අක්මාව බද්ධ කිරීම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
අක්මා බද්ධය
මැදිහත්වීම

මිනිස් අක්මාව
ICD-9-CM 50.5
MeSH D016031


අක්මාව බද්ධ කිරීම යනු රෝගී අක්මාවක් නිරෝගී පුද්ගලයෙක්ගේ අක්මාවක් මගින් ප්‍රතිස්තාපනය කිරීමයි. මෙහිදී බහුලවම භාවිතා වන ක්‍රමය වන්නේ අදාල පුද්ගලයාගේ රෝගී අක්මාව ඉවත් කර දායකයකුගෙන් ලබාගන්නා නිරෝගී අක්මාවක් රෝගියාගේ අක්මාව පිහිටි ස්ථානයටම බද්ධ කිරීමයි. අක්මාව බද්ධ කිරීම අක්මා රෝග ඇති අසාධ්‍ය රෝගීන්ට සහ ක්ෂණිකව අක්මාව අක්‍රිය වූ පුද්ලයන් හට ලබාදෙන ප්‍රතිකාර ක්‍රමයක් ලෙස අද දින ඉහළ පිලිගැනීමක් ඇත.

ඉතිහාසය[සංස්කරණය]

ප්‍රථම මිනිස් අක්මා බද්ධ කිරීම සිදු කරන ලද්දේ 1963 දී ඇමරිකා එක්සත් ජනපදයේ ඩෙන්වර් සහ කොලරාඩෝ ප්‍රාන්තයන්හි වෛද්‍ය තෝමස් ස්ටාල් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසිනි. වෛද්‍ය ස්ටාල් මීට අමතරව අක්මා බද්ධ කිරීම් ද ඊළග වසර කිහිපය තුළ සිදු කළ අතර 1967 දී ප්‍රථම වරට අක්මා බද්ධයකින් පසු රෝගියෙකු වසරක් ජීවත් වුණි. විවිධ ශෛල්‍ය උපක්‍රම හමුවේ අක්මා බද්ධ කිරීම 1970 දී පරීක්ෂණාත්මක මට්ටමක පැවතුණු අතර සැත්කමකින් පසු රෝගියෙකු වසරක් ජීවත් වීමේ සම්භාවිතාව එවකට සියයට 25 ක් වුණි. සර් රෝයි කානි විසින් සයික්ලොස්පොරීන් නම් ඖෂධය හදුන්වා දීමෙන් පසු සැත්කමට ලක් වු රෝගීන් කෙරෙහි යහපත් ප්‍රතිඵල ලබාදුනි. 1990 දී වැඩිහිටියන් සහ කුඩා ළමුන් සදහා ප්‍රතිකාර ක්‍රමයක් ලෙස හදවත් බද්ධය යොදා ගැනේ. මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයෙහි 100 කටත් වඩා ස්ථානයක සහ යුරෝපයෙහි බොහෝ ස්ථාන වල අක්මා බද්ධ කිරීම් සිදු කෙරේ. අක්මා බද්ධ කිරීම් මගින් නිරතුරු ව ම සංකූලතා ඇති වුවද මේ වන විට සැත්කමින් පසුව රෝගියකු වසරක් ජීවත් වීමේ සම්භාවිතාව සියයට 85 සිට 90 දක්වා ඉහළ ගොස් ඇත. අවාසනාවකට මෙන් මරණයට පත් වු පුද්ගලයන්ගෙන් ලැබෙන අක්මාවන් ප්‍රමාණයෙහි හිගතාවක් දක්නට ඇති නිසා දැනට කෙරෙන අක්මා බද්ධ කිරීම් සදහා ඒවා ලබාගනුයේ ජීවත් වන පුද්ගලයන්ගේ අක්මාවෙනි.

"http://si.wikipedia.org/w/index.php?title=අක්මාව_බද්ධ_කිරීම&oldid=307371" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි