අග්‍ර ශ්‍රාවක ධාතූන් වහන්සේලා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
මහා මොග්ගල්ලාන මහ තෙරුන් වහන්සේගේ මරණය දැක්වෙන චිත්‍රයක්

සාරිපුත්ත රහතන්වහන්සේ සහ මොග්ගල්ලාන රහතන්වහන්සේ දෙනම ගෞතම බුදුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් දෙනම විය. දෙසතියක් ඇතුළත එකිනෙකා වහන්සේ පිඑිනිවන්පෑ පසු උන්වහන්සේලා ආදාහනය කොට ධාතුන් වහන්සේලා තැන්පත්කොට කොට තබා ගන්නා ලදි. මෙම ධාතූන් වහන්සේලා අග්‍ර ශ්‍රාවක ධාතූන් වහන්සේලා ලෙස හඳුන්වයි.


කැණීම්[සංස්කරණය]

බුද්ධ ධර්මය සහ බුද්ධාගම
පිළිබඳ  ලිපි මාලාවක කොටසකි 

Dharmachakra.png
බුද්ධාගම පිළිබඳ ද්වාරය

බුදු දහමෙහි ඉතිහාසය

බෞද්ධ සංගායනා - බුදු දහමට සබැඳි සිදුවීම්

ප්‍රමුඛ චරිත

ගෞතම බුදුරජාණන් වහන්සේ
ශ්‍රාවකයෝ · පසුකාලීන බෞද්ධයෝ

ධර්මය සහ බෞද්ධ යෙදුම්

චතුරාර්ය සත්‍යය
ආර්ය අෂ්ටාංගික මාර්ගය
ත්‍රි ලක්ෂණ
පටිච්ච සමුප්පාදය
සසර · නිවන
පංච ස්කන්ධ · ලෝකය
කර්මය · පුනර්භවය

පිළිවෙත් සහ මාර්ගඵල සතර

බුද්ධත්වය · බෝධිසත්ව
මාර්ගඵල සතර
ප්‍රඥාව · භාවනා · සිල්පද
පාරමිතාවන් · තෙරුවන්
බෞද්ධ ශ්‍රමණ · ගිහියා

රටවල් සහප්‍රදේශ

බුදු දහමෙහි සම්ප්‍රදායන්

ථේරවාද · මහායාන
වජ්‍රායාන
විවිධ සම්ප්‍රදායන්ට පෙර

ග්‍රන්ථයන්

පාලි ත්‍රිපිටකය · ටිබෙට් ත්‍රිපිටකය
චීන ත්‍රිපිටකය

ආශ්‍රිත ලැයිස්තුව

සංසන්දනාත්මක අධ්‍යයනයන්
බෞද්ධ සංස්කෘතියේ මූලික අංග

ක්‍රි.පූ. 3වන සියවස දක්වා කාල නිර්ණය කර තිබූ, ඉන්දියාවේ, මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙහි, භෝපාල් පෙදෙස සමීපයෙහි, සාංචියෙහි අශෝකානු බෞද්ධ සංකීර්ණයෙහි කැණීමක, බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥ ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් 1851 වසරෙහිදී නිරතව සිටියේය. සුප්‍රකට තෙවන ස්තූපය තුලදී, හෙතෙම සාරිපුත්ත සහ මොග්ගල්ලාන මහ තෙරුන් වහන්සේලාගේ ශාරීරික ධාතුන් වහන්සේලා නිරාවරණය කර ගති. . දළ වශයෙන් එම කාල පරිච්ඡේදයෙහිදීම, රහතුන් වහන්සේලා දෙනමගේ තවත් ධාතුන් වහන්සේලා, සාංචියෙන් කිලෝමීටර දහයක් පමණ ඔබ්බෙහි වූ සතධාර නගරයෙහි ස්තූපයක වැඩම කරමින් තිබියදී සොයා ගන්නා ලදි.

