අටුවා

විකිපීඩියා වෙතින්

ථේරවාද ත්‍රිපිටකයට සබැඳිව පාලි බසින් ඉතා ඈත අතීතයේ ලියවුනු පොත් එකතුවකි. මේවා හෙල අටුවා වල පාලි පරිවර්ථන වේ.

අටුවාද ත්‍රිපිටකය මෙන්ම දඹදිව තුන්සංගායනාවටම නගා ඇත. එසේ තුන්සංගායනාවටම නැගූ පාලි සඟි අටුවා හෙවත් මහා අටුවාව අනුබුද්ධ මහා මහින්ද ස්ථවිරයන් විසින් සිංහල රහතුන්ට ස්වකීය භාෂාවෙන් උගන්වා ඇත. මෙසේ හෙලටුවා බිහිවිය. ලෝසතුන්ගේ හිත පිණිස අටුවා නැවත පාලියට පරිවර්ථනය කිරීම පිණිසම මෙලොව පහල වූ අනුබුදු බුද්ධගෝෂ ස්ථවිරපාදයන් වහන්සේ විසින් මේවා මහාවිහාරයේ ග්‍රන්ථකාර පිරිවෙනේ වෙසෙමින් රහතුන්ගේ අධීක්ෂණය යටතේ පාලියට පරිවර්ථනය කොට ඇත. ඒ අනුව මේ වන විට අප අතට පත්ව ඇත්තේ මහසඟි අටුවාවේ හෙවත් බුද්ධ භාෂිත අටුවාවේ තෙවැනි පරපුරට අයත් අටුවාවන්‍ ය.

සූත්‍ර පිටකය[සංස්කරණය]

සූත්‍ර පිටකය - සතර මහා නිකාය

ත්‍රිපිටක කොටස අටුවාව අටුවාචාරී
දීඝ නිකාය සුමංගල විලාසිනී බුද්ධඝෝස හිමි
මජ්ඣිම නිකාය පපංච සූදනී බුද්ධඝෝස හිමි
සංයුත්ත නිකාය සාරාත්‍ථප්පකාසිනී බුද්ධඝෝස හිමි
අංගුත්තර නිකාය මනෝරථ පූරණී බුද්ධඝෝස හිමි

සූත්‍ර පිටකය - ඛුද්දක නිකායේ ඛුද්දක ග්‍රන්ථ

ත්‍රිපිටක කොටස අටුවාව අටුවාචාරී
ඛුද්ක පාඨ පරමත්‍ථ ජොතිකා බුද්ධඝෝස හිමි
සුත්ථ නිපාත පරමත්‍ථ ජොතිකා බුද්ධඝෝස හිමි
ජාතක පාලි ජාතකකට‍්ඨකථා බුද්ධඝෝස හිමි
ධම්මපද ධම්මපදට‍්ඨකථා බුද්ධඝෝස හිමි
උදාන පාලි පරමත්‍ථ දීපනී ධම්මපාල හිමි
ඉතිවුත්තක පාලි පරමත්‍ථ දීපනී ධම්මපාල හිමි
විමාන වත්‍ථු පරමත්‍ථ දීපනී ධම්මපාල හිමි
පෙත වත්‍ථු පරමත්‍ථ දීපනී ධම්මපාල හිමි
ථෙර ගාථා පරමත්‍ථ දීපනී ධම්මපාල හිමි
ථෙරි ගාථා පරමත්‍ථ දීපනී ධම්මපාල හිමි
චරියා පිටක පරමත්‍ථ දීපනී ධම්මපාල හිමි
නෙත්ති ප්‍රකරණ නෙත්තී අට්ඨකතා ධම්මපාල හිමි
නිදේදස සධ්ධම්මපජ්ජොතිකා උපසේන හිමි
පටිසමහිදා සධ්ධම්මප‍්පකාසිනී ධම්මපාල හිමි
බුද්ධ වංස මධුරත්‍ථප්පකාසිනී බුද්ධත්ත හිමි
අපදාන විසුද්ධ ජන විලාසිනී මහානාම හිමි

විනය පිටකය[සංස්කරණය]

පාරාකජිකා පාලි, පාචිත්තිය පාලි, චුල්ලවග්ග පාලි, මහාවග්ග පාලි, පරිවාර පාලි යන විනය ග්‍රන්ථ පහටම කරන ලද අටුවාව නම් සමන්තපාසාදිකාවයි.

භික්ඛු පාතිමොක්ඛයටත්, භික්ඛුණි පාතිමොක්ඛයටත් කංඛාවිතරණී මාතිකට්ඨකතාව නම් වූ අටුවාව කොට ඇත. මේ ද්විත්වයම පරිවර්ථනය කර ඇත්තේ භදන්තාචරිය බුද්ධගෝෂ ස්ථවිරයන් විසිනි.

අභිධර්ම පිටකය[සංස්කරණය]

ත්‍රිපිටක කොටස අටුවාව අටුවාචාරී
ධම්මසංගණීප්පකරණ අත්ථසාලිනී බුද්ධඝෝස හිමි
විභංගප්පකරණ සම්මෝහවිනෝදනී බුද්ධඝෝස හිමි
කථාවත්ථූප්පකරණ පරමත්තදීපනී

(පඤ්චප්පකරණට්ට කථා)

බුද්ධඝෝස හිමි
ධාතුකථාප්පකරණ
පුග්ගලපඤ්ඤත්තිප්පකරණ
යමකප්පකරණ
පට්ඨානප්පකරණ

බුද්ධඝෝස හිමියන් විසින් කරනලද අටුවා රාශියට ආශ්‍රය කරගෙන ඇත්තේ මහාට්ඨකථා, මහාපච්චරියට්ඨකථා, කුරුන්දට්ඨකථා, සංඛේපට්ඨකථා, අන්‍ධකට්ඨකථා යන මේ හෙල අටුවා පසය. එයිනුත් මහාට්ඨකථාව විශේෂ වශයෙන් උපකාර කරගෙන ඇති බව පෙනේ.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  • අත්තුඩාවේ ශ්‍රී රාහුල හිමි (2000). අට‍්ඨකථා සාහිත්‍යය හා අටුවා රසකතා. බෞද්ධ සංස්කාතික මධ්‍යස්ථානය. ISBN 955-8129-60-7.
  • බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අටුවා පරිවර්ථනයන්හී ප්‍රස්ථාවනාව.(කිරම විමලජෝති හිමි)
"https://si.wikipedia.org/w/index.php?title=අටුවා&oldid=459754" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි