද්‍ර ජීව විද්‍යා තාක්ෂණය, ජාන සැකසූ එන්නත් සංවර්ධනයේ දී ද ජෛව හායනය, ජෛව තාක්ෂණය, ආහාර ක්ෂුද්‍රජීව විද්‍යාව සහ පරිසර ක්ෂුද්‍රජීව විද්‍යාවේ දී ද භාවිතා වේ.

බොහෝ බැක්ටීරියාවන් අණුක විද්‍යා අධ්‍යයනයේ දී ආදර්ශ ජීවීන් බවට පත්වී ඇත. අණුක තාක්ෂණය, වෛද්‍ය ක්ෂුද්‍ර ජීව විද්‍යාවේ සායනික ක්‍රියා මාර්ග මත සෘජුවම බලපෑම් ඇති කිරීමට සමත් වී ඇත.

ක්ෂුද්‍ර ජීව විද්‍යාවේ දී රූපීය ලක්ෂණ මගින් ක්ෂුද්‍ර ජීවී විශේෂ සහ උප විශේෂ හඳුනා ගැනීමට ඇති පරීක්ෂණ අකාර්යක්ෂම සහ බොහෝ කාලයක් ගන්නා නමුත් අණුක තාක්ෂණික ක්‍රම වඩාති ඉක්මන් සහ නිවැරදි දත්තයන් ලබා දෙමින් සායනික ක්‍රියා මාර්ග සඳහා ද විශාල පිටු බලයක් සපයයි. උදාහරණ ලෙස -

  • බැක්ටීරියා හඳුන ගැනීම සඳහා16s rRNA අනුපිළිවෙල නිර්ණය කිරීම.
  • කම්පනය වන ජෙලි මාධ්‍යයක විද්‍යුතාගමනය (Pulsed Field Gel Electrophoresis) මගින් වසංගතකාරක ක්ෂුද්‍ර ජීව උප විශේෂයන් වෙන් කර ගැනීම.
  • ප්‍රතිරෝධ යාන්ත්‍රණයට සෘජුව දායක වන ජාන (උදා - Staphylococcus aureus බැක්ටීරියාවේ mec A ජානය සෘජුව අනාවරණය කර ගත හැකි වීම.