සාංචි හෙලෙහි පිහිටි ස්තූපය මධ්‍යයෙහි උමගක් සෑරීමෙන් අනතුරුව, කනිංහැම් මහතාට හමුවූයේ, උතුරු-දකුණු දිශාවට අක්ෂගතව පැවති, අඩි පහකට වඩා දිගින් යුතුවූ විශාල ගල් පුවරුවකි. අළුපැහැ වැලිගලින් තැනුනු මඤ්ජුසා දෙකක් පුවරුවට යටින් පිහිටි අතර, ඒවායේ පියනෙහි බ්‍රාහ්මි අක්ෂර භාවිතයෙන් කර තිබූ කෙටි ශිලාලේඛන තිබුණි. දකුණු කෙළවරෙහි වූ මඤ්ජුසාවෙහි කැටයම් කර තිබුණේ "සාරිපුත්තගේ (ධාතුන් වහන්සේලා) " යන අර්ථය දෙන "සාරිපුත්ථස්ස" යනුවෙන් වන අතර උතුරු දිගවූ මඤ්ජුසාවෙහි වූ කැටයම " මහා මොග්ගල්ලානගේ (ධාතුන් වහන්සේලා) " යන අර්ථය දුන් "මහා-මොගලන්ස" යනුවෙන් විය.

ධාතුන් වහන්සේලාගේ අන්තර්ගතය[සංස්කරණය]

සාරිපුත්ත මහ තෙරුන්වහන්සේගේ මඤ්ජුසාවේ අන්තර්ගත වූයේ සුදු පැණි ගලින් නිමවූ විශාල පැතැලි කරඞුවක් වන අතර, එය අඟ් සයකට වඩා පළල සහ අඟල් තුනක් පමණ උස් විය. එහි පෘෂ්ඨය ඔප දැමූ සහ දැඩි එකක් වූ අතර, පට්ටලයක් භාවිතයෙන් නිමවනු ලැබුවේ යැයි විශ්වාස කෙරුණු මෙය විචිත්‍ර නිර්මාණ කෘතියක් විය. කරඞුව වට කොට ආදාහන චිතකය වෙතින් යැයි විශ්වාස කෙරෙන සඳුන් ශේෂයන් වූ අතර, කරඞුව තුල, ධාතුන් වහන්සේලාට අමතරව විවිධ මාණික්‍යයන් විය. කරඞුව තුල වැඩම සිටියේ, එක් අස්ථි ධාතුන් වහන්සේ නමක් වූ අතර එය දිගින් එක් අඟලකට වඩා කෙටි විය.

මහා මොග්ගල්ලාන මහ තෙරුන් වහන්සේගේ පාෂාණමය මඤ්ජුසාවේ තුල වූයේ තවත් පැණි ගල් කරඞුවක් වූ අතර, සාරිපුත්ත මහ තෙරුන් වහන්සේගේ කරඞුව වැනිම වුවද ප්‍රමාණයෙන් කුඩා සහ වඩාත් ඔප දැමූ පෘෂ්ඨයකින් සමන්විත විය. එය තුල වැඩ සිටියේ, සාරිපුත්ත මහ තෙරුන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට වඩා ප්‍රමාණයෙන් කුඩා සහ විශාලතමය අඟල් භාගයකට වඩා කුඩාවූ, මහා මොග්ගල්ලාන මහ තෙරුන් වහන්සේගේ අස්ථි ධාතුන් වහන්සේලා දෙනමකි.

එක් එක් මඤ්ජුසාවේ පියනෙහි ඇතුළු පෘෂ්ඨයෙහි එක් තීන්ත අක්ෂරය බැගින් කොටා තිබුණි: සාරිපුත්ත මහ තෙරුන් වහන්සේගේ මඤ්ජුසාවෙහි දකුණු දිශාවෙහි "සා" ලෙසින්ද මහා මොග්ගල්ලාන මහ තෙරුන් වහන්සේගේ මඤ්ජුසාවේ උතුරු දිශාවට "මා" ලෙසිනි. මෙම තත්ත්වය කනිංහැම් විශ්ලේෂණය කළේ මෙලෙසිනි: "සාරිපුත්ත සහ මහා මොග්ගල්ලාන යනු බුදුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙන වූ අතර, උන්වහන්සේලා සාමාන්‍යයෙන් දැක්වුනේ එතුමන්ගේ දකුණු පස හා වම් පස ශ්‍රාවකයන් ලෙසිනි. උන්වහන්සේලා දිවි ගෙවූ විටදී බුදුන් වහන්සේගේ දකුණු හා වම් පසින් වැඩ සිටි අයුරින්ම උන්වහන්සේලාගේ මරණින් පසු භෂ්මාවශේෂයන්ද තැන්පත් කෙරිණි." ගෞතම බුදු රජාණන් වහන්සේ සාම්ප්‍රදායික වශයෙන් වැඩ සිටියේ නැගෙනහිර දිශාවට මුහුණ ලා වන අතර, එබැවින් සාරිපුත්ත සහ මහා මොග්ගල්ලාන මහා තෙරුන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා පිළිවෙලින් දකුණු සහ උතුරු දිශාගතව තැන්පත් කෙරිණි.

