'ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය' වැකියට එරෙහි බ්‍රිතාන්‍ය විරෝධිතාවයන්

විකිපීඩියා වෙතින්

'ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය' වැකියට එරෙහි බ්‍රිතාන්‍ය විරෝධිතාවයන්


බ්‍රිතාන්‍යයේ මහජන පැමිණිලි පිළිබද අධ්‍යක්ෂක සහ බ්‍රිතාන්‍යය කීරීට පැමිණිලි සේවාවේ ප්‍රධානි වන කෙන් මැක්ඩොහල්ඩිට අනුව - බ්‍රිතාන්‍යයේ ජ්‍යෙෂ්ඨතම අපරාධ නිතීඥවරයා - 2007 ජුලි 07 ලන්ඩන් බෝම්බ පිපිරීම ආදී ත්‍රස්තක්‍රියාවලට වගකිව යුත්තේ යුද්ධයක ¨ සොල්දාදුවන්¨ නොවන බවත් එහෙත් අපරාධ යුක්ති පද්ධතිය සමග සබදතා පවත්වන¨අදක්ෂයන්¨ බවත්ය. තව දුරටත් අදහස් දක්වන ඔහු කියා සිටින්නේ ත්‍රස්ත විරෝධී නීතී සම්පාදනයේ දී ¨ ව්‍යවස්තාදායකමය සංවරය සංස්කෘතියක් අවශ්‍ය බවත් දැඩි ප්‍රහාර වලට ¨ප්‍රධාන අරමුණ වුයේ බ්‍රිතාන්‍ය වැනි රටවල් වල ¨අපගේ වටිනාකම් අත්හැර දැමීමට¨ පෙළඹවිමයි. ඔහු සදහන් කරන අන්දමට බ්‍රිතාන්‍ය අපරාධ යුක්ති පද්ධතිය තුළ, ත්‍රස්තවාදයට ලබා දෙන ප්‍රතිචාරය ¨සමානුපාතික¨ විය යුතු හා බිම් මුලික (විෂයට අදාළ) වීම නිතීයට හා ක්‍රියාත්මක වීමට අවශ්‍ය බවයි. ¨ලන්ඩනය යුධ පිටියක් නොවේ.ඝාතනය කළ අහිංසකයින් ............................. යුද්ධයේ ගොදුරැ නොවේ. ඔවුන් ඝාතනය කළ මිනිසුන්, ඔවුන්ගේ මාන්නය පෙන්වීමට යොදා ගත් හාසයෝත්ලාදන විඩියෝ පටවල පරිදි ¨ සොල්දාදුවන්¨ නොවේ. ඔවුන් මුලා කර ඇත. තමන්ගේම රෑපයට රැවටුන අදක්ෂයෝය. ඔවුන් අපරාධකරැවන්ය. ඔවුන් පිස්සන්ය. අප මේ සම්බන්ධ පැහැදිලි කර ගත යුතුය. ලංඩනයේ වීදී වල ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක් නොමැත. බ්‍රිතාන්‍යයේ විදී වල ඇති ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය යුද්ධයක් නොවේ. ඒ ඔවුන්ගේ අයිතිවාසිකම් නොතකා ක්‍රියා කිරිම නිසා විපතට පත් වුවන් සදහා අපරාධ පිටු දැකීම , අපගේ නිතී බලාත්මක කිරිම සහ යුක්තිය දිනා ගැනීම සදහා කරන යුද්ධයකි. ඇ.එ.ජ අභිමතාර්ථ හා උපක්‍රම ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ දී බුෂ් පාලනය විසින් පහත අරමුණු ළගාකර ගැනීමට උත්සහ දරා ඇත.

1) ත්‍රස්තවාදීන් සහ ඔවුන්ගේ සංවිධාන පරාජය කිරිම.

2) ත්‍රස්තවාදීන් කවුරැන්දැයි හදුනා ගැනීම, සිටින ඉසව්ව හදුනා ගැනීම සහ ඔවුන්ගේ සංවිධාන සමග විනාශ කිරිම.

3) ත්‍රස්තවාදීන්ට අනුග්‍රහය දැක්වීම, සහයෝගය ලබා දීම ට කටයුතුනොකිරිම.

a. ත්‍රස්තවාදය සදහා රාජ්‍ය අනුග්‍රහය ලබා දීම අවසන් කිරිම.

b. ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කරන විට වගකීම පිළිබදව අභ්‍යන්තර ප්‍රමිතියක් ස්ථාපනය හා පවත්වාගෙන යෑම.

c. ත්‍රස්තවාදයට විරැද්ධව කටයුතු කිරිමේ දී ජ්‍යාතන්තර ව්‍යායාමයක් / පරිශ්‍රමයක් ශක්තිමත් කිරිම සහ උනන්දු කිරිම.

d. සහයෝගය ලබා දීමට කැමති හා හැකියාව ඇති රාජ්‍යයක් සමගකටයුතු කිරිම.

e. දුර්වල රාජ්‍යයක සවිබල ගැන්වීම.

f. සහය නොදක්වන / අකමැති රටවල් පොළඹවා ගැනීම.

g. කැමැත්ත නොමැති රටවල් බලෙන් යොමු කිරිම.

h. ත්‍රස්තවාදීන්ට ලැබෙන ද්‍රව්‍යයමය ආධාර නැවැත්වීම හා බාධා කිරිම.

i. ත්‍රස්තවාදීන්ට රැකවරණය හා ආරක්ෂාව ලබා නොදීම.

4) ත්‍රස්තවාදීන් පුයෝජන ගැනීමට උත්සහ කරන කොන්දේසි විනාශ කිරිම හා හදුනා ගැනීම.

a. ත්‍රස්තවාදය (නැවත) මතුවීම වැළැක්වීමට සහ දුර්වල රාජ්‍යයක් ශක්තිමත් කිරිමට ජ්‍යාතන්තර ප්‍රජාව සමග එකතු වීම.

b. පරමාදර්ශ වාදයන්ගේ යුද්ධය ජය ගැනීම.

5) ඇ.එ.ජ පුරවැසියන් සහ අබිලාෂ රට තුළ හා පිටස්තරව ආරක්ෂා කිරිම.

1. ස්වදේශිය ආරක්ෂාව සදහා මව්බිමේ උපක්‍රමය ක්‍රියාත්මක කිරිම.

2. පාලන ප්‍රදේශයක් පිළිබද දැනුම ලබා ගැනීම.

3. මව්බිම තුළ හා ඉන් පිටත තීරණාත්මක භෞතික හා තොරතුරැ මත පදනම් වු යටිතල පහසුකම් වල ඒකාබද්ධතාව, විශ්වාසය තැබිය හැකි බව සහ පවතින බව තහවුරැ කිරිමට පියවර ගැනීම

4. රටින් පිටත සිටින ඇමරිකානු පුරවැසියන් ආරක්ෂා කිරිමට පියවර ගැනීම.

5. ඒකාබද්ධ ගැටුම් කළමණාකරණ හැකියාවක් පවතින බව සහතික කිරිම.

References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/War_on_terror#British_objections_to_the_phrase_.22war_on_terrori