දේශීය වශයෙන් "බුද්ධ බිථ" හෝ "බුද්ධ ස්මාරක" ලෙසින් හැඳින්වුණු ලෙසින් කනිංහැම් විසින් සටහන් කර ඇති ස්ථාන කාණ්ඩයක එක් අඩවියක් වූ සතධාර ස්ථූපයෙහි, ඔහු විසින් සොයා ගත්තේ සුදුමැලි පැහැයෙන් පාට ගැන්වුණු පැණි ගලින් තැනුනු කරඞු දෙකකි. සාංචියේ හමුවූ වස්තූන් මත වූ ලෙසින්ම, මේවායේද, "සාරිපුත්ථස්ස" සහ "මහා මොගලන්ස" ලෙසින් කැටයම් කොට තිබුණි. හොරුන් විසින් කඩා දැමීට ලක්වූ බවට සාක්ෂ්‍ය මෙම ස්තූපය වෙතින් දක්නට ලැබුණද, ධාතුන් වහන්සේලා නිරුපද්‍රිතව පැවතිණි. මෙහිදී හා අනෙකුත් ස්ථූපයන්හීදී තමන් විසින් නිරාවරණය කර ගනු ලැබූ සියල්ල පිළිබඳ සවිස්තරාත්මක විස්තර කනිංහැම් විසින් සටහන් කර තැබූ අතර, මෙම ධාතුන් වහන්සේලා පිළිබඳ යථාභූතාව, විද්වත් සමූහයන් විසින් සනාථ කෙරිණි.

ප්‍රදක්ෂිණාව[සංස්කරණය]

ස්ථාන දෙකෙන්ම නිරාවරණය කෙරුනු ධාතුන් වහන්සේලා, එංගලන්තය වෙත වැඩම්මවා, වික්ටෝරියා සහ ඇල්බට් කෞතුකාගාරය වෙත තැන්පත් කෙරුණු මුත්, කරඞු පිළිබඳ කනිංහැම්ගේ විස්තරය සහ සත්‍ය වශයෙන් තැන්පත් කර තිබූ මඤ්ජුසා අතර සමහරක් පරස්පරයන් වූ හෙයින් සංචිය වෙතින් නිරාවරණය කෙරුණු ධාතුන් වහන්සේලා යමෙකු විසින් සතධාර වෙතින් සොයා ගත් කරඞු වෙතට මාරු කර ඇති බවක් විශ්වාස කෙරෙන අතර, සංචි පැණි ගල් කරඞු වලට කුමක් සිදුවූයේද යන්න පිළිබඳ පැහැදිලි සාක්ෂ්‍ය නොපවතියි.

ධාතුන් වහන්සේලා 1939 දක්වා රක්ෂිතව තබා ගන්නා ලද අතර, එම අවස්ථාවේදී මහා බෝධි සංගමය විසින් බ්‍රිතාන්‍ය රජය වෙත ඉදිරිපත් වෙමින් ඒවා ඉන්දියාව වෙත යළි භාර දෙන මෙන් ඉල්ලා සිටියේය. මෙම ඉල්ලීම ප්‍රදානය කරන ලද මුත්, එය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වූයේ දෙවන ලෝක යුද්ධය නිසාය. මෙහි ප්‍රතිඵලයක් ලෙසින්, ධාතුන් වහන්සේලා භෞතික වශයෙන් හුවමාරු කර ගැනීම 1947 පෙබරවාරි 24 දින දක්වා සිදු නොවූයේ, ආරක්ෂාකාරී ගමනය සහතික කළ යුතු වීම නිසාය.

උපමහාද්වීපික දේශාටනය[සංස්කරණය]

ඉන්දියාවට යළි ගෙන ඒමට පෙර, ධාතුන් වහන්සේලා ශ්‍රී ලංකාවට වැඩම්මවන ලද අතර, එහිදී මහත් බහුමානයට පාත්‍ර විය. 1947 වසරෙහිදී, මාස දෙකක් සහ අඩක කාල සීමාවක් පුරා, ඒවා මහජන ප්‍රදර්ශනය සඳහා කොළඹ කෞතුකාගාරයෙහි තැන්පත් කර තිබූ අතර, මිලියන දෙකක පමණ මහජනතාව උන්වහන්සේලා වැඳ පුඳා ගත් බව ඇස්තමේන්තු කර ඇත. ධාතුන් වහන්සේලා ඉන් පසු කල්කතාව වෙත වැඩම්මවන ලද අතර, ඉන්දියාවේ මහා බෝධි සංගමයෙහි මූලස්ථානය වූ ධර්මරාජික විහාරයේ මහජන ප්‍රදර්ශනය සඳහා තැන්පත් කරන ලදි. ප්‍රදර්ශනය තුල දෙසතියක කාල සීමාවක දිගු පෝලිම් දක්නට ලැබුණු අතර, බොහෝ වන්දනාකරුවන් හින්දු භක්තිකයන් වූ අතර, ඔවුනතර මුස්ලිම් වරුන් විශාල සංඛ්‍යාවක්ද සිටියහ.

මෙයින් පසුව සිදුවූයේ බුරුම දේශාටනයයි. බුරුම සමාජයෙහි පුළුල් පැතිකඩකට මෙම ධාතුන් වහන්සේලා වැඳ පුදා ගැනුමට අවකාශ සලසනු වස්, ඉරවඩි ගංගාව ඔස්සේ මංඩලේ සිට රැංගුන් දක්වා නාවික සංචාරයක් සංවිධානය කෙරුණු අතර, සංචාරය හා සමග සබැඳි ධර්ම දේශනා වලට සහ සූත්‍ර සජ්ජායනයන්ට සවන් දීමට යාබද ගම්මාන වලින් මහත් ජනකායක් ඇදී ආහ. මෙයින් පසුව සිදු වූයේ නේපාල සහ ලදාක් සංචාරයන් වෙති.

තැන්පත් කිරීම[සංස්කරණය]

ජාත්‍යන්තර සංචාරය නිමවීමෙන් පසුව, ධාතූන් වහන්සේලා ඉන්දියාවට යළි භාර දෙන ලදි. කෙසේවෙතත්, බුරුම රජය ඉල්ලා සිටියේ ධාතුන් වහන්සේලාගෙන් කොටසක් බුරුමය වෙත ලබා දිය යුතු බවයි. ඉන්දියාවේ මහා බෝධි සංගමය එයට එකඟ වූ අතර, එකල බුරුමයේ අග්‍රාමාත්‍යවරයා පුද්ගලික වශයෙන් කල්කටාවට පැමිණියේ එය භාර ගැනීමටය. 1950 ඔක්තොම්බර් මාසයේදී බුරුමය සඳහා වෙන් කෙරුණු කොටස උත්සවාකාරයෙන් භාර දෙනු ලැබුණු අතර, රැංගුන් නගරයට සඹීපයෙහි සයවන බෞද්ධ මන්ත්‍රණ සභාව පැවති අඩවියෙහි ඉදිකෙරුණු ගබා ඊ සේඩි (ලෝක සාම චෛත්‍යය) තුල උන්වහන්සේලා පසුව තැන්පත් කෙරිණි. චෛත්‍යයේ කොත් වහන්සේ පැළඳීම සහ ධාතුන් වහන්සේලා නිදන් කිරීම පිළිබඳ පුළුල් උත්සව 1952 මාර්තු 5 දින සිට 11 දින දක්වා පැවතිණි.

ඒවා තැන්පත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මහා බෝධි සංගමය විසින් ගොඩනැගෙන නව ස්තූපයක නිදන් කිරීම සඳහා තවද කොටසක් ශ්‍රී ලංකාවට ලබා දෙන ලදි. එතුමන් වහන්සේලා දැනට කොළඹ, මහා බෝධි සංගමයෙහි විහාරයෙහි වැඩ වසන්නේ අදාල ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සම්පූර්ණ වන තුරුයි.

1952, නොවැම්බර් 30 දිනදී, ඒ සඳහාම සාංචියෙහි තැනුනු, චේතියගිරි විහාරයෙහි ඉතිරි ධාතුන් වහන්සේලා තැන්පත් කරන ලදි.

ආශ්‍රිත[සංස්කරණය]

සාහිත්‍යය[සංස්කරණය]

  • ඩෝල්ටන්, ජැක්. (1999). "සාරිපුත්ත ඇන්ඩ් මොග්ගල්ලාන ඉන් ද ගෝල්ඩන් ලෑන්ඩ්: ද රිලික්ස් ඔෆ් ද බුද්ධාස් චීෆ් ඩිසයිෆල්ස් ඇට් ද ගබා ඊ පැගෝඩා," ජර්නල් ඔෆ් බර්මා ස්ටඩීස් 4 (1999), 101-128.

බාහිර සබැඳි[සංස්කරණය]